LSN News › Sri Lanka

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස 3 සඳහා ලබා දෙන රුපියල් බිලියන 41ක ඉන්ධන සහනාධාරය ගැන ජනපති කී කතාව...

ලෝක වෙළඳපොළේ පිරිපහදු කළ ඩීසල් බැරලයක මිල ඩොලර් 80 සිට 170 දක්වා (91%කින්) සහ පෙට්‍රල් මිල ඩොලර් 70 සිට 136 දක්වා (80%කින්) ඉහළ ගියා. කෙටි කාලයක් තුළ විශාල ලෙස ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලට බලපෑමක් සිදුව තිබෙනවා. මෙම සමස්ත බර ජනතාව පිට පටවන්නේ නැතිව, පිරිවැය ජනතාව, සැපයුම්කරුවන් සහ භාණ්ඩාගාරය අතර බෙදා ගැනීමට අපි තීරණය කළා. - ජනාධිපති අනුර කුමාර දිසානායක කියයි!

LSN Sri Lanka · 2 October 2026

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස 3 සඳහා  ලබා දෙන  රුපියල් බිලියන 41ක ඉන්ධන සහනාධාරය ගැන ජනපති කී කතාව...

ලෝක මිල ඉහළ යාම හමුවේ ඔක්තෝබර් 1 වන දා ඩීසල් මිල රුපියල් 80කින් වැඩි විය යුතුව තිබුණත් රජය එය ඉහළ දැමුවේ රුපියල් 10කින් පමණක් බවත්, එක් ලීටරයක් සදහා රුපියල් 70ක වැය බරක් ඉදිරි මාස තුන තුළ රාජ්‍ය භාණ්ඩාගාරය විසින් දරා ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද පැවසුවේය.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඒ අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස 3 සඳහා රුපියල් බිලියන 41ක (රුපියල් කෝටි 4100ක) සහනාධාරයක් භාණ්ඩාගාරයෙන් ඉන්ධන සඳහා වෙන් කර තිබෙන බවය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ ජෙට් A-1 ගුවන් යානා ඉන්ධන නළ මාර්ගයේ සහ මුතුරාජවෙල නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භක අවස්ථාවට එක් වෙමිනි. එහිදී ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ඉතාමත් හොඳ, දියුණු සහ සැලසුම් සහගත න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. එහෙත් අපි අතීතය දෙස ආපසු හැරී බැලුවොත්, බලශක්ති ක්ෂේත්‍රය සහ රාජ්‍ය ආයතන පිළිබඳව ජනතාව තුළ හොඳ විශ්වාසයක් පැවැතුණේ නැහැ. අපේ ආර්ථිකයට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC), ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය කියන ආයතන තුන විශාල බරක් වූ ආයතන බවට පත් වුණා. විශේෂයෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෙස බලන විට, රුපියල් බිලියන 840ක (රුපියල් කෝටි 84,000ක) ණයක් ගොඩගැසී තිබුණා. ඒ ණය ප්‍රමාණය රාජ්‍ය බැංකු පද්ධතියට කොතරම් බලපෑවාද කියනවා නම්, රාජ්‍ය බැංකු පවා දැඩි අවදානම් තත්ත්වයකට යොමු වුණා. ඒ නිසා මේ රාජ්‍ය ආයතන විකුණා දැමිය යුතුයි, පෞද්ගලීකරණය කළ යුතුයි කියන මතයක් සමාජය තුළ ප්‍රබලව ගොඩනැගෙන්න පටන් ගත්තා. තවදුරටත් මේවා රජයට පාලනය කරන්න බැහැ, රජයෙන් අත්හැරිය යුතුයි කියන මතයකට ආවා. අපි එන විටත් ඛනිජ තෙල් සංස්ථාවේ පිරිපහදුව පවා වෙන් කරලා, අත්හැරීමේ ව්‍යාපෘති බවට පත් කරලයි තිබුණේ.

හැබැයි අපි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන, අපේ රටේ බලශක්ති වෙළෙඳපොළ ඉතා කුඩා එකක් වුණත්, රටේ ආර්ථිකයේ සහ සමාජ ජීවිතයේ පැවැත්ම උදෙසා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පංගුවක් රජය සතුව පැවැතිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. හැබැයි ඒ ස්ථාවරය සමාජයට ඒත්තු ගැන්විය හැකි වන්නේත්, රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යයි කියා ජනතාවට තහවුරු කළ හැකි වන්නේත්, එම ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නංවා ජනතාව අපේක්ෂා කරන සේවාවන් නිසි පරිදි ලබා දෙනවා නම් විතරයි. ඒ සඳහා ඉතාමත් හොඳ කාර්යක්ෂමතාවක් ලබා දීම මෙම ආයතනවල වගකීම වෙනවා. වර්තමානයේ අපේ සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය, ඉහළ කළමනාකාරීත්වය සහ පහළ සේවකයින් ඉතාමත් හොඳ කාර්යක්ෂමතාවකින් වැඩ කිරීමට යොමු වී සිටින බව පෙනෙනවා.

අතීතයේදී මේ ආයතන විශාල ලෙස දේශපාලනීකරණය වී තිබුණා. දේශපාලන වේදිකා හැදුවේත්, ආණ්ඩු දිනූ පසු අනිත් අයට පහර දීමට කණ්ඩායම් යැව්වේත් මේ ආයතනවලින්. හැබැයි පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ අපි බලය ලබාගත් පසු, දේශපාලන වුවමනාවන් මත ආයතනයට අලුතෙන් සේවකයින් පුරවන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති වෙනුවෙන් ඉංජිනේරුවන් 4 දෙනෙකු සහ Jet A-1 ඉන්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගුවන්තොටුපොළ සඳහා කොන්ත්‍රාත් පදනමින් සේවකයින් 10දෙනෙකු වැනි අත්‍යවශ්‍ය සේවකයින් කිහිප දෙනෙකු පමණයි බඳවාගෙන තියෙන්නේ. වෙනදා මෙන් අමාත්‍යවරුන්ගේ ආසන මට්ටමින් සේවකයින් පිරවීම අපි සම්පූර්ණයෙන්ම නතර කර, දේශපාලනීකරණයෙන් තොරව විද්‍යාත්මකව මේ ආයතන පවත්වාගෙන යනවා.

අපට අවශ්‍ය වන්නේ බලශක්ති වෙළෙඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වාගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමයි. එම අපේක්ෂාව ඉටු කිරීමේදී පසුගිය වසර දෙකෙහි ශේෂ පත්‍රය දෙස හැරී බැලුවොත් අපි සාර්ථක වී තිබෙනවා.

අපිට මතකයි පෞද්ගලික අංශය ඉන්ධන වෙළඳපොළට කැඳවලා කිව්වා CPC එක තරගයට දාන්න ඕන කියලා. වෙළෙඳපොළේ තරගකරුවන් ඉන්නවා, ඉන්පසුව CPC එකේ කාර්යක්ෂමතාව දියුණු වෙයි කියලා සිතුවා. හැබැයි අද සිදුව තිබෙන්නේ CPC ආයතනය නියම කරන මිලට අනෙක් ආයතනවලට විකුණන්න බැ. පසුගිය කාලයේ අපේ CPC එකට තිබුණේ ඩීසල් වෙළෙඳපොළේ 58%ක පමණ පංගුවක්. හැබැයි පසුගිය මාසයේ CPC ආයතනයේ වෙළෙඳපොළ 74% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇයි ඒ නියම කළ මිලට පෞද්ගලික සැපයුම්කරුවන්ට තරගකිරීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා ඔවුන් ඉන්ධන සැපයුම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර තිබෙනවා. CPC එක ඊට වඩු අඩු මිලට අළෙවිකළද ලාභය වර්ධනය කරගෙන තිබෙනවා. ඒ කියන්නේ CPC ආයතනය වෙළඳපොළේ සාර්ථකම තරගකරුවා බවට පත්වී තිබෙනවා. හැබැයි මීට වඩා හොඳ කාර්යක්ෂම වැඩපිළිවෙළක් හදන්න තිබුණා තෙල් වෙළෙඳපොළ අපේ අතේ විතරක් තිබුණා නම්. වසර අවසානයේ තමයි ලාභ අලාභ ගණනය කිරීම සිදු වන්නේ. අපිට මිල උච්චාවචනය කරගෙන හොඳ සේවාවක් ලබා දෙන්න පුළුවන් හැබැයි දැන් අපිට එය කරන්න හැකියාවක් නැහැ, පෞද්ගලික අංශය සතුව යම් පංගුවක් තිබෙන නිසා.

