LSN News › Sri Lanka

අය - වැයට බලපෑම් කරමින් රාජ්‍ය සේවය උණුසුම් කරන වෘත්තීය සමිති උද්ඝෝෂණයට හෙට සරසවි පද්ධතියත් එක් වූ පසු!

තමන්ට හිමිව තිබූ වරප්‍රසාද කප්පාදු කිරීමට එරෙහිව හඬ නැගීම සහ වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස ඉල්ලීම සේවක අයිතිවාසිකම් අතින් සාධාරණය. එමෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට බලධාරීන් එළඹුමක් නැති විම තත්ත්වය දේශපාලනික ගිනිමැලයක් ලෙස ඇවලවීමට හැකි වි තිබේ.

LSN Sri Lanka · 24 November 2026

අය - වැයට බලපෑම් කරමින්  රාජ්‍ය සේවය උණුසුම් කරන වෘත්තීය සමිති උද්ඝෝෂණයට හෙට සරසවි පද්ධතියත් එක් වූ පසු!

රජය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC) සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළ කරමින් නොවැම්බර් 25 වැනිදා එක්දින සංකේත වැඩවර්ජනයක් සහ දෙසැම්බර් 1 හා 2 යන දෙදින තුළ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.

2027 අයවැය යෝජනාවලට එරෙහිව ගුරු, විදුහල්පති සහ සෞඛ්‍ය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි ආරම්භ වී ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට සරසවි පද්ධතියේ අනධ්‍යන අංශත් දැන් එකතු වී ඇත.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ප්‍රධාන ඉල්ලීම්

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව නොවැම්බර් 16 දිනැති ලිපියක් මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත දැනුම් දී ඇත්තේ, පෙර ලිපි මගින් ඉදිරිපත් කළ ගැටලුවලට රජය හෝ අදාළ බලධාරීන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත්, නිල සාකච්ඡාවක් පවා ලබා දී නොමැති බවත්ය. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කමිටුව ඒකමතිකව තීරණය කර ඇත. මෙමගින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරන කමිටුව, ගැටලු විසඳීමේ සම්පූර්ණ වගකීම බලධාරීන් වෙත පැවරෙන බව අවධාරණය කරයි.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ප්‍රමුඛ වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ 2025 අයවැය යටතේ කපා හැරි වැටුප්, අතිකාල ගෙවීම් සහ අනෙකුත් දීමනා නැවත ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කමිටුවේ සම සභාපති මංගල දබරේරා පැවසුවේ මෙවැන්නකි:

“අපි කිසිම අවස්ථාවක අලුතින් වැටුප් වැඩි කිරීමක් ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ 2025 අයවැයෙන් කපා හැරි අපේ වැටුප්, දීමනා සහ අතිකාල ගෙවීම් නැවත ලබා දෙන ලෙසයි. මේ රජය වැඩවර්ජන හෝ වෙනත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූ කිසිදු වෘත්තීය සමිති කණ්ඩායමක් සමඟ සාකච්ඡා කර නැහැ.”

එමෙන්ම, නොවැම්බර් 23 වැනිදා මාධ්‍ය වෙත අදහස් දැක්වූ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත සඳහන් කළේ, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ආවරණය වන පරිදි නොවැම්බර් 25 වැනිදා එක්දින වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බවත්, දෙසැම්බර් 1 හා 2 යන දිනවල දැවැන්ත උද්ඝෝෂණයක් සමඟ සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්ය.

අරගලයේ පසුබිම සහ පෙර ක්‍රියාමාර්ග

මෙම අරගලයට පෙරාතුව, පසුගිය නොවැම්බර් 18 වැනිදා ද රුහුණු විශ්වවිද්‍යාලය හැර දිවයිනේ සෙසු සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ එක්දින සංකේත වැඩවර්ජනයක සහ විරෝධතාවල නිරත වූහ. එදින කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවති විරෝධතා හේතුවෙන් විශ්වවිද්‍යාල පරිපාලන, රසායනාගාර සහ නඩත්තු කටයුතු මුළුමනින්ම අඩාල විය.

