සරම්ප තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව දිනාගත් ගෞරවය යළි තහවුරු කර ගැනීමට දීපව්‍යාප්ත විශේෂ එන්නත්කරණ වැඩසටහනක් – වයස අවුරුදු 25-35 තරුණ ප්‍රජාව සහ මාස 6-9 බිළිඳුන් ඉලක්ක කෙරේ !
2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස නිල වශයෙන් පිළිගනු ලැබූ නමුත්, පසුගිය කාලය තුළ විටින් විට රෝගීන් වාර්තා වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නිසි පරිදි එන්නත් ලබා නොගත් සුළු පිරිසක් රට තුළ සිටීම බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පෙන්වා දෙයි.
LSN Sri Lanka ·

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දී ඇති පිළිගැනීම සහ එම සෞඛ්‍යමය ජයග්‍රහණය යළි තහවුරු කර ගැනීමේ අරමුණින්, ලබන වසරේ (2027) ජනවාරි මාසයේ සිට දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් ඉලක්කගත කණ්ඩායම් වෙත විශේෂ සරම්ප එන්නත් මාත්‍රාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පියවර ගෙන තිබේ.

මේ වසර තුළ මේ දක්වා මෙරටින් සරම්ප රෝගීන් 88 දෙනෙකු වාර්තා වී ඇති පසුබිමක, රෝගය යළි හිස එසවීම සම්පූර්ණයෙන්ම පාලනය කරමින් සරම්ප තුරන් කළ රටක් යන තත්ත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා මෙම විශේෂ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස නිල වශයෙන් පිළිගනු ලැබූ නමුත්, පසුගිය කාලය තුළ විටින් විට රෝගීන් වාර්තා වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නිසි පරිදි එන්නත් ලබා නොගත් සුළු පිරිසක් රට තුළ සිටීම බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පෙන්වා දෙයි. එම අවදානම සම්පූර්ණයෙන්ම දුරු කරමින් ශ්‍රී ලංකාව සරම්ප තුරන් කළ රටක් බව යළි තහවුරු කර ගැනීම සෞඛ්‍ය අංශවල ප්‍රධාන ඉලක්කය වී ඇත.

මේ වසරේ වාර්තා වූ සරම්ප රෝගීන් 88 දෙනාගෙන් වැඩිම පිරිසක් වයස අවුරුදු 25ත් 35ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණ තරුණියන් බව හඳුනාගෙන ඇති බව ද විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ සඳහන් කරයි.

ඒ අනුව, මෙම විශේෂ එන්නත්කරණ වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ:

පළමු අදියර (2027 ජනවාරි): ලබන වසරේ ජනවාරි මාසය තුළ ක්‍රියාත්මක වන මෙම අදියරේදී දිවයින පුරා සිටින මාස 6ත් 9ත් අතර වයස් කාණ්ඩයේ කුඩා දරුවන් වෙත විශේෂ සරම්ප එන්නත් මාත්‍රාවක් ලබා දීමට කටයුතු කෙරේ.

දෙවන අදියර (2027 අප්‍රේල්): පළමු අදියරෙන් අනතුරුව, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ වයස අවුරුදු 25ත් 35ත් අතර වයස් කාණ්ඩයේ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් මෙම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. තරුණ කණ්ඩායම් වෙනුවෙන් සූදානම් කරන මෙම වැඩසටහන බොහෝ දුරට ලබන වසරේ අප්‍රේල් මාසය තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා අවශ්‍ය එන්නත් තොග මේ වන විටත් ඇණවුම් කර ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

තරුණ ප්‍රජාව වෙත එන්නත් ලබා දීමේ වැඩසටහන වඩාත් සාර්ථක කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල, ඇඟලුම් කර්මාන්තශාලා සහ වෘත්තීය පුහුණු ආයතන ඇතුළු තරුණ කණ්ඩායම් වැඩි වශයෙන් නියෝජනය වන සියලුම ස්ථාන ඉලක්ක කර ගනිමින් එන්නත් මාත්‍රා ලබා දීමට කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරයි.