අය-වැය අර්බුද නිර්මාණය කර ආණ්ඩුව වැට්ටවීමේ ප්රතිගාමී උගුලට හසු නොවන බව ජනපති අවධාරණය කරයි!
ආර්ථික අර්බුදයෙන් තොර රටක් ගොඩනැගීම සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අරමුණ විය යුතු බවත්, රටේ අනාගත ආයෝජන වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම් කිසිසේත් අඩු නොකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය. විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් අය-වැයට පීඩනයක් එල්ල කර රට තුළ ගැටලු නිර්මාණය කිරීමේ සැලසුමක් ඇතැම් පාර්ශ්ව සතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, වංචාවන්, රැවටීම් සහ අසත්‍ය ප්‍රචාර හරහා වැඩකරන ජනතාව නොමග යැවීමට කිසිදු ඉඩක් නොතබන බව අවධාරණය කළේය. වර්තමානයේ රට තුළ පවතින්නේ රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරන ආණ්ඩුවක් බවත්, 2028 වසරේදී රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා සමාලෝචනය කර ඔවුන්ට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 150ක් වෙන් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
LSN Sri Lanka ·

ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 16,000ක් (බිලියන 160ක්) වෙන් කර ඇති බවත්, රාජ්‍ය භාණ්ඩාගාරයට දරාගත හැකි උපරිම සීමාව මේ වන විටත් රාජ්‍ය සේවය වෙනුවෙන් ලබා දී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ඉල්ලීම් කරමින් ප්රතිලාභ ලබාගෙන ආර්ථිකය මත පීඩනයක් ඇති කර සැලසුම් සහගතව නිර්මාණය කිරීමට උත්සාහ කරන ආර්ථික අර්බුදවලට ආණ්ඩුව කිසිසේත් යට නොවන බවත්, ඕනෑම මුහුණුවරකින් පැමිණෙන ප්රතිගාමී බලවේග පරාජය කිරීමට රජය සූදානම් බවත් ජනාධිපතිවරයා සහතික විය.

“අය-වැය සහ වැඩකරන ජනතාව“ යන තේමාව යටතේ අද පැවති වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් ජනාධිපතිවරයා අද (26) මේ බව ප්‍රකාශ කළේය.

භාණ්ඩාගාරයට දරාගත නොහැකි වියදම් හරහා අර්බුද මැවීමේ උගුල

වැඩකරන ජනතාවගේ ඉල්ලීම්වලට මුවාවී පරාජිත දේශපාලන පක්ෂ රට තුළ කෘත්‍රිම අර්බුදයක් නිර්මාණය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

"සමහර පිරිස් උත්සාහ කරන්නේ තව තවත් ඉල්ලීම් ඉදිරිපත් කරමින් අය-වැයට දරාගත නොහැකි බරක් පටවා ආණ්ඩුව අර්බුදයකට යවන්නයි. ඒ ඉල්ලීම්වලට බිය වී මුදල් ලබා දීමට ගියහොත් සිදුවන්නේ රටත් ආණ්ඩුවත් කඩා වැටීමයි. ලබන අප්‍රේල් හෝ දෙසැම්බර් වන විට අර්බුදයක් එන බවට ඇතැමුන් අනාවැකි කියන්නේ භාණ්ඩාගාරයට දරාගත නොහැකි වියදම් නිර්මාණය කර එම අර්බුදය හැදීමට ඔවුන් සැලසුම් කර ඇති නිසයි. නමුත් අපි ඒ උගුලේ වැටෙන්නේ නැහැ." ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දේශපාලන පක්ෂ වෙනත් පෙරමුණු පිටුපස සැඟවීම

දේශපාලන වශයෙන් බිඳවැටුණු පක්ෂවලට සෘජුව ජනතාව ඉදිරියට පැමිණීමට නොහැකි වූ විට, ඔවුන් විවිධ වෘත්තීය හා ආගමික පෙරමුණු පිටුපස සැඟවී කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආගම සහ ජාතිය පෙරට දැමීම: පක්ෂ ලාංඡන යටපත් කර, "ජාතිය සහ ආගම අනතුරේ" යන සටන් පාඨය ඉදිරියට දමමින් සංවේදී හැඟීම් ඇවිස්සීමට ඇතැමුන් උත්සාහ කරන බවත් සැබෑවටම අනතුරේ ඇත්තේ ජාතිය හෝ ආගම නොව එම දේශපාලන පක්ෂ බවත් ජනාධිපතිවරයා කීවේය.