2016 වැටුප් සංශෝධනයේදී සෙසු රාජ්‍ය සේවයේ වැටුප් 107% කින් ඉහළ යද්දී විශ්වවිද්‍යාල අංශයේ වැටුප් ඉහළ ගියේ 92% කින් පමණක් වීම නිසා ඇති වූ දිගුකාලීන වැටුප් විෂමතා, උග්‍ර කාර්ය මණ්ඩල හිඟය සහ දීමනා කප්පාදුව මෙම අරගලයේ මූලික පදනම වී තිබේ.

සමස්ත රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාව (නොවැම්බර් 23 – 30)

විශ්වවිද්‍යාල පද්ධතියට අමතරව, 2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවයේ සෙසු ක්ෂේත්‍ර ගණනාවක් ද ඉදිරි දින කිහිපය තුළ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සූදානම් වේ.

• නොවැම්බර් 23 (ජාතික විරෝධතා දිනය): සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, සෞඛ්‍ය සේවකයින්, තාක්ෂණ නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ගුරු හා විදුහල්පතිවරුන් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් දිවයින පුරා කළු ඇඳුමින් සැරසී කෑම පැයේ විරෝධතා පැවැත්වූහ. සියලු රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබා දීම සහ වැටුප් විෂමතා විසඳීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම විය.

• නොවැම්බර් 30 (ගුරු-විදුහල්පති අසනීප නිවාඩු ව්‍යාපාරය): 2027 අයවැයෙන් ගුරු-විදුහල්පති වැටුප් ගැටලු නොසලකා හැරීමට එරෙහිව නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා අසනීප නිවාඩු වාර්තා කිරීමේ එක්දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය. දිවයිනේ පාසල් 10,000කට අධික සංඛ්‍යාවක ගුරුවරුන් 250,000කට ආසන්න පිරිසක් මීට එක්වීමට නියමිත අතර, එදින පාසල් පද්ධතියේ කටයුතු අඩාල වීමේ අවදානමක් පවතී.

• නොවැම්බර් 30 (සෞඛ්‍ය සේවා වැඩවර්ජනය): සෞඛ්‍ය අංශයේ සහායක සේවක වෘත්තීය සමිති ද නොවැම්බර් 30 වැනිදා එක්දින වැඩවර්ජනයක් පැවැත්වීමට එකඟතාව පළ කර ඇත.

රජයේ ස්ථාවරය සහ බලපෑම

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනේ කොන්දේසි සහ දැඩි මූල්‍ය නීති හේතුවෙන් 2027 වසර තුළ නව දීමනා හෝ අතිරේක වැටුප් ගෙවීම් ලබා දීමට හැකියාවක් නොමැති බවය. කෙසේ වෙතත්, වැටුප් කොමිසමේ සමාලෝචනයකින් පසු 2028 වසරේ සිට සමස්ත රාජ්‍ය සේවයටම බලපාන පරිදි ඒකාකාරී දීමනා ක්‍රමයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව රජය සඳහන් කරයි.

රජය මෙම ගැටලුවලට සාකච්ඡා මගින් කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී අධ්‍යාපන, සෞඛ්‍ය සහ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයන්හි බරපතල බිඳවැටීමක් සිදුවිය හැකි බවට වෘත්තීය සමිති අනතුරු අඟවයි.

වෘත්තීය සමිති පාර්ශ්වයේ ඉල්ලීම

මේ විසංවාදය ගොඩනැගි ඇත්තේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු ස්ථාවරත්වය කරා පියමනිමින් සිටින තීරණාත්මක සංක්‍රාන්ති සමයකය.

