LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

සුසන්තිකාගේ අවුරුදු 24ක් පැරණි අසියානු මීටර 100 වාර්තාව 17 හැවිරිදි චීන ක්‍රීඩිකාවක් බිඳ දමයි..

වයස අවුරුදු 17ක චෙන් යුජියේ (Chen Yujie) තත්පර 11.06ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තාය. මෙම ධාවනය ආසියානු ක්‍රීඩා උළෙලේ නව වාර්තාවක් වන අතර ආසියානු වයස අවුරුදු 20ට අඩු කාණ්ඩයේ වාර්තාවද වේ.

LSN Sri Lanka · 26 September 2026

සුසන්තිකාගේ අවුරුදු 24ක් පැරණි අසියානු මීටර 100 වාර්තාව 17 හැවිරිදි චීන ක්‍රීඩිකාවක් බිඳ දමයි..

ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ විසින් වසර 24ක් තිස්සේ ආරක්ෂා කරගෙන සිටි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 වාර්තාව ජපානයේ නාගෝයා නුවර පැවැති 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී බිඳ වැටුණි.

2026 සැප්තැම්බර් 25 වැනිදා නාගෝයා නගරයේ මිසුහෝ උද්‍යාන මලල ක්‍රීඩා පිටියේ (Paloma Mizuho Stadium) පැවති කාන්තා මීටර් 100 අවසන් මහා තරගයේදී චීනයේ වයස අවුරුදු 17ක චෙන් යුජියේ (Chen Yujie) තත්පර 11.06ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තාය. මෙම ධාවනය ආසියානු ක්‍රීඩා උළෙලේ නව වාර්තාවක් වන අතර ආසියානු වයස අවුරුදු 20ට අඩු කාණ්ඩයේ වාර්තාවද වේ. .

පැරණි වාර්තාව වූයේ 2002 ඔක්තෝබර් 8 වැනිදා දකුණු කොරියාවේ බුසාන් ආසියානු ක්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ විසින් තත්පර 11.15කින් පිහිටුවන ලද වාර්තාවය (සුළං −0.1 m/s). එදා රිදී පදක්කම උස්බෙකිස්තානයේ ලියුබොව් පෙරෙපෙලෝවාටත් (11.38) ලෝකඩ පදක්කම චීනයේ කින් වැන්ග්පිංටත් (11.51) හිමි විය.

නාගෝයා අවසන් මහා තරගයේ ප්‍රතිඵල මෙසේය:

1. චෙන් යුජියේ (චීනය) – 11.06 – රන්, තරගාවලි වාර්තාව

2. ෂාන්ති පෙරේරා (සිංගප්පූරුව) – 11.21 – රිදී (වාර්ෂික හොඳම)

3. එඩිඩියොං ඔඩියොං (බහරේන්) – 11.33 – ලෝකඩ

4. මිදොරි මිකෝසේ (ජපානය) – 11.43

චෙන් අර්ධ අවසන් පූර්ව වටයේදී තත්පර 11.41කින් ඉදිරියට ගිය අතර අවසන් තරගයේදී තත්පර 0.35ක් පමණ අඩු කාලයක් වාර්තා කළාය. සිංගප්පූරුවේ ෂාන්ති පෙරේරා 2023 හැංෂෝ උළෙලේදීද රිදී පදක්කම දිනා ගෙන සිටියාය. චීනයේ 2023 හැංෂෝ ශූරිය වූ ගේ මැන්චි ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙවර ඉවත් වූ අතර රන් පදක්කම රැක ගැනීමේ වගකීම චෙන් මත පැවතියේය.

චෙන් යුජියේ 2008 දෙසැම්බර් 29 වැනිදා චීනයේ නිංබෝ නුවර උපන්නීය. මෙය ඇගේ පළමු ආසියානු ක්‍රීඩා උළෙලය. තරගයෙන් පසු ඇය පැවසුවේ මෙය දෙසැම්බරයේ 18 වැනි උපන්දිනයට පෙර ලැබුණු හොඳම තෑග්ග බවය. “මට සීමාවක් නැහැ,” යැයිද ඇය පැවසුවාය. World Athletics වාර්තාවලට අනුව මෙම 11.06 චීන කාන්තාවකට ආසියානු ක්‍රීඩා උළෙලකදී ධාවනය කළ දෙවැනි වේගවත්ම කාලයයි; ලි ෂුඒමේයි 1998දී සුළං ආධාරයෙන් 11.05ක් ධාවනය කර තිබුණි.

සුසන්තිකා ජයසිංහ (1975 දෙසැම්බර් 17) ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මලල ක්‍රීඩිකාවන් අතරින් කෙනෙකි. ඇය 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කමක් (මුලින් ලෝකඩ; පසුව මැරියන් ජෝන්ස් ඩෝපිං හේතුවෙන් උසස් කිරීම) දිනා ගත් අතර එය ඩන්කන් වයිට්ගෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවැනි ඔලිම්පික් පදක්කමය. ඇය ආසියානු කාන්තාවකට ස්ප්‍රින්ට් ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ක්‍රීඩිකාවද වේ. 1997 ලෝක ශූරතාවලියේ මීටර් 200 රිදී පදක්කමත් ඇයට හිමි විය. බුසාන් 2002 රන් පදක්කම ඇගේ ආසියානු ක්‍රීඩා උළෙලේ එකම රන් පදක්කමය. ඇයට “ආසියානු කළු වෙළඹ” යන අන්වර්ථ නාමයද තිබුණි.

එම 11.15 වාර්තාව වසර 24ක් තිස්සේ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 ඉසව්වේ ඉහළම ලකුණ ලෙස රැඳී තිබුණි. එය බිඳ වැටීම ශ්‍රී ලාංකික ක්‍රීඩා ඉතිහාසයේ සංකේතාත්මක මොහොතකි. විශේෂත්වය වන්නේ සුසන්තිකාගේ තරග වාර්තාව බිඳවැටුන තරගයට ශ්‍රි ලාංකික නියෝජනයක් නොතිබීමය.