LSN News › Sri Lanka

තේ පැළ මිලියන 25 ව්‍යාපෘතියෙන් කෝටි 20ක ප්‍රතිලාභ අපතේ: තවාන්කරුවන් 535ක් අක්‍රියයි - ජාතික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මෙම ව්‍යාපෘතිය මගින් ක්ෂේත්‍රයට තේ පැළ 28,875,000ක් (දෙකෝටි අසූඅට ලක්ෂ හැත්තෑපන් දහසක්) නිකුත් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද, නිකුත් කිරීමට හැකිව ඇත්තේ තේ පැළ 5,707,028ක් (පනස්හත් ලක්ෂ හත්දහස් විසිඅටක්) පමණි. මෙය අපේක්ෂිත සමස්ත තේ පැළ ප්‍රමාණයෙන් සියයට 20ක ප්‍රතිශතයක් පමණක් බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

LSN Sri Lanka · 9 October 2026

තේ පැළ මිලියන 25 ව්‍යාපෘතියෙන් කෝටි 20ක ප්‍රතිලාභ අපතේ: තවාන්කරුවන් 535ක් අක්‍රියයි - ජාතික විගණන වාර්තාවෙන් හෙළිවේ!

තේ පැළ මිලියන 25 විශේෂ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභ ලබා දුන් තේ තවාන්කරුවන් 980 දෙනා අතුරින් 535 දෙනෙකුම අක්‍රිය තවාන්කරුවන් බවට පත්වීම හේතුවෙන්, ඔවුන් වෙත නිකුත් කරන ලද රුපියල් 9,767,3635ක් (නවකෝටි හැත්තෑහය ලක්ෂ හැත්තෑතුන් දහස් හසිය තිස් පහක්) වටිනා මූල්‍ය හා ද්‍රව්‍යමය ප්‍රතිලාභ නිරපරාදේ අපතේ ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

</p>

<p>

ජාතික විගණන කාර්යාලය මගින් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ මේ බව සඳහන් වේ.

</p>

<p>

එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් 108,081,300ක (දසකෝටි අසූලක්ෂ අසූඑක් දහස් තුන්සියයක) පමණ මූල්‍ය හා ද්‍රව්‍යමය සහනාධාර ලබාගත් සක්‍රිය හා අක්‍රිය තවාන්කරුවන් 581 දෙනෙකු විසින් එකම තේ පැළයක් හෝ වගා කිරීම සඳහා ක්ෂේත්‍රයට නිකුත් කර නොමැති බවද විගණන වාර්තාව පෙන්වා දෙයි.

</p>

<p>

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ රුපියල් මිලියන 250ක මූල්‍ය ප්‍රතිපාදන මත කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විසින් 2020 සහ 2021 වසරවලදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් තවාන්කරුවන් වෙත ප්‍රතිලාභ ලබා දී තිබිණි. කෙසේ වෙතත්, ප්‍රතිලාභ ලැබූ තවාන්කරුවන්ගෙන් සියයට 54ක්ම 2025 වර්ෂය වන විට අක්‍රිය තවාන්කරුවන් බවට පත්ව ඇත.