සයිබර් ප්‍රහාරයට ලක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය දශකයකින්වත් යාවත්කාලීන කර නැතැයි හෙළිවේ !
මේ වන විට සයිබර් ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවියේ ප්‍රවේශය යළි ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂණ අංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) මගින් මෙම ප්‍රහාරයට සම්බන්ධ අංශ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.
LSN Sri Lanka ·

පෙරේදා (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක් වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වසර දහයක කාලයකින් කිසිදු යාවත්කාලීන කිරීමකට ලක් කර නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක අනාවරණය කළේය.

මෙලෙස වසර ගණනාවක් පුරා යාවත්කාලීන නොකර පවත්වාගෙන යන රජයේ සෙසු වෙබ් අඩවි සම්බන්ධයෙන් ද මේ වන විට තොරතුරු රැස් කරමින් සිටින බව සුමුදු රත්නායක පැවසීය.

අදාළ සයිබර් ප්‍රහාරය හේතුවෙන් වෙබ් පිටුවේ තිබූ තොරතුරු සියල්ල යල් පැන ගිය ඒවා වූ අතර, එම වෙබ් අඩවිය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කිසිදු රාජකාරි තොරතුරක් හෝ මෙරට පුරවැසියන්ගේ සංවේදී පෞද්ගලික දත්ත කිසිවක් අඩංගු වී නොතිබූ බව ඔහු සඳහන් කළේය.

මූලික වශයෙන් එම වෙබ් අඩවිය භාවිත කර ඇත්තේ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන සේවාවන් පිළිබඳ විස්තර සහ වාහන ලියාපදිංචි කිරීම හා වාහන පැවරීම වැනි කටයුතු සඳහා අවශ්‍ය වන ආකෘති පත්‍ර (Forms) බාගත කර ගැනීමේ පහසුකම සැලසීම සඳහා පමණක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ඕනෑම ස්ථානයකින් ලබා ගත හැකි එම අයදුම්පත්‍ර කිහිපය පමණක් ප්‍රහාරකයන් විසින් වෙනස් කර ඇති බවත්, කිසිදු සංවේදී දත්තයකට ඉන් හානියක් සිදුව නොමැති බවත් උපදේශකවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ඉතා ඉක්මනින් සියලුම ආරක්ෂක ක්‍රමවේද භාවිත කරමින් නව වෙබ් පිටුවක් හරහා මෙම සේවාවන් යළි හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව සුමුදු රත්නායක ප්‍රකාශ කළේය.

මේ වන විට සයිබර් ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවියේ ප්‍රවේශය යළි ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂණ අංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) මගින් මෙම ප්‍රහාරයට සම්බන්ධ අංශ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර, නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සිදු කෙරෙන මහජන සේවාවන් සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමේ කටයුතුවලට මෙම සිදුවීමෙන් කිසිදු බාධාවක් එල්ල වී නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ උපදේශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව මහජනතාවට dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස සේවාවන් සඳහා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමට හැකියාව පවතී.