උඩවලව ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ: වලවේ ගඟ දෙපස ජනතාවට විශේෂ අවධානයෙන් පසුවන ලෙස දැනුම්දීමක්!
ඊයේ (07) රාත්රී 8.30 සිට ක්රියාත්මක වන පරිදි උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් අඩිය බැගින් විවෘත කර ඇති බව බලධාරීන් දැනුම් දෙයි. මෙම වාන් දොරටු හරහා වලවේ ගඟට තත්පරයකට ඝන අඩි 6,921ක පමණ ජල ප්රමාණයක් මුදාහැරේ. එය තත්පරයකට ඝන මීටර් 196කට ආසන්න ජල ධාරිතාවකි.
LSN Sri Lanka ·

උඩවලව ජලාශයේ ජල මට්ටම ක්රමයෙන් ඉහළ යාම හේතුවෙන් දැනට විවෘත කර තිබූ වාන් දොරටුවට අමතරව තවත් වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
</p>
<p>
ඒ අනුව ඊයේ (07) රාත්රී 8.30 සිට ක්රියාත්මක වන පරිදි උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් අඩිය බැගින් විවෘත කර ඇති බව බලධාරීන් දැනුම් දෙයි.
</p>
<p>
මෙම වාන් දොරටු හරහා වලවේ ගඟට තත්පරයකට ඝන අඩි 6,921ක පමණ ජල ප්රමාණයක් මුදාහැරේ. එය තත්පරයකට ඝන මීටර් 196කට ආසන්න ජල ධාරිතාවකි.
</p>
<p>
ජල මුදාහැරීම හේතුවෙන් උඩවලව ජලාශයට පහළින් පිහිටි වලවේ ගඟ දෙපස ජීවත් වන ජනතාවට ගඟේ ජල මට්ටම ඉහළ යාම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
</p>
<p>
විශේෂයෙන් ගඟ ආශ්රිත පහත්බිම්වල පදිංචිකරුවන් සහ ගඟ භාවිත කරන පුද්ගලයන් ජල මට්ටමේ සිදුවන වෙනස්වීම් පිළිබඳව දැඩි විමසිලිමත්භාවයෙන් පසුවිය යුතු බවද අවධාරණය කෙරේ.