LSN News › Sri Lanka

බුදු දහම අපට උගන්වන්නේ බලයෙන් හෝ වෛරයෙන් ලෝකය දිනන්නට නොව, අවබෝධයෙන් සහ සාමයෙන් හදවත් දිනන්නටයි!

පොහොසත් රටක ලස්සන ජීවිතයක් බෞද්ධ ධර්මානුකූලව නිර්මාණය කරගන්නා අයුරු ජනපති අනුර ලෝක බෞද්ධ සංඝ සම්මේලනය අමතමින් ලෝකයට කියයි!

LSN Sri Lanka · 28 November 2026

බුදු දහම අපට උගන්වන්නේ බලයෙන් හෝ වෛරයෙන් ලෝකය දිනන්නට නොව, අවබෝධයෙන් සහ සාමයෙන් හදවත් දිනන්නටයි!

අවි ආයුධ, යුධ තරඟකාරීත්වය, භේදබින්නකාරීත්වය සහ මානසික අසහනය මතු වූ ගෝලීය ගැටලුවලට විසඳුම් සොයන යුගයක, තම තමන්ගේ ජීවිතයත්, සමාජයත්, රටත් ගොඩනඟා ගැනීමට බුදු දහම තුළින් පෙන්වා දෙන ප්‍රායෝගික මඟ පෙන්වීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

බුදු දහම අපට උගන්වන්නේ අනුන් වෙනස් කිරීමට පෙර තමා තුළින් වෙනස ආරම්භ කිරීමට බවත්, බලයෙන් හෝ වෛරයෙන් ලෝකය දිනන්නට නොව, අවබෝධයෙන් සහ සාමයෙන් හදවත් දිනන්නට බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ උත්තරීතර දහම සර්වකාලීනව මේ ලෝකයට සන්තුෂ්ටිය කරා යන මාවත විවෘත කරන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ කැලණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පැවැත්වෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වැනි සංවත්සර සමරු උලෙළහි සමාරම්භක අවස්ථාවට අද (28) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරයට සුභාශිංසන පිරිනමමින් මේ ඓතිහාසික අවස්ථාවට සහභාගී වීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකනවා. 1966 වර්ෂයේදී ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව සුවිශේෂී දායකත්වයක් සැපයීම පිළිබඳව සියලු ශ්‍රී ලාංකිකයන් තුළ මහත් ගෞරවනීය අභිමානයක් පවතිනවා.

මේ ලෝක බෞද්ධ සංඝ සම්මේලනය පවත්වන අවස්ථාව කියන්නේ ලෝකයේ විවිධ ගැටුම්, සමාජ පීඩා, කැළඹිලි තිබෙන මොහොතක්. ඒ නිසා මම හිතනවා මෙම අවස්ථාව අපේ බුදු දහම කෙරෙහි යොමු වීමත්, ඒ ධර්මය නැවත මෙනෙහි කර ගැනීමත් වැදගත් කියලා.

අද අපි මේ සුවිශේෂී අවස්ථාවේදී ආපසු හැරී බලන්නේ මනුෂ්‍යයාගේ චින්තන ඉතිහාසයේ දැවැන්ත පරිවර්තනයකට ලක් කළ, ඒ වගේම අපේ ශිෂ්ටාචාරයේ පදනම සකස් කළ මහා දර්ශනයක උපත දෙසයි. ඒ දහම මේ මිහිතලය මත ජීවත් වන කෝටි 150ක් පමණ මහායාන, ථේරවාද සහ වජ්‍රයාන යන බෞද්ධයන්ට පමණක් අයිති වන දහමක් නෙමෙයි. එහෙනම් එය සමස්ත ලෝක ප්‍රජාවටම අයිති සනාතන දහමක්. සකල ලෝක සත්වයන් කෙරෙහි වන අසීමිත කරුණාව පෙරදැරිව දස පාරමිතා සපුරා බුද්ධත්වයට පත්ව, තවත් බොහෝ පිරිසකට ඒ ශ්‍රේෂ්ඨත්වය ලැබිය හැකි මාර්ගය පෙන්වූ ශාස්තෲන් වහන්සේගේ දහමක්.

මානව ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ බුදු දහම

මීට දශක අටකට පමණ පෙර හිරෝෂිමා සහ නාගසාකි අහසේ ඇවිළුණු බෝම්බවල අන්ධ ආලෝකය ලෝක ඉතිහාසය වෙනස් කළේ දස ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිතවලට බිය, වෛරය සහ කඳුළු උරුම කරමින්.

එහෙත් වසර 2500කට පෙර බුද්ධ ගයාවේදී දැල්වුණු බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාලෝකය මිනිස් ඉතිහාසය වෙනස් කළේ ඊට හාත්පසින්ම වෙනස් මගකින්. තණ්හාව, මෝහය, වෛරය නැමැති අඳුර පරදා කරුණාව, ආදරය, මෛත්‍රිය, සතුට යන විද්‍යාවෙන් ආලෝකමත් වුණු ලෝකයකට යන මාවත මිනිසාට විවෘත කරමින්.

ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ අගභාගයේ සිට 4 වන සියවසේ මුල් භාගය දක්වා කාලයට අපි මොහොතකට පියනගමු . එදා මධ්‍යම භාරතයේ සිදුවූයේ අතිශයින්ම තීරණාත්මක සමාජ පරිවර්තනයක්. උපත මත පදනම්ව ගොඩනගා තිබූ පැරණි සමාජ ක්‍රමය බිඳ වැටෙමින්, නව ආගමික මතවාද සහ දාර්ශනික ගවේෂණ ඉතා වේගයෙන් නැගී එමින් තිබූ යුගයක්. මිනිසුන් සත්‍යය සොයමින් (කින් සච්ච ගවේෂී), විමුක්තිය සොයමින් (කින් කුසල ගවේෂී) කුතුහලයෙන් සිටි ඓතිහාසික වකවානුවේදී තමයි බුදු දහම නම් වූ මහා ආලෝකය ලොවට පහළ වන්නේ.

ඒ යුගයේ මධ්‍යම භාරතයේ තවත් බොහෝ ආගමික නිකායන් හා ශාස්තෲන් බිහි වුණා. නමුත් බුදු දහම සියල්ල අභිභවා ලෝක ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබුවේ ප්‍රධාන සාධක තුනක අපූර්ව සුසංයෝගයක් නිසා.

පළමුවන්න මිනිස් හදවත් වසඟයට ගත් අසමසම ප්‍රඥාවකින් සහ මහා කරුණාවකින් යුත් චමත්කාරජනක ගුරුවරයෙකුගේ, එනම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළ වීමයි.

දෙවැන්න: උන්වහන්සේ විසින් දේශනා කරන ලද, කාලයට සහ දේශයට සීමා නොවූ ඒ ගැඹුරු විද්‍යාත්මක ධර්මයයි.

තුන්වැන්න: සියලු ලෞකික සැප සම්පත් අතහැර විමුක්තිය සොයා ගිය භික්ෂු, භික්ෂුණීන් වහන්සේලා සහ ශ්‍රද්ධාසම්පන්න උපාසක, උපාසිකාවන් යන සිව්වනක් පිරිසයි.

භාරතයේ ගංගා නදී නිම්නයේ ඇරඹුණු මේ අහිංසාවාදී විප්ලවය කිසිදු යුද්ධයකින් තොරව, බලාත්කාරයකින් තොරව දේශ සීමා ඉක්මවා ගියා. ඒ මධ්‍යම ආසියාවට, අග්නිදිග ආසියාවට, ඒ වගේම චීනය, කොරියාව සහ ජපානය වැනි දේශාන්තර දක්වා ව්‍යාප්ත වුණා. අදටත් මේ මුළු ආසියාතික කලාපයේම අධ්‍යාත්මික ජීවිතය, සංස්කෘතිය, කලාව සහ සමාජ හර පද්ධතීන් පෝෂණය කරන ප්‍රධානතම ජීවනාළය බවට බුදු දහම පත්ව තිබෙනවා.

විද්‍යාත්මක ප්‍රබෝධයත් සමග පැතිරි ගිය දහමක්

එපමණක් නොවෙයි, 20 වන ශතවර්ෂය විට ලෝකයේ විද්‍යාත්මක හා බුද්ධිමය ප්‍රබෝධයන් සමඟ බුදු දහම ආසියාවෙන් ඔබ්බට ගොස් යුරෝපය ඇතුළු මුළු මහත් ලෝකයේම පොදු උරුමයක් බවට පත්වුණා.

මීට සියවස් ගණනකට පෙර රහතන් වහන්සේලා 60 නමකගෙන් ඇරඹි මේ මහා දර්ශනය ප්‍රචලිත කිරීමේ ආරම්භය අදටත් අපට කියා දෙන්නේ සැබෑ වෙනසක් ඇති කළ හැක්කේ අවි ආයුධවලින් කෙරෙන ආක්‍රමණවලින් නොව, ප්‍රඥාවෙන්, කරුණාවෙන් සහ නිවැරදි දැක්මෙන් යුතුව කටයුතු කිරීමෙන් බවයි.

ඒ අනුව බුදු දහමේ හරය වන්නේ“සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝදපනං, ඒතං බුද්ධානුශාසනං”

සියලු පාපයන්ගෙන් මිදීමද, නිතර කුසල් දහම් රැස් කිරීමද, සිත පිරිසිදු කර ගැනීමද සියලු බුදුවරුන්ගේ අනුශාසනය බව පැහැදිලියි. එය මොනතරම් අහිංසක, අවිහිංසාවාදී දහමක්ද!

බුදු දහම යනු තමාට මෙන්ම අන් අයටද කිසිදු කරදරයක්, වේදනාවක් ඇති නොකොට, සහජීවනය, අන්‍යෝන්‍ය ගෞරවය සහ නිදහස තුළින් පරම සැනසිල්ල ළඟා කර ගැනීමයි. ඒ කරුණාව, දයාව, මෛත්‍රිය මනුෂ්‍ය වර්ගයා කෙරෙහි පමණක් නොව සියලු සත්වයන් කෙරෙහි පතුරුවන්නට උගන්වන අතිශ්‍රේෂ්ඨ දහමක්.

