LSN News › Sri Lanka

වසර 25කට පසු වෛද්‍ය සැපයුම් අංශයට ලෝක බැංකු ආධාරයෙන් කෝටි 13ක නවීන රථ පෙළක්!

අලුතින් සපයන ලද මෙම සියලුම රථ, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් වඩාත් සුරක්ෂිතව මෙන්ම වේගවත්ව හැසිරවීම සඳහා අවශ්‍ය නවීනතම තාක්ෂණයෙන් සහ උපාංගවලින් සමන්විත වේ.

LSN Sri Lanka · 24 October 2026

වසර 25කට පසු වෛද්‍ය සැපයුම් අංශයට ලෝක බැංකු ආධාරයෙන් කෝටි 13ක නවීන රථ පෙළක්!

වසර 25කට පසුව වෛද්‍ය සැපයුම් අංශයට (MSD) රුපියල් මිලියන 130ක් (කෝටි 13ක්) වටිනා ෆෝක්ලිෆ්ට් රථ 04ක් සහ රීච් ට්‍රක් රථ 11ක් නොබෝදා භාරදී තිබේ. ලෝක බැංකු ව්‍යාපෘති ප්‍රතිපාදන යටතේ මිලදී ගන්නා ලද මෙම රථ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් නිල වශයෙන් භාරදෙන ලදී.

</p>

<p>

වෛද්‍ය සැපයුම් කළමනාකරණ ක්‍රියාවලියේ මෙහෙයුම් ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම මිලදී ගැනීම සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

</p>

<p>

අලුතින් සපයන ලද මෙම සියලුම රථ, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් වඩාත් සුරක්ෂිතව මෙන්ම වේගවත්ව හැසිරවීම සඳහා අවශ්‍ය නවීනතම තාක්ෂණයෙන් සහ උපාංගවලින් සමන්විත වේ.

</p>

<p>

මෙම උපකරණ සැපයීමට අමතරව, දිවයිනේ ඖෂධ ගබඩා ධාරිතාව පුළුල් කිරීම සඳහා ගාල්ල, කොළඹ සහ අනුරාධපුර යන ප්‍රදේශවල නව ඖෂධ ගබඩා සංකීර්ණ 3ක් ඉදිකිරීමටද මෙම ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ණය ආධාර හිමිවීමට නියමිතය.

</p>

<p>

මෙම නවීන ගබඩා සංකීර්ණවල ඉදිකිරීම් කටයුතු 2027 වසරේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, එමඟින් වෛද්‍ය සැපයුම් අංශයේ සමස්ත ගබඩා ධාරිතාවට ඝන මීටර 20,000ත් 30,000ත් අතර අතිරේක ඉඩ ප්‍රමාණයක් එකතුවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://scontent.fcmb11-3.fna.fbcdn.net/v/t39.30808-6/861746277_1555811133231647_7469445997804275689_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx1600x1042&ctp=s1600x1042&_nc_cat=108&_nc_map=urlgen_bucketless&ccb=1-7&_nc_sid=127cfc&_nc_eui2=AeGm9d4GdrTQDXHasoBUEmo7O3ogyzYtEwM7eiDLNi0TA4DRdBb_OJbiMWWM9defqzQMcrFsv3rtYA417C5PPUVn&_nc_ohc=OgOl3cV69VMQ7kNvwGUfwRT&_nc_oc=AdppbciotC9NNIFbfc2zahXK4RjH_38ThGdKScTFP_79BtNUHCKEqMK_tPn9K8eFjKMWAX3mFNZuAS991Ey_Kzuj&_nc_zt=23&_nc_ht=scontent.fcmb11-3.fna&_nc_gid=3Sr3PDGTOA4u2DekzkPjbw&_nc_ss=7b2a8&oh=00_AQMcgLoQlXTe52sMg0gjFBHEa-vyw5H2VxV2PwbB-AB7sg&oe=6AE2119D" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>