LSN News › Sri Lanka

කොළඹ මුතුවැල්ල මුහුදු තීරයේ ඩීසල් කාන්දුව: වෙරළාරක්ෂක බලකායෙන් දැවැන්ත පාලන මෙහෙයුමක්!

මෙම සිද්ධිය කොළඹ වරාය ආශ්‍රිත ප්‍රදේශයක සිදුවූ හෙයින් ධීවර වරායේ කටයුතු සහ මුහුදු පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම ප්‍රමුඛතාවයක් ලෙස සැලකෙන බව බලධාරීන් පෙන්වා දෙයි. තවදුරටත් පැතිරීම වැළැක්වීම සහ සම්පූර්ණ පවිත්‍ර කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බව වාර්තා වේ.

LSN Sri Lanka · 22 November 2026

කොළඹ මුතුවැල්ල මුහුදු තීරයේ ඩීසල් කාන්දුව: වෙරළාරක්ෂක බලකායෙන් දැවැන්ත පාලන මෙහෙයුමක්!

කොළඹ වරායට අයත් ජය බහලුම් පර්යන්තයේ (JCT) බ්ලුමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ සිදුවූ හදිසි ඩීසල් කාන්දුවක් මුතුවැල්ල ධීවර වරාය ආසන්න මුහුදු තීරයට එක්වීම වැළැක්වීම සහ තත්ත්වය කඩිනමින් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් විසිරුම් කළමනාකරණ කණ්ඩායම් (Oil Spill Response Management Teams) ඊයේ (21) සිට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

කාන්දුවට හේතු වූයේ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි ගබඩා ටැංකියකට සම්බන්ධ නළ මාර්ගයක හදිසි බිඳවැටීමක් බව අනාවරණය වී ඇත. එමගින් කාන්දු වූ ඩීසල් තෙල් ප්‍රදේශයේ ප්‍රධාන ජලාපවහන ඇළ මාර්ගය ඔස්සේ ගලා ගොස් මුතුවැල්ල ධීවර වරාය ආසන්නයෙන් මුහුදු තීරයට එක්වීමට පටන් ගත්තේය.

සිද්ධිය මුල් අවස්ථාවේදී ප්‍රදේශවාසීන් බාල්දි හා බූලි රැගෙන කාන්දු වූ ඩීසල් එක්රැස් කරන දර්ශන ද දක්නට ලැබිණි. මේ හේතුවෙන් අවට මුහුදු පරිසරයට මෙන්ම ධීවර කටයුතුවලට ද එල්ල විය හැකි තර්ජනය සැලකිල්ලට ගනිමින් බලධාරීන් වහාම ක්‍රියාත්මක විය.

තෙල් පාලන බාධක (Fence Boom) යෙදවීම

සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් විසිරුම් කළමනාකරණ කණ්ඩායම ක්‍රියාත්මක විය. ඩීසල් තෙල් මුහුදට තවදුරටත් පැතිර යාම වැළැක්වීම සඳහා අදාළ ඇළ මාර්ගය මුහුදට විවෘත වන ස්ථානයේ විශේෂ තෙල් පාලන බාධකයක් (Fence Boom) ස්ථාපිත කරන ලදී. එමඟින් තෙල් තට්ටුව එකම ස්ථානයකට කොටු කර ගැනීමට හැකි වී ඇත.

මේ වන විට වෙරළ තීරයට සහ ජලයට ගලාවිත් තිබූ ඩීසල් ඉවත් කිරීමේ විශේෂ පවිත්‍රතා මෙහෙයුම් ද ආරම්භ කර ඇත. කාන්දු වූ තෙල් සම්පූර්ණයෙන්ම ඉවත් කර සාගර පරිසරයට සිදුවන හානිය අවම කරමින් තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා වෙරළාරක්ෂක නිලධාරීන් අඛණ්ඩව සහ දැඩි කැපවීමෙන් යුතුව මෙහෙයුම්වල නිරතව සිටිති.