කතරගම දේවාලයට අයත් තණමල්විල ඉඩමකදී 28 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ !
ඔහු ඊයේ (23) දින තණමල්විල නිකවැව 280 වත්තේ පිහිටි අදාළ පොල් ඉඩම පිරිසිදු කිරීම සඳහා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. තරුණයා රාත්රී කාලයේදීත් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් අද අලුයම ඔහුගේ පියා අදාළ ඉඩමට ගොස් සොයා බලා ඇත. එහිදී සිය පුත්රයා වෙඩි වැදී මියගොස් සිටිනු දැක ඒ පිළිබඳව තණමල්විල පොලිසියට දැනුම් දී ඇත.
LSN Sri Lanka ·

කතරගම දේවාලයට අයත් තණමල්විල, නිකවැව ප්රදේශයේ පිහිටි බදු පදනම මත ලබා දී ඇති ඉඩමක් සුද්ධ කරමින් සිටි 28 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබියදී අද (24) උදෑසන සොයාගත් බව තණමල්විල පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තණමල්විල, බෝදාගම, මීගස්වැව ප්රදේශයේ පදිංචිව සිටි අවිවාහක තරුණයෙකි.

ඔහු ඊයේ (23) දින තණමල්විල නිකවැව 280 වත්තේ පිහිටි අදාළ පොල් ඉඩම පිරිසිදු කිරීම සඳහා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ තරුණයා රාත්රී කාලයේදීත් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් අද අලුයම ඔහුගේ පියා අදාළ ඉඩමට ගොස් සොයා බලා ඇත. එහිදී සිය පුත්රයා වෙඩි වැදී මියගොස් සිටිනු දැක ඒ පිළිබඳව තණමල්විල පොලිසියට දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් අනතුරුව තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක තිළිණ ද සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ මූලික විමර්ශන ආරම්භ කර ඇත.

මීට අමතරව, අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් (SOCO) සහ පොලිස් නිල සුනඛ අංශය ද ස්ථානීය පරීක්ෂණ සඳහා කැඳවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඉදිරියේදී මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.