LSN News › Sri Lanka

පහළ කඩුගන්නාවෙන් වසා දැමූ නුවර පාර යළි විවෘත වෙයි!

නියමිත කාලය අවසන් වූ පසු මාර්ගය විවෘත කර ඇති අතර, දැන් වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු වේ. මෙම කොටස මීට පෙර ද වර්ෂාව හේතුවෙන් ගල් සහ පස් කඩා වැටීම් නිසා තාවකාලිකව වසා දැමීමට සිදු වී තිබේ.

LSN Sri Lanka · 24 November 2026

පහළ කඩුගන්නාවෙන් වසා දැමූ  නුවර පාර යළි විවෘත වෙයි!

නඩත්තු කටයුතු සහ අවදානම් සහිත ගල් ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් ඊයේ (23) රාත්‍රී 11 සිට අද (24) උදෑසන 6 දක්වා වසා තැබීමට තීරණය කර තිබූ කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද උදෑසන සිට නැවත විවෘත කර ඇත.

</p>

<p>

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) නිවේදනය කර ඇත්තේ, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට කඩා වැටීමේ අවදානමක් පවතින ගල් ආරක්ෂිතව ඉවත් කිරීම සහ ඒ සම්බන්ධ නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා මෙම තාවකාලික වසා දැමීම අවශ්‍ය වූ බවය. එම තීරණය මහජන ආරක්ෂාව සැලකිල්ලට ගෙන ගෙන ඇති අතර, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබිණි.

</p>

<p>

නියමිත කාලය අවසන් වූ පසු මාර්ගය විවෘත කර ඇති අතර, දැන් වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු වේ. මෙම කොටස මීට පෙර ද වර්ෂාව හේතුවෙන් ගල් සහ පස් කඩා වැටීම් නිසා තාවකාලිකව වසා දැමීමට සිදු වී තිබේ.

</p>

<p>

රියදුරන්ට නිර්දේශ කෙරෙන්නේ මාර්ගය භාවිතා කරන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කරන ආරක්ෂිත උපදෙස් පිළිපැදීමයි.