LSN News › Sri Lanka

අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත නොවැම්බර් 25 දක්වා රිමාන්ඩ් වුනේ ඇයි?....

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන, සැකකාර ආනන්ද පාලිත ලබන නොවැම්බර් 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

LSN Sri Lanka · 17 November 2026

අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත නොවැම්බර් 25 දක්වා රිමාන්ඩ් වුනේ ඇයි?....

2015 – 2018 සමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුව ඇතැයි පැවසෙන රුපියල් ලක්ෂ 31ක සේවක අතිකාල දීමනා වංචාවකට අදාළව, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ලබන නොවැම්බර් 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය.

ඊයේ (16) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන හමුවට ඉදිරිපත් කෙරිණි.

ආනන්ද පාලිතට එරෙහිව ඇති චෝදනාව කුමක් ද?

ආනන්ද පාලිත යනු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් පිරවුම්කරුවෙකි. සේවය කරන අතර වෘත්තීය සමිති කටයුතු සඳහා ඔහුට ඉන් නිදහස ලැබී තිබේ. තෙල් පිරවුම්කරුවෙකුට මූලික වැටුපට අමතරව දිරි දීමනා (incentive) ලැබෙන්නේ ඔහු විසින් පුරවනු ලබන තෙල් ප්‍රමාණයට අනුවය.

කෙසේ වෙතත්, තෙල් නොපුරවා 2015 ජනවාරි 21 සිට 2018 ඔක්තෝබර් 20 දක්වා වූ කාලය තුළ රුපියල් 31,11,601ක මුදලක් වංචා කිරීම සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වන්නේ විගණන වාර්තාවකට අනුවය. එම විගණන වාර්තාව සිදුකිරිමට මූලික වූ පැමිණිල්ල කරනු ලැබ ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෘත්තිය සමිති නායකයෙක් විසිනි.

විගණන කටයුතු හරහා මෙම සිදුවීමට අදාළ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. එම තොරතුරු මත පදනම්ව මුදල් වංචා කිරිම හා සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව සිදු කළ විමර්ශනයකින් පසු ඔහුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙම නඩුව 1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ ගැනෙන වරදක් ලෙස මේ වන විට විභාග වෙමින් පවතී.

අධිකරණ භූමියට රැගෙන එන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආනන්ද පාලිත මෙසේ පැවසීය:

"නිවැරදිව කරලා තියෙනවා. තෙල් සංස්ථාවේ සභාපතිගේ දූෂණ හෙළි කළා කියලා නොකළ වරදකට අපිව පටලවන්නේ. මම ගරු අධිකරණයෙන් සාධාරණය අපේක්ෂාවෙන් යන්නේ. අපේ දැන් ඩොලර් එක, තෙල් බැරල් එක අඩු වෙලා, දැන් ඉන්ධන මිල අඩු කරන්න“

පැමිණිල්ලේ කරුණු දැක්වීම

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විමර්ශන නිලධාරියා මෙසේ සඳහන් කළේය:්‍

"ස්වාමීනි, මේ සිද්ධියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මානව සම්පත් කළමනාකරු වශයෙන් සිටි අසංක පෙරේරා දූෂණ විරෝධී පනත ප්‍රකාරව දූෂණය නැමැති වරද සිදු කර තිබෙනවා. නමුත් ඔහු මේ වන විට මියගොස් සිටින්නේ. අද දින අධිකරණයට ඉදිරිපත් කරන මේ සැකකරු දූෂණය නැමැති වරද සිදු කිරීම සම්බන්ධව චෝදනා එල්ල කරන්නේ නැහැ. ඔහුට එල්ල කර තිබෙන්නේ පොදු දේපළ අවභාවිතා කිරීම සම්බන්ධවයි. ඒ අනුව ඔහුට පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කරනවා.“

මොහු ලබාගෙන තිබෙන අතිකාල දීමනා මොහුට ලබා ගැනීමට හැකිවන්නේ සවස 4.45න් පසුවයි. නමුත් අතිකාල දීමනා ලබා ගැනීමට මොහු ඒ කාලයේ, ඒ වෙලාවේ රාජකාරි කරලා නැහැ. මොහු රාජකාරියට වාර්තා කළ බවට සඳහන් වන්නේ උදේ 7.15 - 7.30 අතරයි. මේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහතිකය ද සහිතවයි. සාපරාධී ලෙස පරිහරණය වී ඇති මුදල් රුපියල් ලක්ෂයකට අධිකයි. තවමත් විමර්ශන සිදුවෙමින් තිබෙන්නේ. සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා."

විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම

අනතුරුව සැකකාර ආනන්ද පාලිත වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සමඟින් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇප ඉල්ලීමක් සිදු කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

"ස්වාමීනි, මොවුන් සඳහන් කළා මගේ සේවාදායකයාට පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් කරලා කියලා. පොදු දේපළ පනතේ අර්ථ නිරූපණයට අනුව කිසිම ආකාරයකින් සමාගමක දේපළ මීට අදාළ වෙන්නේ නැහැ. මේ ඇවිල්ලා CPSTL (ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම). මෙය සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ සමාගමක්. මේවා ගැන හොයන්න තිබ්බේ අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්නට කලින්. මේ සම්බන්ධව ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිල්ල එය අධිකරණයට ඉදිරිපත් කළා.

එහි සඳහන් වෙනවා පැමිණීම සහ පිටවීම වාර්තා කළ පසු වැටුප් සහ දීමනා ගෙවන ලෙස. දීමනා කියලා සඳහන් වෙනවා. ඒවා අතිකාල දීමනා වෙන්නත් පුළුවන්, වෙනත් දීමනා වෙන්නත් පුළුවන්. 2018න් පස්සේ අවුරුදු අටක් නවයක් තිබ්බා ඕන තරම් විගණන කරලා මේ මුදල් වැරදි විදියට අරන් කියලා ඔප්පු කරන්න. ඒත් කළේ නැහැ. සුදුසු කොන්දේසියක් මත ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනි."

පැමිණිල්ලේ ප්‍රතිචාරය සහ අධිකරණ නියෝගය

විත්තියේ කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් නැවතත් කරුණු ඉදිරිපත් කළ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විමර්ශන නිලධාරියා මෙසේ පැවසීය:

"ස්වාමීනි, මේ ආයතනයේ සියයට 60ක් රජය සතුයි. මේවා විගණනයට ලක් වෙනවා. මොහු පර්යන්තයේ වැඩ කරලා නැහැ. මොහුට අතිකාල දීමනාවක් ඉල්ලන්න බැහැ. තමන්ට අයිතියක් නැති එකක් ඇයි මෙයා ගත්තේ? ප්‍රතික්ෂේප කරන්න තිබ්බා මොහුට."

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන, සැකකාර ආනන්ද පාලිත ලබන නොවැම්බර් 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.