මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් – නාරාහේන්පිට කාර්යාල සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක වේ!
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද නිවේදනය කර ඇත්තේ, නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සේවා හෙට (නොවැම්බර් 23) සිට සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවය. දැනටමත් වෙන්කර ගෙන ඇති වේලාවන් සඳහා ද කිසිදු බලපෑමක් නොමැති බව දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.
LSN Sri Lanka ·

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (නොවැම්බර් 21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් දෙපාර්තමේන්තුවේ වේලාවක් වෙන්කරගැනීමේ පද්ධතියට (Appointment System) කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක ප්‍රකාශ කළේය.

ඒ අනුව, මහජනතාවට https://dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය හරහා හෝ දුරකථන අංක 0112 117 116 ඇමතීමෙන් වේලාවන් වෙන්කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද නිවේදනය කර ඇත්තේ, නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සේවා හෙට (නොවැම්බර් 23) සිට සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවය. දැනටමත් වෙන්කර ගෙන ඇති වේලාවන් සඳහා ද කිසිදු බලපෑමක් නොමැති බව දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.

නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් මෙසේ කරන්න

නොවැම්බර් 23 වැනිදා සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සියලුම මහජන සේවා පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය යටතේ පමණක් ලබා දෙන බව මීට පෙර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබිණි.

එම නිසා කාර්යාලයට පැමිණෙනවානම්, කලින් වේලාවක් වෙන්කර ගෙන පැමිණෙන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

වේලාවක් වෙන්කර ගැනීමට:

- ඔන්ලයින්: [https://dmtappointments.dmt.gov.lk](https://dmtappointments.dmt.gov.lk)

- දුරකථන: 0112 117 116

දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සේවා ලාභීන්ගේ පහසුව වෙනුවෙන් දෛනික වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කර ඇති බවය.

අනවශ්‍ය ලෙස උදෑසන සිට පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ද මහජනතාවට දැනුම් දී ඇත.