කාලාම සූත්‍රයේ පැහැදිලි කර ඇති පරිදි, උන්වහන්සේගේ ඉගැන්වීම් පවා අන්ධ ලෙස පිළිගැනීමට සිය අනුගාමිකයන්ට අනුශාසනා නොකළ අතර, මිනිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රාතිහාර්යයන් සිදු කිරීම මත විශ්වාසයක් තැබුවේ නැහැ.

දුක යනු කුමක්ද කියා පහදා දෙන බුදු දහම - දුක්ඛ සත්‍යය, දුකට හේතුව වන දුක්ඛ සමුදය සත්‍යය, දුක නැති කිරීම වන දුක්ඛ නිරෝධ සත්‍යය සහ දුක නැති කිරීමේ මාර්ගය වන මාර්ග සත්‍යය පැහැදිලිව කියා දෙනවා. ඒ නිසා බුදු දහම යනු දුක ගැන කතා කොට එයින් මිදෙන මග කියා දෙන සර්වකාලීන දහමක්.

බුදුරජාණන් වහන්සේගේ මුළු ඉගැන්වීමම එක වචනයකින් කියනවා නම් ඒ තමයි "ධර්මය" කියන වචනය. එහි තේරුම තමයි සැබෑව. එයින් අදහස් වන්නේ යහපත් සියලු දේ. එය පිටත තිබෙන දෙයක් නෙමෙයි. මනුෂ්‍යයාගේ හදවතේ සහ මනසේ පැවතිය යුතු දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප තුළම තිබෙන උසස් ගුණධර්මවලින් අනුනව ජීවත් වෙන්න කියන පණවිඩයයි.

මෙම ධර්මය, මෙම ධර්ම නියමය මනුෂ්‍යයාගේ හිතේ විතරක් නෙමෙයි, මුළු විශ්වයේම තිබෙන නියමයක්. ඇත්ත වශයෙන්ම මුළු විශ්වයම කියන්නේ ධර්මය පෙනෙන්න තිබෙන කැඩපතක්, එළිදරව් වෙන තැනක්.

ධර්ම දූත ව්‍යාපාරයේ ස්වරූපය

බුදුරජාණන් වහන්සේගේ “චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය අත්ථාය හිතාය දේවමනුස්සානං” යන අවවාදයට අනුව මුල්ම ධර්මදූත පිරිස වූ පස්වග මහණුන් ඇතුළු ප්‍රථම රහතන් වහන්සේලාගෙන් ඇරඹී ශ්‍රාවකයන් ධර්ම ප්‍රචාරයේ යෙදුණා.

විශේෂයෙන්ම අශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පවත්වන ලද තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව ප්‍රදේශ නමයකට ධර්මදූත කණ්ඩායම් වැඩම කරවීම සුවිශේෂී අවස්ථාවක් වෙනවා.

හිමවන්ත ප්‍රදේශයට මජ්ඣිම තෙරුන් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායම, ස්වර්ණ භූමියට, සෝණ සහ උත්තර තෙරුන් වහන්සේලා ප්‍රමුඛ කණ්ඩායම, අපරන්ත දේශයට, ධම්මරක්ඛිත තෙරුන් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායම, ලංකාද්වීපයට, මහින්ද තෙරුන් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායම ආදී වශයෙන් වැඩම කළා.

මෙම ධර්මදූත ව්‍යාපාරය පසුව බෝධිධර්ම තෙරුන්, කුමාරජීව තෙරුන් සහ නාරද තෙරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තවදුරටත් ඉදිරියට ගෙන ගියා. එසේ ඇරඹි ලෝක ධර්ම ප්‍රචාරක මෙහෙවර 20 වන සියවස වන විට බෞද්ධ දූත පිරිස් මගින් මහත් උද්‍යෝගයකින් ලොව පුරා ව්‍යාප්ත වුණා.

මේ තත්ත්වය තුළ සිදුවුණු ඉතාමත් වැදගත් ඒ වගේම ආශ්චර්යමත් සිදුවීම තමයි ලොව පුරා බුදු දහම කෙරෙහි ආකර්ෂණය වූ පිරිස් බුදු සසුනේ පැවදි වීම. බටහිර ලෝකයට බුදු දහමේ ආලෝකය රැගෙන යන්නට යතිවරයාණන් වහන්සේලා විශාල කැපකිරීමක් කළා. විශේෂයෙන් ඉංග්‍රීසි ජාතික මෛත්‍රී ඥානාවීර සහ ඥානමූලී ස්වාමීන් වහන්සේලා වගේම, ඉතාලි ජාතික ලෝකනාථ ස්වාමීන් වහන්සේත් අපි අද ඉතාම ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතු වෙනවා.

ලෝක ධර්ම දූත ව්‍යාපාරයේ ශ්‍රී ලාංකික භූමිකාව

එහිදී මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් ප්‍රමුඛ ශ්‍රී ලාංකික යතිවරයාණන් වහන්සේලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කළා. රාහුල හිමියන් විසින් සම්පාදිත, භාෂා රැසකට පරිවර්තනය කර ඇති 'බුදුන් වදාළ ධර්මය' (What the Buddha Taught) කෘතිය අදටත් බුදු දහමේ මූලික හරය ලෝකයට කියලා දෙනවා. එමෙන්ම හම්මලව සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ, නාරද මහා තෙරුන් වහන්සේ, පියදස්සි මහා තෙරුන් වහන්සේ, හේනේගොඩ ගුණරතන ස්වාමීන්වහන්සේ, මඩීහේ පඥාසීහ වැනි තෙරුන් වහන්සේලා මේ සඳහා දායක වුණා.

