LSN News › Sri Lanka

ගෑස් හිඟයට විසඳුම් දීමට ලාෆ්ස් ගෑස් සැරසෙයි... නොවැම්බර් මාසයේ දී ගෑස් නැව් 3ක් දිවයිනට!

ගෝලීය සැපයුම් දාම අර්බුද හමුවේ ජාතික ගෑස් සැපයුමේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත් පියවරයන් පැහැදිලි කරමින්, හම්බන්තොට පිහිටි මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවයෙන් යුත් ආනයන හා අපනයන පර්යන්ත පහසුකම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක ආයෝජනයක් සිදු කර ඇති බව ද ලාෆ්ස් ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

LSN Sri Lanka · 3 November 2026

ගෑස් හිඟයට විසඳුම් දීමට ලාෆ්ස් ගෑස් සැරසෙයි... නොවැම්බර් මාසයේ දී ගෑස් නැව් 3ක් දිවයිනට!

ජාතික ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා 2026 නොවැම්බර් මාසය තුළ දී ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් රැගත් නෞකා 3ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) සමාගම නිවේදනය කරයි.

මීට අමතරව, දේශීය වෙළඳපොළ සැපයුම් කටයුතු සඳහා හම්බන්තොට පිහිටි තම ගෑස් පර්යන්තය භාවිත කිරීමට අවශ්‍ය අනුමැතිය බලධාරීන්ගෙන් ලබා ගැනීමට ද සමාගම මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටී.

පවතින සැපයුම් බාධා හේතුවෙන් පාරිභෝගිකයන් මුහුණ දුන් අපහසුතාවයන් පිළිබඳව තම කණගාටුව පළ කරන ලාෆ්ස් ගෑස් සමාගම, හැකි ඉක්මනින් බෙදාහැරීම් කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට කැපවන බව අවධාරණය කරයි.

නොවැම්බර් මාසය සඳහා සැලසුම් කර ඇති ගෑස් නෞකා 3 පැමිණීමට නියමිත කාලසටහන මෙසේය:

OQT (හම්බන්තොට වරාය): නොවැම්බර් 12 – 14

Geogas (කොළඹ වරාය): නොවැම්බර් 15 – 17

OQT (හම්බන්තොට වරාය): නොවැම්බර් 24 – 28