මනුෂ්‍යත්වයේ ප්රකාශනය තැඹීලි පැහැයෙන් හැඩ වුන දවසක්!
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමේ දින 16 වැඩසටහනට සහය පළ කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද තැඹිලි පැහැ ගැන්වුනේය.
LSN Sri Lanka ·

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීම සඳහා වන ක්‍රියාකාරී දින 16 ගෝලීය වැඩසටහනට සහය පළ කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ විශේෂ වැඩසටහන් රැසක් අද (25) පැවැත්විණි.

මෙම වැඩසටහනට සහයෝගය දැක්වීම සනිටුහන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංකේතාත්මක ලාංඡන පැළඳවීම සිදු කෙරිණි. මීට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද තැඹිලි පැහැති හෝ තැඹිලි පැහැය මුසු වූ ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණෙමින් මෙම ව්‍යාපාරයට සිය සක්‍රීය දායකත්වය ලබා දුන්හ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගය ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සමගාමීව පාර්ලිමේන්තුව තුළ දින 16ක විශේෂ වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙවර ගෝලීය වැඩසටහනේ තේමාව වන්නේ “කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම වෙනුවෙන් එක්සත් වෙමු: යුක්තිය තහවුරු කරමු, හිංසනයට ලක් වූවන් සුරකිමු, දඬුවම් නොලැබීම දුරලමු”** යන්නයි. ශ්‍රී ලංකාවේ මෙවර වැඩසටහන “This is my right” (මෙය මගේ අයිතියයි) යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරේ.

මෙම ගෝලීය ව්‍යාපාරයට සහය පළ කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් ද සිදු කරනු ලැබීය. නොවැම්බර් 25 වැනි දින සිට දෙසැම්බර් 10 වැනි දින දක්වා පැවැත්වෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමේ ක්‍රියාකාරී දින 16 ගෝලීය වැඩසටහන සංකේතවත් කරමින්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමඟ එක්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය හිමිවන බව කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

මීට සමගාමීව පාර්ලිමේන්තු සභා ගර්භයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායකවරයා ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමේ කාලීන වැදගත්කම අවධාරණය කළහ. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදු වන හිංසනයන් වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සාමූහික සහයෝගය සහ වගකීම අත්‍යවශ්‍ය බව මෙහිදී පෙන්වා දෙන ලදී.

සෑම වසරකම නොවැම්බර් 25 වැනි දිනට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයෙන් ආරම්භ වී දෙසැම්බර් 10 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයෙන් අවසන් වන මෙම දින 16ක ක්‍රියාකාරී වැඩසටහන ලොව පුරා ක්‍රියාත්මක වන ප්රමුඛ ගෝලීය ව්‍යාපාරයකි. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදු වන සියලු ආකාරයේ ප්රචණ්ඩත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම, එවැනි හිංසනයන් වැළැක්වීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීම සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීමට දිරිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණයි.

ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීම සඳහා නීතිමය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවලට අමතරව සමාජයේ සියලු පාර්ශ්වයන්ගේ කැපවීම සහ වගකීම ද අත්‍යවශ්‍ය බව මෙවර වැඩසටහන මඟින් අවධාරණය කෙරේ.