මේ සියලු අභියෝග මධ්‍යයේ පසුගිය වසරේදී CPC ආයතනය රුපියල් බිලියන 36ක ලාභයක්ද, CPSTL ආයතනය රුපියල් බිලියන 3.5ක ලාභයක්ද ලබා ගත්තා. ඒ වගේම මේ වසරේ මේ වන විට CPC ආයතනය රුපියල් බිලියන 28ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඒ නිසා බැංකු ණය මත දුවපු ආයතන අද සැලකිය යුතු ප්‍රමාණයකින් ධන ගිණුමක් පවත්වාගෙන යාමට සමත් වී තිබෙනවා. ඒ නිසා ආයතන පද්ධතිය ලෙස ගත් විට අපි අපේක්ෂා කරන මට්ටමට වර්ධනය වී තිබෙනවා.

ඊළඟට අපේ ප්‍රධාන අභියෝගය වන්නේ ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමයි. දැනට පවතින ගබඩා ධාරිතාව අනුව අප සතුව ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින 23ත් 25ත් අතර කාලයකට පමණයි. එය රටක බලශක්ති සුරක්ෂිතතාවට අවිනිශ්චිතතාවක් ඇති කළ හැකියි. එම නිසා අවම වශයෙන් දින 45ක (මාස 1.5ක) ගබඩා ධාරිතාවක් පවත්වා ගැනීම සඳහා නළ පද්ධති පුළුල් කිරීම, ගොඩබාන කාලය අඩු කිරීම සහ ඝන මීටර් ලක්ෂයක ටැංකි පද්ධති ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දැනට ඝන මීටර් එක්ලක්ෂ හාරදහසක ටැංකි පද්ධතියක් දැන් අපි ආරම්භ කර තිබෙනවා.

ඊළග ප්‍රධාන දේ වන්නේ මේ බලශක්තිය ජනතාවට අවම මිලකට ලබා දෙන්නේ කොහොමද කියන කාරණයයි. දැන් අභ්‍යන්තරව ඇති වන තත්ත්වයන්ට අපේ ආර්ථිකය ඔරොත්තු දෙනවා. පසුගිය කාලවල භාණ්ඩාගාරය පවත්වාගෙන ගියේ රුපියල් බිලියන 500ත් 700ත් අතර බැංකු අයිරා මතයි. හැබැයි පසුගිය වසර අවසාන වන විට භාණ්ඩාගාර ගිණුමේ රුපියල් ට්‍රිලියන 1.2ක ධන අතිරික්තයක් තබා ගැනීමට අපට හැකි වුණා. වර්තමානයේදීත් රුපියල් බිලියන 500-700ක ධන අතිරික්තයක් පවත්වාගෙන යන නිසා, අභ්‍යන්තර ආර්ථික චලනයන්ට සහ කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව අපට ලැබී තිබෙනවා.

හැබැයි අපට මුහුණ දීමට සිදු වන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ බාහිරව ඇතිවන ආර්ථික කම්පනවලට මුහුණ දෙන්නේ කොහොමද. එය අපිට පාලනය කරන්න බැහැ. එහිදී වැඩිම බලපෑම ඇතිවන ක්ෂේත්‍රය වන්නේ ඉන්ධන සැපයුම් ක්ෂේත්‍රයයි.

පෙබරවාරි 28වෙනිදා මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ විට බලශක්ති ක්ෂේත්‍රය විශාල තර්ජනයකට ලක් වුණා. ජනතාව බිය වී පෝලිම්වලට යන්න පටන් ගත්තා, ජූලි මාසයේ විදුලිය කපන බවට ඇතැමුන් ප්‍රකාශ කළා. එහෙත් CPC සහ CEB ඇතුළු රාජ්‍ය ආයතන දිවා රෑ නොබලා කටයුතු කරමින් අඛණ්ඩව විදුලිය සහ ඉන්ධන සැපයීම තහවුරු කළා. දැන් අපි අඛණ්ඩ බලශක්ති සැපයුම තහවුරු කිරීමේ තර්ජනයෙන් මිදී තිබෙනවා.

