සුන්දරත්වයට මුවාවෙන් එන වසවිෂ පාලනයට අලුත් පනතක්: සුවඳ විලවුන් සහ ආලේපන නියාමනයට මාස 3න් නීති!
අන්තර්ජාලය හා සමාජ මාධ්ය හරහා අලෙවි වන ප්රමිතියෙන් තොර දේශීය හා විදේශීය ආලේපන මෙන්ම විලවුන්වල අධික ලෙස රසදිය අඩංගු වී ඇති බව අනාවරණය වී තිබේ.
LSN Sri Lanka ·

රට තුළ අලෙවි කෙරෙන සුවඳ විලවුන් සහ රූපලාවන්ය ආලේපන නියාමනය කිරීම සඳහාවන නව පනත ඉදිරි මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් ක්රියාත්මක කිරීමට කටයුතු කරන බව සෞඛ්ය සහ ජනමාධ්ය ඇමති වෛද්ය නලීන්ද ජයතිස්ස පවසයි.
</p>
<p>
මේ වන විටත් ඊට අදාළ අවශ්ය නීතිමය ප්රතිපාදන සකස් කරමින් පවතින බවද ඇමතිවරයා අවධාරණය කරයි.
</p>
<p>
අන්තර්ජාලය හා සමාජ මාධ්ය හරහා අලෙවි වන ප්රමිතියෙන් තොර දේශීය හා විදේශීය ආලේපන මෙන්ම විලවුන්වල අධික ලෙස රසදිය අඩංගු වී ඇති බව අනාවරණය වී තිබේ. මෙලෙස ප්රමිතියෙන් තොර නිෂ්පාදන භාවිත කිරීම හේතුවෙන් වකුගඩු රෝග සහ ස්නායු පද්ධතිය ආශ්රිත බරපතල සෞඛ්ය ගැටලු රැසක් මතුව ඇති බවට වාර්තා වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
</p>
<p>
මෙම නව පනත ක්රියාත්මක වීමත් සමග භාවිතයට නුසුදුසු, නීති විරෝධී සහ ප්රමිතියෙන් තොර රූපලාවන්ය නිෂ්පාදන වෙළඳපලට පැමිණීම සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකිවනු ඇතැයිද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.