බිය උපදවන හෙළිදරව්වක්: අවිධිමත් ප්‍රතිජීවක භාවිතය නිසා ප්‍රතිජීවක ප්‍රතිචාර නොදැක්වීමෙන් දැඩිසත්කාර ඒකකවල රෝගීන් මිය යන බව අනාවරණය වේ!
රෝගීන්ට අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ බහුලව සිදුවන්නක් බැවින්, එය නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වසර ගණනාවක් පුරා උත්සාහ කළද මේ දක්වා එය සාර්ථක වී නොමැති බව වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු අවධාරණය කරයි.
LSN Sri Lanka ·

ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) අවිධිමත් ලෙස භාවිත කිරීම හේතුවෙන් එම ඖෂධවලට ප්‍රතිචාර නොදැක්වීම නිසා නියුමෝනියාව වැළඳී දැඩිසත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබන රෝගීන් මරණයට පත්වීමේ බරපතළ තත්ත්වයක් උද්ගතව ඇති බවට බිය උපදවන හෙළිදරව්වක් සිදු වී තිබේ.

ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු විසින් මෙම බරපතළ අනාවරණය සිදු කර ඇති අතර, දැඩිසත්කාර ඒකකවල සිදුවන මෙම මරණවලට ප්‍රධානතම හේතුව ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ නිසි ලෙස ක්‍රියා නොකිරීම බව ඔහු පෙන්වා දෙයි.

දීර්ඝ කාලයක් පුරා අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම සහ ඖෂධවල පවතින ගැටලු හේතුවෙන්, එම ඖෂධවලට ශරීරය ප්‍රතිරෝධයක් දැක්වීම (Antibiotic Resistance) වර්ධනය වී තිබේ. මේ නිසා සාමාන්‍ය බැක්ටීරියා ආසාදන රෝග පවා සුව කර ගැනීම අද වන විට ඉතා අපහසු කාර්යයක් බවට පත්ව ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරයි.

වෛද්‍ය උපදෙස්වලින් තොරව ජනතාව සිදු කරන අවිධිමත් ඖෂධ භාවිතය පිළිබඳව කරුණු දක්වමින් වෛද්‍ය ෆර්ඩිනැන්ඩු සඳහන් කළේ, දින 5ක් සඳහා ලබා ගත යුතු ඇතැම් ප්‍රතිජීවක ඖෂධ දින ගණනාවක් නිවෙස්වල රඳවා ගනිමින් භාවිත කරන අවස්ථා බහුල බවයි. එමෙන්ම කුඩා දරුවන්ගේ සෙම සඳහා ලබා දෙන, සකස් කර භාවිතයට ගන්නා ඖෂධීය පැණි වර්ග (Syrups) මව්වරුන් විසින් හිතුමතේට නැවත නැවත භාවිත කිරීම ද ඉතා භයානක තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.

ආර්ථික අතින් දියුණු යැයි සම්මත රටවල ප්‍රතිජීවක ඖෂධයක් ලබා ගැනීම ඉතා දැඩි නීතිරීති යටතේ සිදුවන අසීරු කටයුත්තක් වුවද, අප රට තුළ ඕනෑම අයෙකුට එය ඉතා පහසුවෙන් ලබා ගත හැකි තත්ත්වයකට පත්ව තිබේ.

මීට අමතරව, දිවයින පුරා සිටින සුදුසුකම් ලත් වෛද්‍යවරුන් නොවන 40,000ක පමණ පිරිසකගෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඔවුන් විසින් අනිවාර්යයෙන්ම ප්‍රතිජීවක ඖෂධ නිකුත් කරන බවත්, ඇතැම් අවස්ථාවලදී ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් වෙත යන රෝගීන් පවා බලහත්කාරයෙන් මෙන් ප්‍රතිජීවක ඖෂධ ඉල්ලා සිටීමට පෙළඹී ඇති බවත් වෛද්‍යවරයා හෙළි කළේය.

රෝගීන්ට අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ බහුලව සිදුවන්නක් බැවින්, එය නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වසර ගණනාවක් පුරා උත්සාහ කළද මේ දක්වා එය සාර්ථක වී නොමැති බව වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.