බ්‍රිතාන්‍ය බෞද්ධ සමාගම වගේම මහ බෝධි සමාගම මැදිහත්වී යුරෝපයේ මුල්ම බෞද්ධ විහාරය ලන්ඩන් නුවර ආරම්භ කළා. එදා බටහිර අහසේ දැල්වුණු එම දහම් පහන අද මුළු ලෝකයම ආලෝකවත් කර තිබෙනවා. අදත් මෙම මහැගි දහම් පඬුර රැගත් ශ්‍රී ලාංකික යථිවරයාණන් වහන්සේ ලෝක ධර්ම ප්‍රචාරණ මෙහෙවරේ යෙදී සිටිනවා.

සෑම ආසියාතිකම රටකම අවුරුද්දකට ලක්ෂ ගණනින් විදෙස් සංචාරකයින් පැමිණෙනවා. බුද්ධ ධර්මය සහ බෞද්ධ සංස්කෘතිය ලෝකය පුරා පැතිර යාමත් සමඟ ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, ජපානය, වියට්නාමය වගේ සාම්ප්‍රදායික බෞද්ධ රටවල් විතරක් නෙවෙයි, බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේම ඈත අයිස්ලන්තය වැනි යුරෝපීය රටවලුත් බුදු දහමේ රන් හුයෙන් එකට බැඳී තිබෙනවා. මෙයින් පිළිබිඹු වන්නේ වර්තමාන ලෝකයට බුදු දහම කෙරෙහි ඇති අසීමිත දහම් පිපාසයයි. මේ ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් කළේ වර්තමාන තාක්ෂණික දියුණුව විතරක් නොවෙයි . තාක්ෂණයට මිනිස්සුන්ව ලං කරන්න පුළුවන් වුණත්, හදවත් අධ්‍යාත්මිකව එකට බඳින්න බැහැ. ලෝකය සැබෑ විශ්ව ගම්මානයක් කරන්න ආගමික සහනශීලීතාවයට මුල් තැන දුන් ගැඹුරු දර්ශනයක් උගන්වන බුදු දහම විශාල වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. එදා බුදුරජාණන් වහන්සේ මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩම වූ ඒ උතුම් මඟ වඩිමින් අදත් ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදෙන අපේ භික්ෂූන් වහන්සේලා ලෝකය පුරා අරගෙන යන්නේ සාමයේ පණිවිඩයයි. ඒ පණිවිඩය ඇතුළේ මත ගැටුම් නැහැ, යුධ ගැටුම් නැහැ, කෝලාහල නැහැ, ලේ වැගිරීම් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාව පමණයි.

බුදු දහම හුදු ආගමික ඉගැනවීමක් පමණක් නොවෙයි...

ඒ මහද්වීප පුරා පැතිර ගිය අවබෝධය අවශෝෂණය කර ගැනීම සහ සාමකාමී සංවාදය තුළින් ගොඩනැගුණු මහා සංස්කෘතික ව්‍යාපාරයක් ලෙසයි. එය හුදෙක් ආගමික ඉගැන්වීමකට පමණක් සීමා නොවී, මානව සදාචාරය, භාෂාව, අක්ෂර කලාව, විශිෂ්ට කලාකෘති සහ ගෘහ නිර්මාණ ශිල්පය යන සියල්ල පෝෂණය කළ උසස් ශිෂ්ටාචාරයක පදනම බවට පත් වුණා.

වසර දහස් ගණනක් තිස්සේ අපේ මාතෘභූමිය වන ශ්‍රී ලංකාව විවිධ ජනවාර්ගික, සංස්කෘතික, ආගමික සහ භාෂා කණ්ඩායම් එකට හමුවන සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් ලෙස පැවතුණා. බුදු දහම අපේ රටේ ස්ථාපිත වූයේ අනෙකුත් සංස්කෘතීන් යටපත් කරන බලවේගයක් ලෙස නොව, සියලු විවිධත්වයන්ට ගරු කරමින් ඒවා පැවතීමට ඉඩ සලසා දුන් පෝෂක බලවේගයක් ලෙසයි. නිදසුනක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද පේතවත්ථු සහ විමානවත්ථු දේශනා මෙරට ජනතාවගේ ආගමික විශ්වාසයන් ප්‍රතික්ෂේප නොකරමින් බුදු දහමේ හරය හඳුන්වා දීමට දැරූ ප්‍රයත්නයක් ලෙස සැලකෙනවා. එම තත්ත්වය තහවුරු කරන ජීවමාන සාක්ෂි අදටත් අපේ පොළොව මත නොනැසී පවතිනවා. යුනෙස්කෝ සංවිධානයෙන් ලෝක උරුම ලෙස නම් කර ඇති අපේ ඓතිහාසික ස්ථාන ඊට කදිම නිදසුන්. එසේම මේ සහජීවනයේ ගැඹුර වටහා ගැනීමට නම් ඔබ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය දෙස බැලිය යුතුයි.

