LSN News › Sri Lanka

රත්ගම මාලිදුව ක්‍රීඩාපිටියෙන් වෙඩි ප්‍රහාර සහිත මළ සිරුරක්!

වෙඩි ප්‍රහාරයකින් ඇති වූ තුවාල හේතුවෙන් මිය ගොස් ඇති බවට පෙනී යන මෙම පුද්ගල මරණය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LSN Sri Lanka · 26 November 2026

රත්ගම මාලිදුව ක්‍රීඩාපිටියෙන් වෙඩි ප්‍රහාර සහිත මළ සිරුරක්!

රත්ගම පොලිස් වසමේ මාලිදුව ප්‍රදේශයේ ක්‍රීඩාපිටියකින් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කෙරෙන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) හමුවී ඇතැයි පොලිසිය පවසයි.

</p>

<p>

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තවම හඳුනාගෙන නොමැති අතර, ඔහු වයස අවුරුදු 35ත් 40ත් අතර පසුවන බවට අනුමාන කෙරේ.

</p>

<p>

වෙඩි ප්‍රහාරයකින් ඇති වූ තුවාල හේතුවෙන් මිය ගොස් ඇති බවට පෙනී යන මෙම පුද්ගල මරණය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. (ඡායාරූපය Newswire වෙබ් අඩවියෙන්)