කැරට් 24 රන් මොසැයික් තාක්ෂණයෙන් අලංකාරවත් කළ ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන යළි විවෘත කෙරේ!
මෙම රන් වියන 1987 වසරේදී හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් පූජා කරනු ලැබ තිබේ. අනතුරුව 2002 හා 2018 යන වසරවලදී මෙය ප්‍රතිසංස්කරණයට ලක්කර ඇත.
LSN Sri Lanka ·

ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේ වැඩ හිඳින ගන්ධ කුටියට ඉහළින් ස්ථාපිත කර තිබෙන රන් වියනේ වර්ග අඩි 2,900ක් වන සමස්ත මතුපිට පෘෂ්ඨය කැරට් 24 රන් මොසැයික් තාක්ෂණය උපයෝගී කරගනිමින් අලංකාරවත් සහ කල්පවත්නා ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කරනු ලැබීමෙන් පසු යළි විවෘත කිරීම අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද (20) සිදු කෙරුණි.

මෙම රන් වියන 1987 වසරේදී හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් පූජා කරනු ලැබ තිබේ. අනතුරුව 2002 හා 2018 යන වසරවලදී මෙය ප්‍රතිසංස්කරණයට ලක්කර ඇත.

කාලයත් සමඟ රන්පත් පියලි අවර්ණ වී ක්ෂය වීම හේතුවෙන් පෙර තිබූ දිස්නය හා අලංකාරය ක්‍රමයෙන් අඩුවීම නිසා මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ මගපෙන්වීමෙන් විශ්ව පාරමී පදනමේ පූර්ණ අනුග්‍රහය ඇතිව රන් වියන යළි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය වසරේදී ආරම්භ කෙරුණි.

මේ සඳහා ලෝප්‍රකට ඉතාලි සමාගමක තාක්ෂණික උපදෙස්, සැලසුම් සහ යෝජනා ද ලොව ප්රමුඛ පෙළේ ඉංජිනේරු සමාගම් කිහිපයක උපදේශකත්වය ද දේශීය සමාගම් ගණනාවක දායකත්වය ද ලබාගෙන තිබේ.

ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන යළි නිරාවරණය කිරීමේ උත්සවයට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්රමුඛ උභය මහාවිහාරීය මහා සංඝරත්නය ද, තායිලන්ත ථෙරවාද බෞද්ධ පැවිදි සම්ප්රදායේ අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ භාවනා ආචාර්යවරයකු හා ආධ්‍යාත්මික ගුරුවරයකු වන තායිලන්තයේ වට් මාර්ප් ජෑන් ආරාමයේ අතිපූජ්‍ය ලුආං පෝ-අනන් අකංචාගනෝ ස්වාමීන් වහන්සේ ප්රමුඛ තායි දූත පිරිසක් ද සහභාගි වූහ.

රන් වියනට ඉහළින් ඇති කොත් කැරලි ද්විත්වය ලෝප්‍රකට ස්වර්ණාභරණ සමාගමක් වන සිංගප්පූරුවේ රෝයල් ඉන්සිග්නියා (Royal Insignia) සමාගම විසින් දඹරනින් නිර්මාණය කර තිබේ. රන් වියන වෙත ජපානයේ ඉවාසාකි සමාගමේ High-Beam Eye Light ආලෝකකරණ පද්ධතියකින් ආලෝකය සැපයීමට කටයුතු යොදා තිබේ.