LSN News › Sri Lanka

කෝටි 3කට වැඩි මූල්‍ය වංචාවකට චෝදනා ලද ව්‍යාපාරිකයෙක් රටින් පිටවීමේ උත්සාහයක් අතර කටුනායක දි සැකපිට අත්අඩංගුවට!

සැකකාර ව්‍යාපාරිකයා විදේශගත වීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පොලිසිය වෙත භාර දී ඇත.

LSN Sri Lanka · 3 September 2026

කෝටි 3කට වැඩි  මූල්‍ය වංචාවකට චෝදනා ලද ව්‍යාපාරිකයෙක් රටින් පිටවීමේ උත්සාහයක් අතර කටුනායක  දි  සැකපිට අත්අඩංගුවට!

රුපියල් මිලියන 36කට අධික මුදලක් විශ්වාසය කඩ කරමින් වංචා කිරීමේ චෝදනාවකට ලක්ව සිටි ව්‍යාපාරිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ව්‍යාපාරිකයා විදේශගත වීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පොලිසිය වෙත භාර දී ඇත.

නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අදාළව රුපියල් 36,025,977ක මුදලක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරිකයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මෙම ගනුදෙනුවේදී සිදුකළ මුදල් ගෙවීම් පැහැර හැරීම මගින් ඔහු විශ්වාසය කඩකිරීමේ වරදක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.