පසුගිය වසර කිහිපය තුළ පැවති අධික උද්ධමනය, වක්‍ර බදු ඉහළ යාම සහ ජීවන වියදම දෙගුණ තෙගුණ වීම හමුවේ රාජ්‍ය සේවකයින්ගේ මූර්ත වැටුප (Real Wage) බරපතල ලෙස කඩා වැටී ඇති බව නොරහසකි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ඉල්ලා සිටින්නේ අලුත් වැටුප් වැඩිවීමක් නොව, 2025 අයවැයෙන් කපා හැරි තමන්ට හිමිව තිබූ දීමනා සහ අතිකාල ගෙවීම් නැවත ලබා දෙන ලෙසය.

තමන්ට හිමිව තිබූ වරප්‍රසාද කප්පාදු කිරීමට එරෙහිව හඬ නැගීම සහ වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස ඉල්ලීම සේවක අයිතිවාසිකම් අතින් සාධාරණය. එමෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට බලධාරීන් එළඹුමක් නැති විම තත්ත්වය දේශපාලනික ගිනිමැලයක් ලෙස ඇවලවීමට හැකි වි තිබේ.

රජය ඉදිරිපත් කරන විසඳුම් යාන්ත්‍රණය සහ මූල්‍ය සීමාවන්

වෘත්තීය සමිති චෝදනා කරන පරිදි රජය අත්තනෝමතික නිහඬතාවයක පසුවන්නේද යන්න පිළිබඳව පැහැදිලි කරමින් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පාර්ලිමේන්තුවේදී තහවුරු කළේ, වෘත්තීය සමිතිවල උද්ඝෝෂණ අයිතිය රජය පිළිගන්නා බවය. එමෙන්ම ලබන වසරේ ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් ද සිදු කරන බවය.

පවතින වැටුප් විෂමතා මේ රජය ඇති කළ දෙයක් නොවේ. එය රාජ්‍ය සේවයේ පවතින දීර්ඝ කාලීන අර්බුදයකි. අවිධිමත් තැනකට සමානව වැටුප් වැඩි කිරිමත් අසමානතාවය වර්ධනය කිරීමක් බව ප්‍රකාශ කළ ලාල් කාන්ත ඇමතිවරයා එය විසඳිය හැක්කේ අවිධිමත් දීමනා ලබා දීමෙන් නොව, විධිමත් වැටුප් කොමිසමක් හරහා පමණක් බව පෙන්වා දුන්නේය.

ඒ සඳහා සියලුම වෘත්තීය සමිතිවලට සිය යෝජනා ඉදිරිපත් කිරීමට දෙසැම්බර් 31 දක්වා නිල අවස්ථාව ලබා දී ඇති අතර, එම කොමිසමේ අවසන් වාර්තාව ජූනි මාසය අවසන් වීමට පෙර රජයට භාර දීම අනිවාර්ය කර තිබේ. මෙවැනි පැහැදිලි කාලරාමුවක් සහ විසඳුම් යාන්ත්‍රණයක් ප්‍රකාශයට පත් කර තිබියදීත්, එය නොසලකා වැඩවර්ජන රැල්ලක් දියත් කිරීම පිළිබඳව රජය පාර්ශවයෙන් ප්‍රශ්න කරමින් ඇත.

ප්‍රාග්ධන වියදම ඉක්මවන වැය බර සහ සමස්ත පුරවැසියාගේ අයිතිය:

තේරුම් ගත යුතු වැදගත්ම කාරණය මෙයය.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයම රාජ්‍ය සේවකයින් නොවේ. රාජ්‍ය සේවයේ ප්‍රතිශතයය සියයට 14- 15ත් අතර ප්‍රමාණයකි. පුද්ගලික අංශයේ සේව්‍ය ප්‍රතිශතය සියයට 43-45 අතර ප්‍රතිශතයකි. ස්වයං රැකියා කරමින් ජීවිතය සරි කරගන්නා පිරිස සියයට 32-34 ප්‍රතිශතයක් වෙති.

