LSN News › Sri Lanka

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලෙස පෙන්වීමට කහ සිලින්ඩර නිල් පැහැ ගැන්වූ පිය-පුතු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්!

අලුතින් තීන්ත ආලේප කරන ලද මෙම ගෑස් සිලින්ඩර පැරණි සහ මීට පෙර භාවිත කළ සිලින්ඩර බවට පෙන්වීම සඳහා සැකකරුවන් විසින් සූක්ෂ්ම උපක්‍රමයක් භාවිත කර ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

LSN Sri Lanka · 22 November 2026

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලෙස පෙන්වීමට කහ සිලින්ඩර නිල් පැහැ ගැන්වූ පිය-පුතු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්!

හිස් කහ පැහැති ගෑස් සිලින්ඩර නිල් පැහැයෙන් වර්ණ ගන්වා, ඒවා ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලෙස පෙන්වීමේ ජාවාරමක නිරත වූ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් පියෙකු සහ පුතෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු දෙසැම්බර් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

</p>

<p>

කොටදෙණියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුන් දෙසැම්බර් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

</p>

<p>

අලුතින් තීන්ත ආලේප කරන ලද මෙම ගෑස් සිලින්ඩර පැරණි සහ මීට පෙර භාවිත කළ සිලින්ඩර බවට පෙන්වීම සඳහා සැකකරුවන් විසින් සූක්ෂ්ම උපක්‍රමයක් භාවිත කර ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

</p>

<p>

ඒ අනුව, අදාළ සිලින්ඩර මුළුතැන්ගෙයි ආහාර පිසීම සඳහා භාවිත කළ ස්වරූපයක් පෙන්වීම පිණිස ආප්ප මිශ්‍රණයේ ඉතිරි කොටස් සහ මිරිස් හොදි ඇතුළු ඉඳුල් සහ ආහාර අපද්‍රව්‍ය සිලින්ඩර මත තවරා තිබූ බව වාර්තා වේ.

</p>

<p>

සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. ( news wire)