LSN News › Sri Lanka

අයවැය අංකවලින් වියූ සීතම්බර සළු පොරවා ගැනීමට වෛද්‍යවරුන් සූදානම් නැහැ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!

, අයවැය තුන්වන වර කියවීම දක්වා වූ කාලය තුළ වෛද්‍යවරුන්ට හිමිවිය යුතු අයිතීන් ලබා ගැනීම සඳහා රජයට බලකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බව සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.

LSN Sri Lanka · 22 November 2026

අයවැය අංකවලින් වියූ සීතම්බර සළු පොරවා ගැනීමට වෛද්‍යවරුන් සූදානම් නැහැ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!

මෙවර අය - වැය අංකවලින් වියන ලද සීතම්බර සළුපටක් බවත් එම සීතාම්බර සළුපට පොරවා ගැනීමට මෙරට වෛද්‍යවරුන් කිසිසේත් සූදානම් නොමැති බැවින් එය පොරවා ගැනීමට සිදුවන්නේ සළුව වියූ අයටම බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

දිවයින පුරා පිහිටි සියලුම රෝහල්වල වෛද්‍යවරුන් හෙට (23) දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා වන කාලය තුළ සියලුම ශාඛා සමිති හදිසි රැස්වීම් පැවැත්වීමට තීරණය කර තිබේ. එහිදී, අයවැය තුළින් වෛද්‍යවරුන්ට ලබා දිය යුතු අයිතීන් දිනා ගැනීම සඳහා රජයට කළ හැකි බලපෑම් කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර, එම තීරණ ලබන 27 වැනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර ඉදිරියේදී ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගය තීරණය කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය කේ.බී. වරකාගොඩ සඳහන් කරයි.

හෙට දිනයේදී දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ සියලුම රෝහල්වල හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර කටයුතු පමණක් සිදු කෙරෙන බැවින්, අනෙකුත් රෝගීන්ට සිදුවන අපහසුතාවන්ට රජය සෘජුවම වගකිව යුතු බවද ලේකම්වරයා පෙන්වා දෙයි. වෛද්‍යවරුන් මේ සිදුකරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වූ අනාගත ආයෝජනයක් බවත්, රජය එය නිසි ලෙස තේරුම් ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

අයවැය මගින් වෛද්‍යවරුන්ට හිමිවිය යුතු දීමනාවන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාට ලිපි හතරක්ද, අග්‍රාමාත්‍යවරියට ලිපි දෙකක්ද, සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිපි තුනක්ද යොමු කළ නමුත් ඉන් එක් ලිපියකට හෝ මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි ලබන මාසය වන විට උද්ධමන අනුපාතිකය සියයට 9 දක්වා ඉහළ යා හැකි බවත්, ඊට සාපේක්ෂව මෙවර අයවැය තුළ වෛද්‍යවරුන්ට ආර්ථික සාධාරණය ඉටු වී නොමැති බවත් ලේකම්වරයා අවධාරණය කරයි.

ඒ අනුව, අයවැය තුන්වන වර කියවීම දක්වා වූ කාලය තුළ වෛද්‍යවරුන්ට හිමිවිය යුතු අයිතීන් ලබා ගැනීම සඳහා රජයට බලකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බව සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.