දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් කිලෝ 3.67ක් රැගත් විදේශීය යාත්‍රාවක් සමඟ සැකකරුවන් 7ක් නාවික හමුදා භාරයට
අත්අඩංගුවට ගත් විදේශීය සැකකරුවන් හත් දෙනා, අදාළ විදේශීය යාත්‍රාව සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන හා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
LSN Sri Lanka ·

දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ධජ රහිත සැක කටයුතු යාත්‍රාව සමඟ විදේශීය ජාතිකයින් හත් දෙනෙකු (07) අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් කළ පරීක්ෂාවේ දි එම යාත්‍රාවේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් හයසිය හැත්තෑවක් පමණ අත් අඩංගුවට ගැනිමට හැකි වී බව නාවික හමුදාව පවසයි.
</p>
<p>
නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම යාත්‍රාව සිය භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් විදේශීය යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා ඊයේ (2026 නොවැම්බර් 27) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.
</p>
<p>
අනතුරුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය ඇතිව එම විදේශීය යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ඇසුරුම් තුනක් (03) පරීක්ෂාවට ලක් කිරීමේ දි මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී තිබේ.