LSN News › Sri Lanka

මත් ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් 25ගේ දේපළ ගැන පුළුල් විමර්ශනයක්!

විදේශයන්හි සැඟව සිටින සහ මෙරට රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 25 දෙනෙකුට අයත් දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

LSN Sri Lanka · 19 August 2026

මත් ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් 25ගේ දේපළ ගැන පුළුල් විමර්ශනයක්!

විදේශයන්හි සැඟව සිටින සහ මෙරට රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 25 දෙනෙකුට අයත් දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

එම විමර්ශන කටයුතු නීති විරෝධී වත්කම් විමර්ශන කාර්යාංශය මඟින් සෘජුවම මෙහෙයවනු ලබයි.

පසුගියදා අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් භාරයේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තාට අයත් දේපළ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වේ. ඔහුගේ පුත්‍රයාගේ නමින් මිලදී ගෙන තිබූ දේපළ කිහිපයක් සඳහා පසුගියදා අධිකරණයෙන් තහනම් නියෝග ලබාගත් බව ද පොලීසිය සඳහන් කළේය.

මීට අමතරව කොස්ගොඩ සුජී, රත්ගම විදුර, රත්මලානේ සයිමා මෙන්ම කංචිපානි ඉම්රාන් යන අපරාධකරුවන්ට මෙරට ඇති දේපළ සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන පවත්වනු ලබයි.

නීති විරෝධී ක්‍රම මඟින් උපයාගෙන ඇති බවට තහවුරු වන මෙම සියලු දේපළ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කර නීතිමය පියවර ගැනීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.