අපේ රටේ උසින්ම පිහිටි පූජනීය ස්ථානයක් වන ශ්‍රී පාදස්ථානය සියලු ප්‍රජාවන්ගේ ගෞරවාදරයට පත් වූ පුණ්‍ය භූමියක්. එපමණක් නොව, උතුරේ යාපනයෙන් ආරම්භ වී දකුණේ කතරගම දක්වා සැතපුම් සිය ගණනක් පාගමනින් ඇදෙන වන්දනාකරුවන්ගේ පාද යාත්‍රාවට කිසිදු ජාති හෝ ආගම් භේදයකින් තොරව සියලු ජන කොටස් එකට එක් වෙනවා. සාමය, සංවේදිතාව, මානව දයාව යනදී යහපත් සංකල්ප අපට උරුම කළේ උතුම් බුදු දහම තුළින්.

බුදු දහම මඟින් පෝෂණය කරන ලද්දේ මානවයාගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා වන මාර්ගය පමණක් නොවෙයි. එය ලෞකික ජීවිතය අර්ථවත් කර ගැනීමේදීත් අතිශයින් වැදගත් මාර්ගෝපදේශනයන් සපයනවා. එහි රාජ්‍ය පාලනය පිළිබඳ ඉදිරිපත් කර ඇති ඉගැන්වීම් බෙහෙවින් වැදගත්. නූතන ලෝකයේම රාජ්‍ය පාලකයන්ට බුදු දහමේ ඉගැන්වීම් ඉතාමත් වැදගත් කියලා මා හිතනවා. රාජ්‍ය පාලනය කියන්නේ නූතන දේශපාලන විද්‍යාවෙන් හා ආර්ථික න්‍යායන්ගෙන් පමණක් විග්‍රහ කරන්න පුළුවන් දෙයක් බව ඇතැමුන් කල්පනා කළත්, මීට වසර 2600කට පමණ පෙර ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය දෙස ගැඹුරින් බැලුවොත්, බුදු දහම යනු හුදෙක් පාරලෞකික විමුක්තිය සඳහා පමණක් සීමා වූ දර්ශනයක් නොවන බව පැහැදිලි වෙනවා..

එය මෙලොව අප ජීවත් වන මිනිසාගේත් සමස්ත සමාජයේත් ලෞකික දියුණුව, සාධාරණත්වය සහ යහපත් රාජ්‍ය පාලනය ගැන ඉතාමත් විද්‍යාත්මක කරුණු පෙන්වා දුන් දර්ශනයක් වෙනවා. රෝහිණී නදියේ ජලය බෙදා ගැනීම සඳහා ශාක්‍ය සහ කෝලිය ඥාතීන් අතර ඇති වූ යුද්ධය වැළැක්වීමට මැදිහත් වන බුදුරජාණන් වහන්සේ මිනිස් ජීවිතවල වටිනාකම පහදා දෙනවා. යුද්ධයේ බීජ වැපිරුවොත් යුද්ධයත්, සාමයේ බීජ වැපිරුවොත් සාමයත් අස්වැන්න ලෙස ලැබෙන බව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා.

ලෝක ඉතිහාසය පුරා මානව වර්ගයා මුහුණ දුන් සංකීර්ණතම අභියෝගය වන්නේ තිරසාර සාමයක් ගොඩනැගීම සහ එහි අඛණ්ඩතාව පවත්වාගෙන යාමයි. බුදු දහම මේ අභියෝගය ජය ගන්නා ආකාරය මනාව පැහැදිලි කර පහදා දී තිබෙනවා.

බුදු දහමේ මිතුරා සහ සතුරා

බෞද්ධ අධ්‍යයනය පිළිබඳ අන්තර්ජාතික කීර්තිමත් පණ්ඩිතවරයෙකු වන මහාචාර්ය පී. වී. බාපට් (Prof. P. V. Bapat) මහතාගේ "බුදු දහමේ වසර 2500" කෘතියේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. "බුදු දහම සතුව තිබෙන්නේ එකම අවියයි; ඒ ප්‍රඥාව නැමැති අවියයි. බුදු දහමට අනුව ඇත්තේ එකම සතුරයි; ඒ නොදැනුවත්භාවය නැමැති සතුරයි."

"ආගමික දඩයම් ගිනිදැල්වලින් අඳුරු වූ, ගිනිබත් වන නගරවල දුමින් වැසී ගිය බෞද්ධ ඉතිහාසයක් නැහැ. ආගමික වෛරයෙන් මියගියවුන්ගේ රුධිරයෙන් රතු වූ එකම පිටුවක්වත් බෞද්ධ ඉතිහාසයේ නැහැ". මේ ඉතිහාසය විසින් ලබා දී ඇති නොබිඳිය හැකි සත්‍යයයි. ඒ තමයි බාපට් මහත්මයාගේ බුදු දහම පිළිබඳ ඉතා වැදගත් කෘතියේ සඳහන් වී තිබෙන සාරාංශය.

