ශ්වසන රෝගීන්ට සහ කුඩා දරුවන්ට විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්!
ගුණාත්මකභාවයෙන් අඩු වායුවේ පවතින කුඩා මයික්‍රෝ අංශු සෘජුවම පෙනහලු කරා ගමන් කරන බැවින්, ඇදුම සහ හතිය වැනි රෝග තත්ත්වයන් පවතින පුද්ගලයින්ගේ රෝග ලක්ෂණ තවදුරටත් උත්සන්න වීමට එය සෘජු හේතුවක් විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.
LSN Sri Lanka ·

මේ දිනවල වායුගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට ඉතා අහිතකර මට්ටමක පවතින බැවින් ශ්වසන රෝගීන්, නිදන්ගත රෝගීන්, කුඩා දරුවන් සහ වයස්ගත පුද්ගලයින් ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරී විය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
</p>
<p>
ගුණාත්මකභාවයෙන් අඩු වායුවේ පවතින කුඩා මයික්‍රෝ අංශු සෘජුවම පෙනහලු කරා ගමන් කරන බැවින්, ඇදුම සහ හතිය වැනි රෝග තත්ත්වයන් පවතින පුද්ගලයින්ගේ රෝග ලක්ෂණ තවදුරටත් උත්සන්න වීමට එය සෘජු හේතුවක් විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.
</p>
<p>
එබැවින් වායුවේ ගුණාත්මකභාවය ඉතා පහළ මට්ටමක් පෙන්නුම් කරන ප්‍රදේශවල එළිමහනේ ගැවසීම හැකිතාක් අවම කිරීමට පියවර ගන්නා ලෙසත්, අත්‍යවශ්‍ය කරුණක් සඳහා එළිමහනට යන්නේ නම් ආරක්ෂිත මුව ආවරණයක් පැළඳීමට අමතක නොකරන ලෙසත් ශ්වසන රෝග අවදානමක් පවතින පුද්ගලයින්ට විශේෂඥ වෛද්‍යවරයා දැනුම් දී සිටියි.
</p>
<p>
එමෙන්ම, යම් ශ්වසන රෝගයකට දැනටමත් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයින් සිටී නම් එම ඖෂධ සහ ප්‍රතිකාර නියමිත පරිදි නිවැරදිව ලබා ගැනීමට වගබලා ගන්නා ලෙසත්, රෝග තත්ත්වයේ යම් වැඩිවීමක් හෝ වෙනසක් පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් චන්න ද සිල්වා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.