වැඩකරන ජනතාව මුවාවක් කර ගැනීම: වැටුප්, දීමනා කප්පාදු කළ බව පවසමින් වැඩකරන ජනතාව උසිගන්වා, ඔවුන්ට මුවාවී තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට මෙම පිරිස් උත්සාහ දරන බව ජනාධිපතිවරයා කීවේය. එවැනි ඕනෑම ප්රතිගාමී උත්සාහයක් පරාජය කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සහ නවීකරණය

රාජ්‍ය සේවය කඩා වැටීමට ඉඩ නොදී එය ශක්තිමත් කිරීමට සහ නවීකරණය කිරීමට රජය ගෙන ඇති පියවර ජනාධිපතිවරයා මෙසේ පැහැදිලි කළේය. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මේ රජය යටතේ මෙසේ ගොඩනගන්නේ ඈවර කිරීමට සැලසුම් කර තිබූ රාජ්‍ය සේවයක් බවය:

• නව බඳවා ගැනීම්: වසර 5-6කට පසුව රාජ්‍ය සේවයට නවකයින් 150,000ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවත්,

• ඩිජිටල්කරණය සහ පරිගණක පද්ධති: පැරණි පරිගණක පද්ධති යාවත්කාලීන කිරීමට සහ ජනතාවට නිවසේ සිටම රාජ්‍ය සේවා ලබා ගත හැකි පරිදි පද්ධති ඩිජිටල්කරණය කිරීමට මෙම වසරේ රුපියල් මිලියන 28,000ක් වෙන් කර ඇති බවත්,

• ප්‍රවාහන පහසුකම් නැංවීම: රාජ්‍ය සේවයේ කටයුතු සඳහා කැබ් රථ 1,500ක් ගෙන්වීමට කටයුතු කර ඇත්තේ රාජ්‍ය සේවය විධිමත් කිරීමට බවත්,

• තොරතුර තාක්ෂණය පිළිබඳව ලෝකයේ ඉහළම මට්ටමේ තාක්ෂණික පුහුණුව ලබා දීම වෙනුවෙන් විදේශ දැනුම ලබා ගැනිමට රාජ්‍ය සේවයට ඉන්දියාව සහ සිංගප්පූරුව රටවල තාක්ෂණික පුහුණුව ලබා දෙන්නට කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඉදිරි ආර්ථික ඉලක්ක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගනුදෙනු

2028 වසර වන විට රුපියල් බිලියන 400ක අතිරේක මූල්‍ය අවකාශයක් නිර්මාණය කර ගැනීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසුවේය. ඉන් බිලියන 250ක් ප්‍රාග්ධන වියදම් සඳහාත්, බිලියන 150ක් 2028-2029 වසරවල රාජ්‍ය සේවයේ දීමනා සංශෝධනය කිරීම සඳහාත් යෙදවීමට සැලසුම් කර ඇති අයුරු ජානාධිපතිවරයා අනාවරණය කළේය.

පසුගිය පාලකයන් මෙන් සෑම ප්‍රශ්නයකදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පිටුපස සැඟවීමට වත්මන් රජය කටයුතු නොකරන බව ජනාධිපතිවරයා කීය. IMF ආයතනය සමඟ සුහදව සාකච්ඡා කර උපයන විට ගෙවන බද්ද (PAYE) සහ වැට් (VAT) බදු සංශෝධනය කිරීමට රජය සමත් වූ බවත්, රට ගොඩනැගීම සඳහා රාජ්‍ය සේවය, පොදු ජනතාව සහ ආණ්ඩුව එක්ව කටයුතු කළ යුතු බවත් පවසා ඒ වෙනුවෙන් එක් වන ලෙස ජනතාවට විවෘත ආරාධනාවක් කළේය.