ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනීම පිටුපස ඇත්තේ ජනාධිපති කාර්යාලයේ නියෝගයක්: මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!
මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති සැබෑ හේතුව වන්නේ ආනන්ද පාලිත විසින් වත්මන් පාලනයේ සහ ඛනිජ තෙල් සංස්ථාවේ වංචා දූෂණ දිගින් දිගටම හෙළිදරව් කිරීම බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
LSN Sri Lanka ·

දීර්ඝ කාලීනව මෙරට වෘත්තීය සමිති ක්ෂේත්රයේ නායකයෙකු ලෙස කටයුතු කළ සහ විශේෂයෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවන වංචා දූෂණ දිගින් දිගටම හෙළිදරව් කළ ආනන්ද පාලිත අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති නියෝජිතයෙකු කළ පැමිණිල්ලක් මත නොව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලද පැමිණිල්ලක් අනුව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (28) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණ අසත්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයෙකු වන රංජිත් හෙට්ටිආරච්චි විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවට අමාත්‍යවරයා පැවසුවද, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය (CCD) අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බව යැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තවද, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් රංජිත් හෙට්ටිආරච්චි විසින් අමාත්‍ය ආනන්ද විජේපාල වෙත යොමු කරන ලද ලිපියක් ද මන්ත්‍රීවරයා විසින් සභාගත කරනු ලැබීය. ආනන්ද පාලිතට විරුද්ධව තමන් කිසිදු අවස්ථාවක පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ බවත්, අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා තම සංගමයේ සාමාජිකයින් අතර බලවත් නොසන්සුන්තාවක් ඇති වී තම කීර්ති නාමයට හානි සිදුව ඇති බැවින් එම ප්‍රකාශය වහාම නිවැරදි කරන ලෙසත් එම ලිපිය මගින් රංජිත් හෙට්ටිආරච්චි ඉල්ලා තිබේ.

ආනන්ද පාලිතට එරෙහිව අතිකාල දීමනා වැඩිපුර ලබා ගැනීමේ චෝදනාවක් එල්ල කර තිබුණද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මානව සම්පත් කළමනාකරණ කාර්යාංශය විසින් 2015 ජනවාරි 21 වන දින නිකුත් කරන ලද ලිපියකට අනුව ඔහුට එම දීමනා ලබා ගැනීමට නීත්‍යානුකූල අයිතියක් ඇති බවට තහවුරු කර ඇති බවද මන්ත්‍රීවරයා එම ලිපිය සභාගත කරමින් පැවසීය. වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා, අවසානයේ අතිකාල දීමනා චෝදනාවක් මත ඔහුව සිරගත කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කළේය.

මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති සැබෑ හේතුව වන්නේ ආනන්ද පාලිත විසින් වත්මන් පාලනයේ සහ ඛනිජ තෙල් සංස්ථාවේ වංචා දූෂණ දිගින් දිගටම හෙළිදරව් කිරීම බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. එහිදී ඔහු පහත කරුණු පිළිබඳව කරුණු අනාවරණය කළේය:

සභාපතිවරයාගේ වැටුප් වැඩිවීම: වත්මන් සභාපති රාජකරුණා මීට පෙර ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) සේවය කරන විට රුපියල් ලක්ෂ දෙකක වැටුපක් ලබා ගත්තද, වත්මන් තනතුරේදී ඔහු රුපියල් හය ලක්ෂ විසිපන්දහසක (625,000) වැටුපක් ලබා ගන්නා බවට ආනන්ද පාලිත පැමිණිලි කර තිබීම.

ඉන්ධන තොග සඟවා තැබීම: පසුගිය ජනවාරි 26 වන දින සභාපතිවරයාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්, මෙට්‍රික් ටොන් 22,500ක පෙට්‍රල් තොගයක් මාස 16ක් තිස්සේ රහසිගතව සඟවා තබා ගැනීම නිසා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 865ක් වාෂ්ප වී රජයට මිලියන ගණනක අලාභයක් සිදු වූ බව හෙළි කිරීම.

ඉන්ධන බෙදාහැරීමේ අක්‍රමිකතා: 2022 වසරේ ඉන්ධන අර්බුදය පැවති සමයේ සපුගස්කන්ද කළමනාකරු ලෙස කටයුතු කරමින් ඇණවුම් කළ පාර්ශව වෙත ඉන්ධන බවුසර් 14කට අධික ප්‍රමාණයක් ලබා නොදී වෙනත් පාර්ශව වෙත යැවීම සම්බන්ධයෙන් පසුගිය ජුනි මාසයේදී ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබීම.

ඉන්ධන මිල ගණන් පිළිබඳව සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡා පවත්වන සෑම අවස්ථාවකම ඊට පසුදිනම ආනන්ද පාලිත සාක්ෂි සහිතව සැබෑ මිල ගණන් හෙළිදරව් කිරීම ආණ්ඩුවට විශාල හිසරදයක් වූ බැවින් ඔහුගේ කට වැසීමට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම, රුපියල් මිලියන 20,000ක බාල ගල්අඟුරු වංචාව, ටෙන්ඩර් පටිපාටියට පටහැනිව ධම්මික පෙරේරාට ටෙන්ඩරයක් ලබා දීමට කළ සාකච්ඡා, සහ බහාලුම් 323ක් හොර රහසේ පැන්නීම සම්බන්ධයෙන් ජනාධිපති කමිටුව විසින් වැරදිකරු කළ නිලධාරියාම අද ජනාධිපති උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම වැනි බරපතල දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබියදීත් ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කළේය.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

මේ චෝදනාවට පිළිතරු දෙමින් ආනන්ද පාලිතගෙන් පලි ගත්තේ නැති බවත් අසන්නේ ඉතාම සරල ප්‍රශ්නයක් බවත් නියෝජය මහජන ආරක්ෂක ඇමති සුනිල් වටගල පැවසුවේය. ආනන්ද පාලිත වෘත්තිය සමිති නායකයෙක් බව පිළිගන්නා බව කී සුනිල් වටවල වෘත්තීය සමිති නායකයෙකුටත් වැටුපක් ගැනීමේ ක්‍රමවේදයක් සහ පිළිවෙතක් ඇති බව කීවේය.

ප්රශ්නය ඇති වී තිබෙන්නේ නීතියට පරිබාහිරව අතිකාල ගැනීමක් බවත්, එය පවසන්නේ විගණකාධිපතිවරා බව කී නියෝජ්‍ය ඇමතිවරයා අදාල නෛතික කටයුතු ක්‍රියාත්මක වන්නේ විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව බව පැහැදිලි කළේය. ඔහුට රජය බරපතල අසත්‍ය චෝදනා ගොනු කර අසාධාරණයක් සිදු කර ඇතිනම් ඔහු සම්බන්ධව පෙනී සිටින නීතිඥවරුන්ට අදාල නීති ප්‍රවේශ ඔස්සේ සාකච්චා කර ගත හැකි බව ද ඇමතිවරයා කීවේය.