• මේ සියයට 15ක උපරිමයක් වූ රාජ්‍ය සේවකය ඛාණ්ඩය වැඩි වශයෙන් නඩත්තු වන්නේ රාජ්‍ය සේවකයින් නොවන බහුතර පොදු මහජනතාවගේ බදු මුදලිනි.

• මේ සියයට 15 නඩත්තු කිරීමට රාජ්‍ය නිලධාරී වැටුප් සදහා පමණක් රුපියල් බිලියන 1410ක් වැය වන්නේය. මේ ඉල්ලන 25000 දීමනාව වැඩි කරනවා නම් බදු මුදලින් තවත් රුපියල් බිලියන 300ක් වෙන් කළ යුතුය. එනම් බිලියන 1710ක් මේ සියයට 15ක් වූ රාජ්‍ය සේවකයින්ගේ පඩි වෙනුවෙන් වෙන් කළ යුතුය. එම ඉල්ලීම මොනතරම් සාධාරණ දැයි විමසිය යුතු වන්නේ මේ අය - වැයෙන් රටේ සමස්ථ සංවර්ධන වියදම්වලට අදාල ප්‍රාග්ධන වියදම ලෙස වෙන් කර ඇත්තේ බිලියන 2000ක් පමණක් වීම පදනම් කරගෙනය.

මේ දීමනා ලබා දීම නොකළත් දැනටමත් මේ රාජ්‍ය සේවය නඩත්තු කිරීමට රටේ ප්‍රාග්ධන වියදමට වඩා වැඩි වියදමක් රජය දරමින් ඇත්තේය.

• රාජ්‍ය සේවක වැටුප වෙනුවෙන් බිලියන 1410කි. විශ්‍රාම වැටුප වෙනුවෙන් රුපියල් බිලියන 576කි. වැටුප්, විශ්‍රාම වැටුප්, සහ අනෙකුත් දීමනා එකතු කළ විට මේ වනවිටත් රාජ්‍ය සේවය නඩත්තු කිරිම සඳහා රජය බිලියන 2185ක් ජනතා බදු මුදලින් වෙන් කර තිබේ.

• අවසාන වශයෙන් රටේ ප්‍රාග්ධන විදමට වඩා වැඩි පිරිවැයක් රාජ්‍ය සේවයක් නඩත්තු කිරීම සඳහා වැය කරන රාජ්‍යයක රාජ්‍ය සේවකයින් වැටුප් වැඩි වීමක් තිබෙද්දී, වැටුම් විෂමතා විමසිමට වැටුම් කොමිසමක් පත් කර තිබිය දී දැවැන්ත වර්ජන රැල්ලක් සංවිධානය කරන්නේය. සදාචාරාත්මක ප්‍රශ්නය ඇත්තේ මෙතැනය.

ඇත්තම කතාව එපමණ විදයමක් දරා නඩත්තු කරන රාජ්‍ය සේවයේ සමස්ථය සම්බන්ධව මේ රටේ පොදු සමාජය තුළ ප්‍රසාදයක් නැති බවය. එවැනි සේවයක් සහිත ප්‍රපංචයක් රටට අතාර්කික බව පෙනෙන පුද්ගලික දිමනාවක් වෙනුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ සිට අසරණ රෝගීන්ගේ ජිවිත දක්වා ප්‍රාණඇපයට ගනිමින් දියත්කරන වර්ජනයක් අවසාන වශයෙන් දිනාගනු ඇත්තේ කුමක් ද?.

අවසාන වශයෙන් අපට පෙනෙන ඇත්ත කටුකය. තමන්ගේ හාල් මිට නොදමා කැඳ බොන්නට හදන ආඬි හැත්තක් සහිත සමාජයක් එක දශමයක් හෝ ඉදිරියට යනු ඇතැයි යන හිනයක් වුවත් ඇත්තේ ගංජා ගසා සූර් වූ එකෙකුගේ මනෝ විකාරයක පමණි.