දැන් මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ මිලකරණය පිළිබද ප්‍රශ්නයයි. ලෝක වෙළඳපොළේ පිරිපහදු කළ ඩීසල් බැරලයක මිල ඩොලර් 80 සිට 170 දක්වා (91%කින්) සහ පෙට්‍රල් මිල ඩොලර් 70 සිට 136 දක්වා (80%කින්) ඉහළ ගියා. කෙටි කාලයක් තුළ විශාල ලෙස ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලට බලපෑමක් සිදුව තිබෙනවා. මෙම සමස්ත බර ජනතාව පිට පටවන්නේ නැතිව, පිරිවැය ජනතාව, සැපයුම්කරුවන් සහ භාණ්ඩාගාරය අතර බෙදා ගැනීමට අපි තීරණය කළා.

ඒ අනුව අප්‍රේල් සිට මාස 5ක් සඳහා රුපියල් බිලියන 60ක (රුපියල් කෝටි 6000ක) ඉන්ධන සහනාධාරයක් භාණ්ඩාගාරයෙන් ලබා දුන්නා. එහිදී ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ ප්‍රෙටල් ලීටරයකට රුපියල් 20ක බරක් භාණ්ඩාගාරය විසින් දැරුවා.

නැවතත් සැප්තැම්බර් මැද ලෝක මිල ඉහළ යාම හමුවේ ඔක්තෝබර් 1 වන දා ඩීසල් මිල රුපියල් 80කින් වැඩි විය යුතුව තිබුණත්, අපි රුපියල් 10ක් පමණක් වැඩි කර රුපියල් 70ක බරක් භාණ්ඩාගාරයෙන් දරාගත්තා. ඒ අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස 3 සඳහා රුපියල් බිලියන 41ක (රුපියල් කෝටි 4100ක) සහනාධාරයක් භාණ්ඩාගාරයෙන් වෙන් කර තිබෙනවා. මිල ගැළපුම් සූත්‍රයට අනුව පිරිවැයට වඩා අඩුවෙන් විකුණන ලෙස රජය කියනවා නම්, එම වැය බර ආණ්ඩුව දරා ගන්න ඕන. ඒ නිසා CPC සහ CPSTL ආයතන කිසිසේත් තමන්ගේ පිරිවැයට අඩුවෙන් තෙල් වෙළෙඳපොළට දෙන්න එපා. එම පරතරය ආණ්ඩුව දැරිය යුතුයි. අපේ ප්‍රතිපත්තිය එයයි. එහෙත් ඔබේ වගකීම වන්නේ පිරිවැයට අඩුවෙන් කොහොමද දෙන්නේ කියන එක. එහිදී තෙල් සංස්ථාව සමග බැඳුණු තවත් වැදගත් ආර්ථික මෙවලම් ගණනාවක් තිබෙනවා.

නෞකාවලට සහ ගුවන්යානාවලට ඉන්ධන සැපයීමෙන් අප අතිරේක විදේශ විනිමය උපයනවා. මේ වසරේ මේ වන විට ගුවන්යානාවලට ඉන්ධන සැපයීමෙන් පමණක් ඩොලර් මිලියන 384ක් උපයා තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළේ දැනට පවතින මිලියන 11ක මගී ධාරිතාව තවත් මිලියන 10කින් ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන 800ක නව ව්‍යාපෘතියක් නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තියෙනවා. ඒ සඳහා බවුසර් වෙනුවට සෘජු නළ පද්ධතියකින් ඉන්ධන සැපයීමේ ව්‍යාපෘතියට අද මුල්ගල තැබුවා.

අප එකතුව ගන්නා ලද දීර්ඝකාලීන දැක්මක් සහිත සාර්ථක තීන්දු හේතුවෙන්, ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළෙඳපොළක් ගොඩනැගෙමින් පවතිනවා. මේ සඳහා කැපවූ සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරීත්වය සහ සියලුම සේවක මහත්ම මහත්මීන්ට කෘතඥතාව පිරිනමමින් සාර්ථක බලශක්ති වෙළඳපොළක් ගොඩනැගීමට එක්ව කටයුතු කරමු කියා ආරාධනා කරනවා.