LSN News › Sri Lanka

අනධ්‍යයන සේවකයේ සතියක් තුළ දෙවැනි දිනටත් වැඩ වරති... වැඩ වර්ජනය හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අද පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමේ !

එළඹෙන දෙසැම්බර් පළමුවැනිදා වන විට තම ගැටලුවලට නිශ්චිත විසඳුමක් ලබා නොදුනහොත්, ඉන් පසුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග මීට වඩා තීව්‍ර කරමින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද වෘත්තීය සමිති අවධාරණය කරයි.

LSN Sri Lanka · 25 November 2026

අනධ්‍යයන සේවකයේ සතියක් තුළ දෙවැනි දිනටත් වැඩ වරති...  වැඩ වර්ජනය හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අද පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමේ !

**සිරස්තලය:**

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති එක්දින සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි අද (25) දිනට නියමිතව තිබූ විභාග කල් දැමීමට පියවර ගෙන ඇති අතර අධ්‍යයන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබේ. විශ්වවිද්‍යාල පරිපාලනය පැවසුවේ අද දිනයට අදාලව පැවැත්විමට නියමිතව තිබූ දේශනද අවලංගු කර ඇති බවය.

</p>

<p>

අයවැය යෝජනා මගින් තමන් මුහුණ දී සිටින ගැටලුවලට කිසිදු විසඳුමක් ලබා දී නොමැති බව පවසමින් ඔවුහු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී සිටිති. අනධ්‍යයන සේවකයින් සතියක් ඇතුළත වැඩ වර්ජනයක නිරත වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර පසුගිය 18 වැනිදා ද ඔවුහු එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.

</p>

<p>

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සම ලේකම් ප්‍රියන්ත වීරසූරිය මෙසේ පැවසීය.

</p>

<p>

"පසුගිය සංකේත වැඩ වර්ජනයෙන් අපි අපේක්ෂා කළේ අයවැය කාරක සභා අවස්ථාවට පෙර අපට යම් සාකච්ඡාවක් ලබා දී ගැටලුවලට විසඳුමක් ලබා දෙයි කියලයි. නමුත් මේ වන තෙක් අපට ආණ්ඩුවෙන් කිසිම අවධානයක් යොමු වෙලා නැහැ. ඒ නිසා කණගාටුවෙන් වුණත් ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යයන කටයුතු ඛණ්ඩනය කරමින් අපට නැවත වැඩ වර්ජනයකට යන්න සිදුවෙලා තියෙනවා."

</p>

<p>

එළඹෙන දෙසැම්බර් පළමුවැනිදා වන විට තම ගැටලුවලට නිශ්චිත විසඳුමක් ලබා නොදුනහොත්, ඉන් පසුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග මීට වඩා තීව්‍ර කරමින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් අවධාරණය කළේය.