LSN News › Sri Lanka

කෝටි 25කට වැඩි වටිනාකමක් සහිත අයිස් සහ හෙරොයින් සමග 24 හැවිරිදි තරුණයෙක් අත් අඩංගුවට...

වාර්තාවන පරිදි සැකකරු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ සමීපතමයෙකු වූ කුප්‍රකට කුඩු මොරිල්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පුරුකකි. ඔහු විදේශගතව සිටින ‘මොරිල්’ට අයත් මත්ද්‍රව්‍ය මෙරට තුළ බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයෙකු ලෙස ඔහු කටයුතු කරමින් සිට ඇතැයි මූලික විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරයි.

LSN Sri Lanka · 11 October 2026

කෝටි 25කට වැඩි වටිනාකමක් සහිත අයිස් සහ හෙරොයින් සමග 24 හැවිරිදි තරුණයෙක් අත් අඩංගුවට...

රුපියල් කෝටි 25කට අධික වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් සමග වත්තල, මාබෝල ප්‍රදේශයේදී 24 හැවිරිදි තරුණයෙක් අත් අඩංගුවට ගැනීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ. ඔහු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය කිලෝ 18කට අධිකය.

</p>

<p>

ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 229ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 264ක්, මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා යොදාගත් තරාදියක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන ඇත.

</p>

<p>

වාර්තාවන පරිදි සැකකරු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ සමීපතමයෙකු වූ කුප්‍රකට කුඩු මොරිල්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පුරුකකි. ඔහු විදේශගතව සිටින ‘මොරිල්’ට අයත් මත්ද්‍රව්‍ය මෙරට තුළ බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයෙකු ලෙස ඔහු කටයුතු කරමින් සිට ඇතැයි මූලික විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරයි.

</p>

<p>

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි. මෙම වැටලීම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින විශාල ජාලයන් හෙළිදරව් කිරීමේ පියවරක් ලෙස සැලකේ.