මෙම වසරේ පළමු මාස අට තුළ රටේ සංවර්ධන ව්‍යාපෘතිවල සමස්ථ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සියයට 27යි !
2027 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති අයවැය, ආර්ථිකය සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව හෙළි කරයි...
LSN Sri Lanka ·

මෙම වර්ෂයේ (2026) පළමු මාස අට තුළදී රුපියල් බිලියන 445.5 ඉක්මවූ රාජ්‍ය ආයෝජනයක් සිදුකර ඇති බව 2027 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති අයවැය, ආර්ථිකය සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.
</p>
<p>
මෙම සමස්ත රාජ්‍ය ආයෝජනයෙන් රුපියල් බිලියන 45.2ක මුදලක් 'දිට්වා' (Ditwah) සුළිකුණාටුව හේතුවෙන් හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම වෙනුවෙන් වැය කොට තිබුණි. කෙසේ වුවද, මෙම ආයෝජන ව්‍යාපෘතිවල සමස්ත ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ආසන්න වශයෙන් සියයට 27ක පහළ මට්ටමක පවතින බවද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
</p>
<p>
රජයේ ප්‍රාග්ධන වියදම්වල ප්‍රගතිය මෙලෙස අඩුවීම කෙරෙහි බාධක ගණනාවක් ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඒ අතර සැපයුම් දාමයේ පවතින බාධා—විශේෂයෙන්ම මාර්ග ඉදිකිරීම සඳහා අත්‍යවශ්‍ය වන තාර (Bitumen) හිඟය, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදුවන ප්‍රමාදයන්, ඉඩම් අත්පත් කර ගැනීම සහ පාරිසරික අනුමැතීන් ලබා ගැනීමේ ප්‍රමාදයන් මූලික වී ඇත.
</p>
<p>
මීට අමතරව, ඇතැම් ව්‍යාපෘතිවල විෂය පථය වෙනස් වීම සහ ව්‍යාපෘති කළමනාකරණයට අදාළ විවිධ ගැටලු ද රාජ්‍ය ආයෝජන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අඩාල වීමට සෘජුවම බලපා ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.