දීඝ නිකායේ එන චක්කවත්ති සීහනාද සූත්‍රය, කූටදන්ත සූත්‍රය සහ අග්ගඤ්ඤ සූත්‍රය වැනි සූත්‍ර දේශනා පරිශීලනය කරන විට අපට පැහැදිලි වන ප්‍රධානම සත්‍යය තමයි, කිසියම් රාජ්‍යයක ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය තීරණය වන්නේ රට පාලනය කරන පාලකයන්ගේ ක්‍රියාකලාපය මත බව. පාලකයා ධාර්මික වෙනවා නම්, පාලකයා ප්‍රතිපත්තිගරුක වෙනවා නම් රට සෞභාග්‍යය කරා ගමන් කරනවා. පාලකයා දූෂිත වෙනවා නම්, අධාර්මික වෙනවා නම් මුළු රටම අරාජික වෙනවා. මේ කාරණය සකලවිධ රාජ්‍යයන්ට අදාළයි. ඒ නිසයි බුදු දහම ප්‍රායෝගික සහ සර්වකාලීන දහමක් බවට පත් වන්නේ. රාජ්‍යය සහ පාලකයා බිහි වූ ආකාරය අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලිව නිර්වචනය කෙරෙනවා.

පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගැන බෞද්ධ ඉගැන්වීම

සමාජයේ ඇති වූ ගැටුම්, සොරකම් සහ අසාධාරණකම් නවත්වන්න සමාජ සම්මුතියකින් 'මහා සම්මත' නමින් පාලකයෙකු පත් කරගත් බවත්, පාලකයා කියන්නේ ජනතාවට ඉහළින් ඉන්න, ජනතාව පාගාගෙන ඉන්න රජෙකු නොවන බවත් එහි සඳහන් වෙනවා. පාලකයා යනු ජනතාවගේ කැමැත්තෙන් ජනතාවගේ ආරක්ෂාව සහ සුභසිද්ධිය වෙනුවෙන් පත් කරගත් නායකයෙක්. ඒ තමයි බුදු දහම පාලකයා පිළිබඳ ලබා දී තිබෙන නිවැරදි අර්ථකථනය.

ඒ වගේම කූටදන්ත සූත්‍රයේදී බුදුන් වහන්සේ අපූර්ව ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කරනවා. රටක අපරාධ, සොරකම්, කැරලි ඇති වන විට දඬුවම් දීමෙන් පමණක් ඒවා මර්දනය කරන්න බැහැ. අපට ඕන තරම් නීති තිබෙනවා, උසාවි තියෙනවා, හිරගෙවල් තිබෙනවා. හැබැයි දඬුවම් දීමෙන් පමණක් මෙය සුව කළ හැකිද? බැහැ. ඒ සඳහා රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ගොවියාට බීජ සහ පොහොර පහසුකම් ලබා දෙන්න ඕනෑ. වාණිජ කටයුතුවලට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දෙන්න ඕනෑ. රාජ්‍ය සේවකයාට සාධාරණ වැටුපක් ලබා දෙන්න ඕනෑ. එවිටයි මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් වී රටේ සාමය ඇති වන්නේ.

රටක දිළිඳුකම වර්ධනය වීමට ඉඩ හැරියොත් එයින් සොරකමත්, සොරකමින් ආයුධ පරිහරණයත්, එයින් ප්‍රාණඝාතයත්, අවසානයේදී මුළු සමාජයම විනාශයට පත්වීමත් සිදු වන බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ අපූර්වට පැහැදිලි කරනවා. ඒ නිසා පාලකයාගේ පළමු වගකීම රටේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ධනෝත්පාදන මාර්ග පුළුල් කොට සැමට සාධාරණ අවස්ථා තිබෙන සමාජයක් නිර්මාණය කිරීම බව උන්වහන්සේ දේශනා කරනවා.

සප්ත අපරිහානීය ධර්ම, සතර සංග්‍රහ වස්තු, සතර බ්‍රහ්ම විහරණ, දස රාජ ධර්ම, දස සක්විති වත් මෙන්ම සතර අගතිය පිළිබඳ අවබෝධය රාජ්‍ය පාලනයට ප්‍රායෝගික වැදගත්කමක් ලබා දෙනවා.

එක් අතකින් බුදු දහම කියන්නේ ඉතාම ගැඹුරු මනෝවිද්‍යානුකූල දහමක්. මිනිස් සිතේ ක්‍රියාකාරීත්වය, ආතතිය, තෘෂ්ණාව, ක්‍රෝධය සහ ඒවායින් මිදී සංසුන්, නිරවුල් මනසක් ගොඩනඟා ගන්නා හැටි එහි විද්‍යාත්මකව පැහැදිලි කර තිබෙනවා. අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන මානසික පීඩනය සහ අසහනය නැති කරගන්නට අවශ්‍ය ප්‍රායෝගික විසඳුම් එදා බුදුන් වහන්සේ පෙන්වා දුන්නා. මේ ධර්මය ඉතාමත් ප්‍රබල සමාජවිද්‍යාත්මක දහමක්.

