LSN News › Sri Lanka

හෙරොයින් ග්‍රෑම් 24ක් ළඟ තබාගෙන ජාවාරම් කළ අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබූ අතර, පැවැත්වුණු දීර්ඝ නඩු විභාගයෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවය.

LSN Sri Lanka · 29 October 2026

හෙරොයින් ග්‍රෑම් 24ක් ළඟ තබාගෙන ජාවාරම් කළ අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

හෙරොයින් ග්‍රෑම් 24ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට ජීවිතාන්තය දක්වා වන සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය.

</p>

<p>

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

</p>

<p>

2022 වසරේ දී මෝදර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අදාළ හෙරොයින් ග්‍රෑම් 24 සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

</p>

<p>

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබූ අතර, පැවැත්වුණු දීර්ඝ නඩු විභාගයෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවය.

</p>

<p>

ඒ අනුව, චෝදනාවලට වරදකරු කරනු ලැබූ විත්තිකරුට මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.