LSN News › Sri Lanka

මහ බැංකු බැඳුම්කර නඩුව ලබන වසරේ ජනවාරි 28 කැඳවීමට නියෝග ...

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීරණය කළේය.

LSN Sri Lanka · 2 November 2026

මහ බැංකු බැඳුම්කර නඩුව ලබන වසරේ ජනවාරි 28 කැඳවීමට නියෝග ...

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසියට අදාළව සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන වසරේ (2027) ජනවාරි මස 28 වනදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (නොවැම්බර් 02) නියෝග කළේය.

ප්‍රියන්ත ලියනගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබීය. වසර හතකට පමණ පසුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙලෙස කැඳවා තිබේ.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රජයට රුපියල් මිලියන 688 ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනුකර ඇත.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීරණය කළේය.

එමෙන්ම, නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන් වෙත ලැබී නොමැති බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන් අතර, ඊළඟ නඩු දිනයට පෙර එම ලේඛන විත්ති පාර්ශ්වයට ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරාට නියෝග කරන ලදී.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස Perpetuality Treasuries සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන, මුතුරාජා සුරේන්ද්‍රන්, චිත්තරංජන් හුළුගල්ල, පී. ගුණවර්ධන සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි යන අය නම් කර සිටිති.