LSN News › Sri Lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදන් වූ වාහන 26 පිළිබඳ CID විමර්ශන තවමත් අවසන් නැහැ!

මෙම වාහන අතුරුදන් වීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේ විගණන වාර්තා මගින්ද මීට පෙර පෙන්වා දී තිබුණි. එමෙන්ම මෙම වාහන කිසියම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට භාරදුන් බවට කිසිදු ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කර නොතිබූ බවද නවතම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

LSN Sri Lanka · 14 November 2026

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදන් වූ වාහන 26 පිළිබඳ CID විමර්ශන තවමත් අවසන් නැහැ!

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබී පසුගිය කාලයේදී අතුරුදන් වූ වාහන 26ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරනු ලබන විමර්ශන කටයුතු මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විටත් අවසන් වී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

</p>

<p>

අදාළ මෝටර් රථ ජනාධිපති ලේකම් කාර්යාලය නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබුණද, එම වාහනවල භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

</p>

<p>

මෙම වාහන අතුරුදන් වීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේ විගණන වාර්තා මගින්ද මීට පෙර පෙන්වා දී තිබුණි. එමෙන්ම මෙම වාහන කිසියම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට භාරදුන් බවට කිසිදු ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කර නොතිබූ බවද නවතම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

</p>

<p>

ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.