සූත්‍ර පිටකයේ එන සූත්‍ර ධර්ම, ධම්මපදයේ ගැඹුරු අරුත්, ජාතක කථා සහ අපදාන කථා තුළින් අපට කියා දෙන්නේ සමාජයක් විදිහට අපි එකිනෙකා සමඟ ජීවත් විය යුතු ආකාරයයි. ගෞරවය, ඉවසීම, සහකම්පනය, යුක්තිය සහ සාමූහිකත්වය වැනි සමාජයක් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය ගුණාංග වර්ධනය කරගන්නා හැටි ඒ කථා තුළින් ජීවමානව පෙන්වා දෙනවා. ඒ යහපත්, ස්ථිරසාර සමාජයක් වෙනුවෙන් පෙන්වා දෙන ඉතාමත් වැදගත් මාර්ගෝපදේශනයක්.

ණය නැති බවේ සැපත

ඊටත් වඩා අද අපේ ලෝකයට වැදගත් වන ආර්ථික විද්‍යානුකූල පණිවිඩයක් මේ ධර්මය තුළ තිබෙනවා. ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය වැනි සූත්‍ර තුළින් පුද්ගලයෙකුගේ ජීවිතය සකස් කරගත යුතු ආකාරය, ධනය උපයන නිවැරදි මාර්ග, ඒ ධනය නාස්ති නොකර පරිභෝජනය කරන ආකාරය සහ ආයෝජනය කරන ආකාරය පිළිබඳව පැහැදිලිව කරුණු දක්වා තිබෙනවා. උපයන ධනයෙන් හතරෙන් එක කොටසක් පරිභෝජනයටත්, කොටස් දෙකක් ආයෝජනයටත් වෙන් කළ යුතු අතර, හතරවන කොටස ආපදා අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීමට සුරක්ෂිතව තබා ගැනීමට උගන්වනවා. බුදු දහමේ ඉගැන්වෙන ණය නැති බවේ සැපත හෙවත් 'අණන සුඛය' වර්තමානයේ ජීවත් වන අපට අතිශයින් වැදගත් බව ලංකාවේ අපි අත්දැකීමෙන් දන්නවා.

මෙම කරුණු අදටත් වළංගු අපූර්ව ආර්ථික දැක්මක්. ඊට අමතරව නිදහස් චින්තනය ඇති කරගන්නා ආකාරයත් එහි අගයත් ලෝකයට පළමු වරට හඳුන්වා දෙනු ලැබුවේ බුදුන් වහන්සේ විසිනුයි. සමාජ සාධාරණත්වයේ මූලික පදනම සමානත්මතාවයයි. සමාජ සුභසාධන ක්‍රියාවන්හිදී ජාති, කුල, ආගම්, ප්‍රදේශ සහ ස්ත්‍රී පුරුෂ භේද නොතකා ඒවා සුදුසු පරිදි සමාජය තුළ ගලා යාමට සැලැස්වීම බුදු දහමේ අරමුණයි.

සමාජ සංවර්ධනයේ මුල්ගල වශයෙන් සැලකිය හැක්කේ බෞද්ධ සමානත්මතා සංකල්පයයි. කාටත් යෝග්‍ය පරිදි ප්‍රතිලාභ බෙදී යන විට එහි ප්‍රතිඵලය වන්නේ සමාජයේ ඒකාබද්ධතාවයයි. මෙම සමානතා සංකල්පය දේශපාලනික මූලධර්මයක් ලෙස යොදා ගැනීමේ වැදගත්කම බුදුන් වහන්සේ විසින් කොසොල් මහරජුට පෙන්වා දුන් බව කෝසල සංයුක්තයේ සඳහන් වෙනවා. ඒ වගේම සාධාරණ සමාජයකට තවත් වැදගත් මූලධර්මයක් වන්නේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමයි. මෙය බුදුන් වහන්සේගේ දේශනාවන්ගෙන් හඳුන්වතොත් 'අගති විරහිත වීමයි. උසස්, පහත්, කුලීන, කුලහීන, දුප්පත්, පොහොසත්, බලවත්, දුබල වැනි තත්ත්වයන් යටතේ ඇති විය හැකි ඡන්ද, දෝෂ, භය, මෝහ යන සතර අගතියෙන් ඉවත් වීම රාජ්‍ය පාලකයන්ගේ මෙන්ම සෑම පුරවැසියෙකුගෙන්ම බුදු දහම අපේක්ෂා කරනවා.

නීතියේ ආධිපත්‍ය බුදු දහමින්

විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක වන අංශවලදී මෙන්ම රාජ්‍ය සුභසාධන ක්‍රියාවලියේදී අගතියෙන් තොරව අපක්ෂපාතී වීම හෙවත් සමානත්මතාවය රාජ්‍ය මූලධර්මයක් කොට බුදු දහම දකිනවා. එසේ නොවුණහොත් වැරදිකරු නිවැරදිකරුවෙකු හෝ නිවැරදිකරු වැරදිකරුවෙකු වීමෙන් හෝ සුදුස්සා නොසුදුස්සෙකු හෝ නොසුදුස්සා සුදුස්සෙකු වීමේ සම්භාවිතාව පවතිනවා.

