කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවේ දී තාවකාලිකව වසා දැමේ
ආපදා අවදානම අවම කිරීම සඳහා මෙම මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
LSN Sri Lanka ·
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ 99+300 කිලෝමීටර් කණුව ආසන්නයේ පිහිටි අනතුරුදායක ගල් පර්වතයක් කඩා ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගය අද (23) පස්වරු 11.00 සිට හෙට (24) පෙරවරු 6.00 දක්වා තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ආපදා අවදානම අවම කිරීම සඳහා මෙම මාර්ගය තාවකාලිකව වසා තැබෙන බැවින් අදාළ කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.