LSN News › Sri Lanka

ආයතන 27ක් නම් කරමින් පිරමීඩ ජාවාරම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්!

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ සෘජුව ම හෝ වක්‍ර ආකාරයෙන් පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම ආරම්භ කරන, ප්‍රදානය කරන, ප්‍රවර්ධනය කරන, ප්‍රචාරය කරන, පවත්වාගෙන යන, මුදල් සපයන, කළමනාකරණය කරන හෝ මෙහෙයවන ඕනෑම පුද්ගලයෙකු දඬුවම් ලැබිය හැකි වරදකට වරදකරුවෙකු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

LSN Sri Lanka · 29 October 2026

ආයතන 27ක් නම් කරමින්  පිරමීඩ ජාවාරම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්!

පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගෙන ඇති ආයතන 27ක ලයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. .

</p>

<p>

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙවැනි පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රමවල නියැලීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

</p>

<p>

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට හඳුනාගත් සමාගම්, වෙබ් අඩවි සහ යෙදවුම්වල (Apps) සම්පූර්ණ ලැයිස්තුවක් විස්තරාත්මකව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ අදාළ සබැඳිය මඟින් ලබා ගත හැකි බව ද මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දෙයි.

</p>

<p>

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ සෘජුව ම හෝ වක්‍ර ආකාරයෙන් පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම ආරම්භ කරන, ප්‍රදානය කරන, ප්‍රවර්ධනය කරන, ප්‍රචාරය කරන, පවත්වාගෙන යන, මුදල් සපයන, කළමනාකරණය කරන හෝ මෙහෙයවන ඕනෑම පුද්ගලයෙකු දඬුවම් ලැබිය හැකි වරදකට වරදකරුවෙකු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

</p>

<p>

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හෝ විමසීම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්ෂණික ඇමතුම් අංක 1935 හෝ +94 11 247 7966 ඔස්සේ සම්බන්ධ විය හැක.

<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/866025792_1561259506020143_1293639979413537638_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx1240x1755&ctp=s720x720&_nc_cat=107&_nc_map=urlgen_bucketless&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=H-1ylLdN85wQ7kNvwE2ZDvh&_nc_oc=AdoPM_nI92d2TzHVasohDFAMC7pLBVzJXvsxIdAxklphdMH1nty2Ug2QfYaNd8qGFx0&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=wsJg-Z45iYj64n8GGImS7w&_nc_ss=7a2a8&oh=00_AQRyYdzsN66isC6FU7wy6jXn0vkPBEYrsI3DfLBC75YfLQ&oe=6AE8D7E3" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>