නානුඔය ඩෙස්ෆර්ඩ් ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 27 දෙනෙකු රෝහලට!
රියදුරන් දෙදෙනාගේම නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරින් බස් රථ දෙකටම දැඩි අලාභහානි සිදුව ඇති අතර, නානුඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
LSN Sri Lanka ·

නානුඔය - තලවකැලේ (නුවරඑළිය වටරවුම්) මාර්ගයේ ඩෙස්ෆර්ඩ් (Dessford) ප්‍රදේශයේදී අද (නොවැම්බර් 14) පෙරවරු 11.00ට පමණ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

නානුඔය පොලිසිය සඳහන් කරන්නේ තුවාල ලැබූ කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

අනතුරට ලක්වූ එක් බස් රථයක් කොළඹ සිට නුවරඑළිය බලා ධාවනය වෙමින් තිබී ඇති අතර, එහි වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විනෝද චාරිකාවක නිරත වෙමින් සිට ඇති බවට තොරතුරු වාර්තා වේ. අනෙක් බස් රථය වැලිමඩ - බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට සහභාගී වීම සඳහා පිරිසක් රැගෙන යමින් තිබී ඇත.

අනතුර සිදුවූ වහාම ප්‍රදේශයේ වතු කම්කරුවන් සහ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව එක්ව තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

රියදුරන් දෙදෙනාගේම නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරින් බස් රථ දෙකටම දැඩි අලාභහානි සිදුව ඇති අතර, නානුඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

අද දිනයේදීම නානුඔය ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් පාසල් සිසුවියක මිය ගොස් ඇත.