සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගය ගත් අවසථාවේ සිදුවූයේ කුමක් ද?
රජය ප්‍රකාශ කරන්නේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමට මෙම නීති රාමුව අත්‍යවශ්‍ය වන බවයි. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කර ඇත්තේ ටැටූ හෝ ඇඳුම් වැනි කරුණු සාමාන්‍ය පුරවැසියන්ට අදාළ නොවන අතර එය සංවිධානාත්මක කණ්ඩායම් හඳුනා ගැනීමට පමණක් භාවිතා කරන බවයි. සිංගප්පූරු ආකෘතිය පදනම් කරගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට මෙය අනුකූල බව ද රජය පවසයි. ඊට එරෙහිව තර්ක කරන්නන් පවසන්නේ මෙම පනත කිසිම ආකාරකට එවැනි ප්රමිතීන් තෘප්ත නොකරන අහුලා ගත් කෑලි පුරුද්දා සකස් කළ භයානක පනතක් බවය.
LSN Sri Lanka ·

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ (Prevention of Organised Crimes) පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලතාව අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 26ක් විභාග කිරීම අද (නොවැම්බර් 04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම විභාගය පැවැත්විණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ ගොනු කර ඇති මෙම පෙත්සම් මගින් පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ, පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ තුනෙන් දෙකක බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් ද අවශ්‍ය වන බවයි.

පනත් කෙටුම්පතේ පසුබිම

මෙම පනත් කෙටුම්පත 2026 ඔක්තෝබර් 06 වැනිදා ගැසට් අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ නියෝග පත්‍රයට ඇතුළත් කර තිබුණි. එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධවලට එරෙහි සම්මුතියට (UNTOC) අනුකූලතාව දක්වමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් සමාජය ආරක්ෂා කිරීම මෙහි අරමුණ බව රජය පවසයි. කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු නීති කෙටුම්පත්කරු විසින් මෙය සකස් කර නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබාගෙන තිබේ.

කෙසේ වෙතත්, මෙම කෙටුම්පත ප්‍රසිද්ධ සාකච්ඡාවකින් තොරව සකස් කර ඇති බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) විවේචනයට ලක් වූ දරුණු ලක්ෂණ නැවත හඳුන්වා දෙන බවත් ප්‍රතිපත්ති විකල්ප කේන්ද්‍රය (CPA) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) ඇතුළු සංවිධාන පෙන්වා දෙයි.

නීතිඥවරුන් දැක්වූ ප්‍රධාන තර්ක

පෙත්සම්කාර මාලින්ද සෙනවිරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පනතේ “බරපතළ අපරාධ” යන අර්ථකථනය අතිශය පුළුල් හා භයානක බව පැවසීය. බුද්ධිමය දේපළ පනත, වෙළඳ ලකුණු, සුරාබදු, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වසර හතරකට වැඩි සිර දඬුවම් නියම කළ හැකි සියලු වැරදි මෙන්ම බලපත්‍ර නොමැතිව සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම පවා මීට ඇතුළත් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මෙම පනත් කෙටුම්පත එක්සත් ජාතීන්ගේ සම්මුතියේ මූලික පදනමට පටහැනි බවත් ජනාධිපතිවරයා නොමග යවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

එසේම, පොලිස්පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ඉල්ලීම මත ආරක්ෂක ලේකම්වරයාට මාස දෙකේ සිට වසරක් දක්වා රැඳවුම් නියෝග නිකුත් කළ හැකි බවත්, එමගින් මහේස්ත්රාත්වරයාගේ අභිමතානුසාරී බලය අහෝසි කර ඇති බවත් ඔහු පැවසීය. තොරතුරු ලබා නොදීම වරදක් කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දුන්නේ පොලිසියට අධිකරණ බලය ඉක්මවන බලතල ලබා දීම අනතුරුදායක බවයි. 14 වැනි වගන්තිය යටතේ වින්දිතයෙකුගේ අනන්‍යතාව හෙළිදරව් කිරීම සහ 14(3) වගන්තිය යටතේ අධිකරණ අවසරයකින් තොරව නඩු සම්බන්ධ කරුණු මුද්‍රණය කිරීම වරදක් කිරීම අධිකරණ වාර්තාකරණයට දැඩි බාධාවක් බවත්, විමර්ශන අධීක්ෂණයට ප්‍රතිපාදන නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා පෙන්වා දුන්නේ විධායකයට අධිකරණ මැදිහත්වීමකින් තොරව පුද්ගල නිදහස සීමා කිරීමට ඉඩ සලසන මෙම කෙටුම්පත ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බවයි. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙන්ම නීතිඥ සුරේන් ප්‍රනාන්දු ද පෙන්වා දුන්නේ මහේස්ත්‍රාත්වරයා “රබර් මුද්‍රාවක්” බවට පත් කිරීම, පැය 72ක පොලිස් භාරයේ තබා ගැනීම සහ ඇප බලතල වෙනස් කිරීම මගින් අධිකරණ ස්වාධීනත්වය හා ප්රජාතන්ත්රවාදී අයිතීන් බලපෑමට ලක්වන බවයි.

ජාත්‍යන්තර සහ මානව හිමිකම් සංවිධානවල විවේචන

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධාන දැඩි අවධානයක් යොමු කර ඇත. Human Rights Watch (HRW) සංවිධානය පෙන්වා දෙන්නේ පොලිසියට කරන පාපොච්චාරණ අධිකරණයේ පිළිගැනීමට ඉඩ දීම වධහිංසාව දිරිමත් කළ හැකි බවයි. එමෙන්ම ඇඳුම්, ටැටූ, අත් සංඥා වැනි සාධක මත සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකත්වය තීරණය කිරීමට යාම මගින් අත්තනෝමතික ලෙස පුද්ගලයන් වරදකරුවන් කිරීමේ අවදානමක් පවතින බව ඔවුහු පවසති.

Amnesty International සංවිධානය මෙම පනත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර, වසර දෙකක් දක්වා රැඳවුම්, පොලිස් පාපොච්චාරණ පිළිගැනීම, මාධ්‍ය සීමා කිරීම සහ වරෙන්තු නොමැතිව සෝදිසි කිරීම් වැනි විධිවිධාන මගින් PTA හි දරුණුතම අංග නැවත පැමිණෙන බව අනතුරු අඟවයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද මෙය PTA ට වඩා දරුණු විය හැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන බවත් ප්‍රකාශ කර ඇත.

රජයේ ස්ථාවරය සහ ඉදිරි ක්‍රියාමාර්ගය

රජය ප්‍රකාශ කරන්නේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමට මෙම නීති රාමුව අත්‍යවශ්‍ය වන බවයි. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කර ඇත්තේ ටැටූ හෝ ඇඳුම් වැනි කරුණු සාමාන්‍ය පුරවැසියන්ට අදාළ නොවන අතර එය සංවිධානාත්මක කණ්ඩායම් හඳුනා ගැනීමට පමණක් භාවිතා කරන බවයි. සිංගප්පූරු ආකෘතිය පදනම් කරගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට මෙය අනුකූල බව ද රජය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය අවසානයේ අධිකරණයේ නිගමනය කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිත අතර, එහි ඉදිරි පැවැත්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත තීරණය වනු ඇත.