මව සහ පියා රෝගී වී ඇති බව කියමින් ඉල්ලූ නාමල්ගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: ඔක්තෝබර් 27 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
සැකකරුගේ මව මේ වන විට කොළඹ ජාතික රෝහලේ විවෘත හදවත් ශල්‍යකර්මයකට යොමුව සිටින බවත්, පියා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත්, ඔහු වැඩිමහල් පුතා බවත් සලකා ඇප ලබාදෙන ලෙසත් නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඉල්ලිමක් කළේය.
LSN Sri Lanka ·

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ ඉදිරිපත් කරන ලදී.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් පනත යටතේ මෙන්ම මුදල් විශුද්ධිකරණ පනත යටතේ ද නාමල් රාජපක්ෂට එරෙහිව පවතින විමර්ශන අවසන් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන ලද මෙම විමර්ශනවලට අදාළව ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට පැවසීය.

විමර්ශන අවසන් වී උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ මෙම සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා භාරදී විනිසුරුවරුන් තිදෙනෙකු යටතේ නඩු විභාග කිරීමට අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව මෙම නඩුව මෙතැන් සිට මෙම අධිකරණයේ නොකැඳවන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දැක්වීය. එමෙන්ම මෙම සිද්ධියේ පස්වන සැකකරු ලෙස ඩිස්සොලුෂන් සමාගම නම් කරන බවද අධිකරණයට දැනුම් දෙන ලදී.

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු විමර්ශන අවසන් වී ඇති බැවින් අල්ලස් පනතේ 149 වැනි වගන්තිය ප්‍රකාරව ඇප ලබාදීමට හැකියාවක් ඇති බවත්, එය සුවිශේෂී කරුණක් ලෙස සලකන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවද, සැකකරුගේ මව මේ වන විට කොළඹ ජාතික රෝහලේ විවෘත හදවත් ශල්‍යකර්මයකට යොමුව සිටින බවත්, පියා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත්, ඔහු වැඩිමහල් පුතා බවත් සලකා ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

කෙසේ වෙතත්, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම, ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. නඩුවද එදින දක්වා කල් තබන ලදී.