LSN News › Sri Lanka

ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීම ගැන තීන්දුව නොවැම්බර් 25 දාට!

හේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ හිටපු ජනාධිපතිවරයා මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින්, ඇප මත හෝ ඇපකරයක් මත ඔහුව මුදාහැරීමට අධිකරණයට බලයක් නොමැති බවය. එක්කෝ ඔහුව සැකකරුවෙකු ලෙස නම් කළ යුතු බවත්, එසේ නොමැති නම් සිදුවන්නේ පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීම බවත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LSN Sri Lanka · 4 November 2026

ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීම ගැන තීන්දුව නොවැම්බර් 25 දාට!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන්වන නියෝගය නොවැම්බර් 25 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (නොවැම්බර් 4) නියෝග කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන නිසි ලෙස නොපැවැත්වීම සම්බන්ධයෙන් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවතින නඩුවට අදාළව, මීට මාස හතරකට පමණ පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් නිකුත් කර තිබුණි.

අනතුරුව පසුගිය ඔක්තෝබර් 28 වැනිදා හිටපු ජනාධිපතිවරයා තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍ය බව පවසමින්, නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් කොළඹ කොටුව අධිකරණය හමුවේ මෝසමක් ගොනු කළේය. එදින කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය අධිකරණයට දක්වන ලෙස නියෝග කළේය.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, හිටපු ජනාධිපතිවරයා නැවත අධිකරණය හමුවට ගෙන්වා ගැනීමට හැකි වන පරිදි සුදුසු නියෝගයක් කරමින් ඔහුව මුදාහරින ලෙසය.

එහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ හිටපු ජනාධිපතිවරයා මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින්, ඇප මත හෝ ඇපකරයක් මත ඔහුව මුදාහැරීමට අධිකරණයට බලයක් නොමැති බවය.

එක්කෝ ඔහුව සැකකරුවෙකු ලෙස නම් කළ යුතු බවත්, එසේ නොමැති නම් සිදුවන්නේ පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීම බවත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට විරෝධය පළ කළේය.

අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුවන්ති කුරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී හෘද සැත්කමකට භාජනය වී ඇති බවත්, ඊට අදාළ වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීම අත්‍යවශ්‍ය බවත් පැවසීය.

අදාළ පරික්ෂණ සිදුකරන වෛද්‍යවරයා නොවැම්බර් 28 සිට දෙසැම්බර් 8 දක්වා කාලය තුළ පමණක් අදාළ රෝහලේ රැඳී සිටින බවත්, මීට පෙරද සිය සේවාදායකයා විදේශගත වී නැවත දිවයිනට පැමිණ ඇති බැවින් මෙම ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම ඉල්ලීමට අදාළ නියෝගය නොවැම්බර් 25 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට දින නියම කළේය.