අපක්ෂපාතී වීම ධර්මයේ පිහිටීම ලෙසත්, පක්ෂග්‍රාහී වීම ධර්මයෙන් බැහැර වීමක් ලෙසත් සිඟාලෝවාද සූත්‍රයේදී එළිදරව් කෙරෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ගොඩනඟා ඇත්තේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණ නම් වූ උත්තරීතර ගුණාංග මතයි.

ගෞරවනීය ස්වාමීන් වහන්ස, සම්භාවනීය අමුත්තනි, අද අප වෙසෙන්නේ අවි ආයුධ, යුධ තරඟකාරීත්වය, භේදබින්නකාරීත්වය සහ මානසික අසාහනය මතු වූ ගෝලීය ගැටලුවලට විසඳුම් සොයන යුගයකයි. ඒ සෑම අභියෝගයක් ඉදිරියේදීම බුදු දහම අපට ලබා දෙන්නේ තම තමන්ගේ ජීවිතයත්, සමාජයත්, රටත් ගොඩනඟා ගත හැකි ප්‍රායෝගික මඟ පෙන්වීමයි.

බුදු දහම අපට උගන්වන්නේ අනුන් වෙනස් කිරීමට පෙර තමා තුළින් වෙනස ආරම්භ කරන්නටයි. බලයෙන් හෝ වෛරයෙන් ලෝකය දිනන්නට නොව, අවබෝධයෙන් සහ සාමයෙන් හදවත් දිනන්නටයි.

ඒ උත්තරීතර දහම සදාකාලිකවම, සර්වකාලීනව මේ ලෝකයට සන්තුෂ්ටිය කරා යන මාවත විවෘත කරන බව නියතයි. අංගුත්තර නිකායේ බුදුහිමියන් දේශනා කරනවා "මහණෙනි, මම ලෝකයේ සැපත, සැප සම්පත් සොයා ගියෙමි. ලෝකයේ සැප සම්පත් ඇති බව මම සොයා ගත්තෙමි. ලෝකයේ සැප සම්පත් කොතරම් දුරට තිබේද යන්න මම ප්‍රඥාවෙන් පැහැදිලිව දැක ඇත්තෙමි. මහණෙනි, මම ලෝකයේ දුක සොයා ගියෙමි. ලෝකයේ දුක කුමක්දැයි මම සොයා ගත්තෙමි. ලෝකයේ දුක කොතරම් දුරට තිබෙනවාද යන්න මම ප්‍රඥාවෙන් පැහැදිලිව දැක ඇත්තෙමි. මහණෙනි, මම ලෝකයෙන් මිදීමේ මාර්ගයක් සොයමින් ගියෙමි. ලෝකයෙන් මිදීමේ මාර්ගය මට හමුවිය. ලෝකයෙන් මිදීමේ මාර්ගය කොතරම් දුරද යන්න මම ප්‍රඥාවෙන් පැහැදිලිව දැක ඇත්තෙමි. මහණෙනි, ලෝකයේ සැපතක් නොතිබුණේ නම් සත්වයන් ලෝකයට ඇලෙන්නේ නැත. නමුත් ලෝකයේ සැපතක් ඇති බැවින් ඔවුහු ඇලෙති. ලෝකයේ දුකක් නොතිබුණේ නම් සත්වයන්ට සසර බිය ඇති නොවෙයි. නමුත් ලෝකයේ දුක ඇති බැවින් සත්වයන්ට සසර බිය ඇති වෙයි. එහෙත් සතුටුදායක කරුණ නම් මේ ලෝකයෙන් නිදහස් වෙන්න, ගැලවෙන්න මාර්ගයක් තිබීමයි; ඒ මැදුම් පිළිවතයි." ඒ තමයි බුදුරජාණන් වහන්සේ ලෝක ප්‍රජාවට පෙන්වා දුන්නු මාවත, ඒ මැදුම් පිළිවතයි.

ගෞරවනීය ස්වාමීන් වහන්ස, භික්ෂූන් වහන්ස, සම්භාවනීය අමුත්තනි, අද දින පවත්වනු ලබන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර සමුළුවේදී බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ නැවත ගැඹුරින් සලකා බැලීම සහ ඒ ඉගැන්වීම්වලට අනුගත වීම සියලු ලෝක ප්‍රජාවට මහත් ප්‍රතිලාභයක් අත්කර දෙන බව අමුතුවෙන් කිය යුතු නැහැ.

ඒ වෙනුවෙන් බෝධාගම අපේ චන්දිම නායක ස්වාමීන් වහන්සේ නාගානන්ද බෞද්ධ අධ්‍යාපන ආයතනය ආරම්භ කරමින් තබන ලද පියවර ඉතාමත් සුවිශේෂී පියවරක්. බුදු දහමේ ගැඹුරු හරය මේ ලෝකයේ සමානත්මතාවයත්, සාමයත්,තිරභාවයත් සහතික කරන බව නියතයි. ඒ වෙනුවෙන් ඔබ වහන්සේ මේ ගනු ලැබූ ප්‍රයත්නයට අපේ කෘතඥතාපූර්වක ස්තූතිය පිරිනැමීමට කැමතියි. ඔබ සියලු දෙනා ඒ සඳහා දරන මේ පරිශ්‍රමයට මාගේ ගෞරවනීය සුභාශිංසන පිරනමන අතර, මෙම සමුළුවේ කාර්යයන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.