පසුගිය පැය 24 තුළ තලවතුගොඩ, මාදිවෙල සහ කටුනායකින් මත්ද්‍රව්‍ය කිලෝ 21කට අධික තොගයක් කොටුවෙයි... වටිනාකම කෝටි 60කට වැඩියි...!
පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ සිදුවූ මෙම වැටලීම් තුනෙන් මුළු හෙරොයින් කිලෝග්‍රෑම් 6.595ක්, අයිස් කිලෝග්‍රෑම් 7.399ක්, කුෂ් කිලෝග්‍රෑම් 2.66ක් සහ හෂීෂ් කිලෝග්‍රෑම් 5.26ක් ලෙස මත්ද්‍රව්‍ය කිලෝ 21.9ක් අත්අඩංගුවට ගැනීමට සමත්වීම සුවිශේෂී ජයග්‍රහණයකි.
LSN Sri Lanka ·

පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ ස්ථාන දෙකක සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සිදුකළ වැටලීම් තුනකින් හෙරොයින්, අයිස්, කුෂ් සහ හෂීෂ් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21.9කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සහ ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව තිබේ.

ජාතික මත්ද්‍රව්‍ය මර්දන “රටම එකට” ව්‍යාපාරයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම් මගින්, දිවයින තුළ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය බෙදාහැරීම් ජාල මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ගමනාගමන මාර්ග ද එකවර ඉලක්ක කර ඇති බව පැහැදිලිය.

මෙම අත්අඩංගුවට ගැනීම් අතරින් වැඩිම වීදි වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගය වාර්තා වන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙනි. අද (07) අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට බටික් එයාර් ගුවන් සේවයට අයත් OD-297 දරන ගුවන් යානයෙන් මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණි මෙම සැකකරුගේ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී, “සියඹලා ටොෆී” ලෙස ලේබල් කරන ලද ටින් හතරක් තුළ සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 102ක් සහ ටොෆී ස්වරූපයෙන් විශේෂයෙන් සකස් කළ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 260ක් සොයාගෙන තිබේ.

එක්ව ගත් කළ කිලෝග්‍රෑම් 7.362ක් වන මෙම මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 231.42ක් (කෝටි 23කට අධික) වේ. සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර, මැලේසියාව හරහා ක්‍රියාත්මක වන මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හුවමාරු මාර්ගය පිළිබඳව විමර්ශන පුළුල් කර ඇත.
මේ අතර, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් තලවතුගොඩ, 07 වන පටුමග ප්‍රදේශයේ පිහිටි නිවසක් වැටලීමේදී අවුරුදු 32ක සැකකරුවෙකු සමඟ හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 946ක් සහ අයිස් (ක්‍රිස්ටල් මෙතම්පෙටමීන්) කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 290ක් අත්අඩංගුවට ගෙන තිබේ. කිලෝග්‍රෑම් 8.236ක් වන මෙම සමස්ත තොගය නගරය තුළ ප්‍රාදේශීය වශයෙන් බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ එකක් බවට හඳුනාගෙන ඇත.

තෙවන වැටලීම ඊයේ (06) රාත්‍රියේ මාදිවෙල ප්‍රදේශයේදී සිදුකර ඇත්තේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසිනි. ලද තොරතුරකට අනුව මාදිවෙල පදිංචි 25 හැවිරිදි තරුණයෙකුගේ නිවස පරික්ෂා කිරීමේදී, නිවසේ විවිධ ස්ථානවල වළදමා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 649ක්, අයිස් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 109ක් සහ කුෂ් ග්‍රෑම් 558ක් සොයාගෙන ඇත. එම තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 6.316ක් පමණ වේ.

පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ සිදුවූ මෙම වැටලීම් තුනෙන් මුළු හෙරොයින් කිලෝග්‍රෑම් 6.595ක්, අයිස් කිලෝග්‍රෑම් 7.399ක්, කුෂ් කිලෝග්‍රෑම් 2.66ක් සහ හෂීෂ් කිලෝග්‍රෑම් 5.26ක් ලෙස මත්ද්‍රව්‍ය කිලෝ 21.9ක් අත්අඩංගුවට ගැනීමට සමත්වීම සුවිශේෂී ජයග්‍රහණයකි.

2025 ඔක්තෝබර් මාසයේ ආරම්භ කළ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය, පොලිසිය සහ STF එක්ව ගුවන්, ගොඩබිම් සහ මුහුදු මාර්ග ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය ජාලයන්හි සැපයුම් මාර්ග අඛණ්ඩව අවහිර කරමින් සිටී. මෙම නවතම වැටලීම් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වේ.