රොටුඹ අමිල ලංකාවට රැගෙන එයි!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් රුසියාවේදී භාරගෙන මෙරටට රැගෙන ආ මෙම සැකකරු, ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත.
LSN Sri Lanka ·

රුසියාවේ සැඟව සිටි ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 44 හැවිරිදි සේපාල රත්නායක අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල’ අද (2026 නොවැම්බර් 20 වන සිකුරාදා) උදෑසන රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් රුසියාවේදී භාරගෙන මෙරටට රැගෙන ආ මෙම සැකකරු, ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත.

දැනට ක්‍රියාත්මක වන ‘රටම එකට ජාතික මෙහෙයුම යටතේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාල මර්දනය කිරීම සඳහා රජය සහ ආරක්ෂක අංශ ගෙන යන දැඩි ක්‍රියාමාර්ගවල තවත් තීරණාත්මක ජයග්‍රහණයක් ලෙස මෙම රැගෙන ඒම සැලකේ.

44 හැවිරිදි වියේ පසුවන සේපාල රත්නායක අමිල සම්පත් හෙවත් අමිල සේපාල රත්නායක හෙවත්, රොටුඹ අමිල’ මාතර දිස්ත්‍රික්කයේ ඌරුබොක්ක, රොටුඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
‘මාකඳුරේ මදුෂ්’, ‘අංගොඩ ලොක්කා’, ‘කංජිපානි ඉම්රාන්’, ‘හරක් කටා’ සහ ‘මිදිගම ලසා’ වැනි මෙරට පාතාලයේ ප්‍රබල චරිත සමඟ සමීප සබඳතා පවත්වමින් අපරාධ ලෝකයට තුල හැසිරෙන ඔහු මුලින්ම ප්‍රභල ලෙස හෙළිදරවු වන්නේ 2019 මාකඳුරේ මධුෂ් අත් අඩංගුවට පත්වන ඩුබායි පාටියේ දී ය.

එහිදී මධුෂ් සමග අත් අඩංගුවට පත්වන කල්ලියේ රොටුඹ අමිලත් සිටින්නේය. පසුව ලංකාවට රැගෙන එන රොටුඹ අමිල ඇප මත නිදහස් වූ පසු කංජිපානි ඉම්රාන්ලා සමග මුහුදු මාර්ගයෙන් රටින් පැන යන්නේය.

ඔහු ගැන ඉන් පසුව වාර්තාවන්නේ බෙලරූස්වලදීය. කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී සමග රොටුඹ අමිලත් අත් අඩංගුවට පත් වූ නමුත් කංජිපානි ඉම්රාන් සහ රොටුඹ අමිල පැන ගන්නේය. ඔහු නැවත අත් අඩංගුවට පත් වන්නේ රුසියාවේදි ය. ඒ 2025 වසරේදී මාර්තුමස දී ය. 2025 මාර්තු මාසයේදී රුසියානු ආරක්ෂක අංශ මඟින් ‘රොටුඹ අමිල’ අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය ජාත්‍යන්තර පොලීසිය හරහා එම මාසය අගදී ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම් දී තිබිණි. නමුත් අත් අඩංගුවට පත් වීම සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීම සහ ව්‍යාජ වීසා භාවිතය සම්බන්ධ ආගමන නීති නඩුව හේතුවෙන් උදර්පන නීතිය මත ඔහුව පිටුවහල් කිරීම ප්‍රමාද විය. අත් අඩංගුවේ සිටිනා වකවානුවේ දී ඔහු රුසියානු හමුදාවට බැඳී රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමට කළ උත්සාහයක් ගැන ද අනාවරණය වී තිබිණි.

පසුව සිදුකළ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස අමිල ලංකාවට රැගෙන විත් ඇත. 2016 අප්‍රේල් 29 දින මුල්ලේරියාව ප්‍රදේශයේදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳවත්, 2018 ඔක්තෝබර් 27 මාතර රොටුඹ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී ව්‍යාපාරික නාලක පුෂ්ප කුමාර සහ ඔහුගේ සහායක ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන දෙදෙනාට ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳවත්, ඔහුට එරෙහිව චෝදනා තිබේ. එමෙන්ම ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධව ද ඔහුට චෝදනා තිබේ.