LSN News › Sri Lanka

ලුතිනන් කර්නල්වරයෙක් පාතාලයේ විනිශ්ඡයට ලක් වූයේ ඇයි?..

මෙම ලුතිනන් කර්නල්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී ඔහුගේ අවසන් හෝරා කිහිපයේ ගමන් බිමන් පිළිබඳව තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඒ අනුව, ඔහු ඉකුත් 25 වැනිදා සවස මිතුරෙකු සමග ගොස් එම මිතුරාගේ කාර්මික දෝෂයකට ලක්ව තිබූ මෝටර් රථය අලුත්වැඩියා කර, පසුව ඔහු සමග මත්පැන් පානය කර ඇත.

LSN Sri Lanka · 27 November 2026

ලුතිනන් කර්නල්වරයෙක් පාතාලයේ විනිශ්ඡයට ලක් වූයේ ඇයි?..

රත්ගම, බූස්ස මලිදූව ප්‍රදේශයේ 'චීන පිට්ටනිය' නමින් හඳුන්වන පාළු ඉඩමක තිබී බ්‍රහස්පතින්දා (26) අලුයම සොයාගත් වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගල මළසිරුර, වැඩතහනමට ලක්ව සිටි 41 හැවිරිදි දෑලත් නලින් තුෂාර ද සොයිසා නමැති යුද හමුදා ලුතිනන් කර්නල්වරයාගේ බවට පොලිසිය තහවුරු කරගෙන තිබේ. ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු, ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන කමාන්ඩෝ සලින්තට ජීව උණ්ඩ විකිණීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉකුත් නොවැම්බර් 03 වැනිදා ඇප මත මුදාහැරුණු අයෙකි.

ඝාතනය සිදු වූ රාත්‍රියේ අවසන් ගමන

මෙම ලුතිනන් කර්නල්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී ඔහුගේ අවසන් හෝරා කිහිපයේ ගමන් බිමන් පිළිබඳව තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඒ අනුව, ඔහු ඉකුත් 25 වැනිදා සවස මිතුරෙකු සමග ගොස් එම මිතුරාගේ කාර්මික දෝෂයකට ලක්ව තිබූ මෝටර් රථය අලුත්වැඩියා කර, පසුව ඔහු සමග මත්පැන් පානය කර ඇත.

අනතුරුව තවත් මිතුරෙකු සමග ගාල්ල මහමෝදර ප්‍රදේශයේදී ද මත්පැන් පානය කර ඇති ඔහු, එම මිතුරා සහ තවත් අයෙකු සමග ජීප් රථයකින් බූස්ස ප්‍රදේශයට පැමිණ තිබේ. කෙසේ වෙතත්, ඔහු ජීප් රථයෙන් බැස යෑමෙන් පසු සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව තමන් නොදන්නා බව ඔහුගේ මිතුරන් පොලිසියට ප්‍රකාශ කර ඇත. පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ඔහු බූස්ස ප්‍රදේශයෙන් බැසගත් ස්ථානයේ සිට මීටර් 100ක පමණ දුරකදී නාඳුනන වෙඩික්කරුවකු විසින් පිස්තෝල අවියකින් හිසට වෙඩි තබා ඔහුව ඝාතනය කර ඇති බවය. පාන්දර 2.00ට පමණ තමන්ට වෙඩි හඬක් ඇසුණු බව අවට නිවැසියෝ පොලිසියට පවසා තිබුණහ.

සලින්තගේ ප්‍රධානියාගේ සිට උණ්ඩ සැපයුම්කරු දක්වා

මෙම ඝාතනයට ලක් වූ නලින් තුෂාර ද සොයිසා 2017 වසරේදී ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ මේජර් නිලයේ සේවය කරමින් සිටියේය. පසුකාලීනව මෙරට පාතාලයේ ප්‍රබල චරිතයක් බවට පත් වූ පී. ශලින්ත මධුෂාන් පෙරේරා හෙවත් 'කමාන්ඩෝ සලින්ත' සේවය කළේ ඔහුගේ පෞද්ගලික සහායකයා ලෙසය. පසුකාලීනව විනය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් කමාන්ඩෝ බලකායෙන් ඉවත් කර පාබල හමුදා රෙජිමේන්තුවකට අනුයුක්ත කළ ද, ඔහු ලුතිනන් කර්නල් නිලය දක්වා උසස්වීම් ලබා මල්ලාවි යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය.

2025 පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිදු කළ විමර්ශනවලදී ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය, සලින්ත විසින් මෙහෙයවූ තවත් කමාන්ඩෝ සෙබළෙකු වෙත ලබා දී තිබුණේ මෙම නිලධාරියා විසින් බව හෙළි විය.

එමෙන්ම, කමාන්ඩෝ සලින්තට ජීව උණ්ඩ 260ක් විකිණීම වෙනුවෙන් රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක් ලබාගැනීමේ චෝදනාව මත 2025 සැප්තැම්බර් 11 වැනිදා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. 2025 අගෝස්තු අගදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සලින්තගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ද ඔහුගේ මෙම සම්බන්ධය තහවුරු වී තිබිණි.

නොවැම්බර් 03 වැනිදා ඇප මත නිදහස්ව පැමිණි හිටපු ලුතිනන් කර්නල් නලින් තුෂාර ද සොයිසා, මිතුරන් සමග මත්පැන් පානය කර බූස්ස ප්‍රදේශයේ පාළු ස්ථානයකට පැමිණීමෙන් පසු හිසට වෙඩි තබා ඝාතනය කිරීම පිටුපස බරපතළ සැකයන් මතු වේ.

මෙය ගණේමුල්ල සංජීව ඝාතනයට අවි සැපයීම නිසා ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් විසින් සිදු කළ පළිගැනීමක් ද, නැතහොත් මෙම අවි ජාවාරමේ සහ සංජීව ඝාතනයේ තවත් ඉහළ පෙළේ සබඳතා සහ සාක්ෂි නීතිය ඉදිරියේ හෙළි වීම වැළැක්වීම සඳහා ඔහු සම්බන්ධ වී සිටි පාර්ශ්වය විසින්ම ඔහුව නිහඬ කිරීමක් ද යන්න පොලිස් විමර්ශන ඔස්සේ කඩිනමින් තහවුරු කරගත යුතුව තිබේ.