'ඔර්නබ්' සුළි කුණාටුවෙන් පවුල් 3,966කට බලපෑම්: එක් අයෙකු මිය යයි!
ආපදාවට ලක්වූ ප්රදේශවල සහන සැලසීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යුද හමුදාව, නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කර තිබේ. රත්නපුර, කළුතර, මහනුවර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්රික්කයන්හි විශේෂ හමුදා භට කණ්ඩායම් යොදවා ඇත.
LSN Sri Lanka ·

'ඔර්නබ්' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයින පුරා ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (27) උදෑසන 10.00 වනවිට පවුල් 3,966කට අයත් පුද්ගලයින් 14,485 දෙනෙකු බලපෑමට ලක්ව සිටින බව කැබිනට් මාධ්ය ප්රකාශක, ප්රවෘත්ති හා ජනමාධ්ය ඇමති වෛද්ය නලින්ද ජයතිස්ස ප්රකාශ කළේය.
</p>
<p>
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට එක් මරණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. තවද, ප්රදේශ කිහිපයකින් අර්ධ නිවාස හානි 312ක් සහ පූර්ණ නිවාස හානි 02ක් වාර්තා වී ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය.
</p>
<p>
හදිසි ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව උදෙසා ස්ථාපිත කළ මධ්යස්ථාන 13ක පවුල් 191කට අයත් පුද්ගලයින් 584 දෙනෙකු ආරක්ෂිතව රඳවා තබා ගැනීමට පියවර ගෙන ඇත. රත්නපුර, කොළඹ, මන්නාරම සහ නුවරඑළිය යන දිස්ත්රික්කයන්හි මෙම මධ්යස්ථාන පිහිටුවා ඇති අතර, පැල්මඩුල්ල හන්දුරුකන්ද ශ්රී වර්ධනාරාමයේ පුද්ගලයින් 70ක්ද, මන්නාරම මාන්තෙයි බටහිර මධ්යස්ථානයේ 169ක්ද, නුවරඑළිය සිනිසිටා නගර සභා ගොඩනැගිල්ලේ 148ක්ද, රත්නපුර හෙට්ටි කන්ද ග්රාම සේවා වසමේ 24 දෙනෙකුද වශයෙන් එම මධ්යස්ථානවල රැඳී සිටිති.
</p>
<p>
මේ අතර ආපදාවට ලක්වූ ප්රදේශවල සහන සැලසීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යුද හමුදාව, නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කර තිබේ. රත්නපුර, කළුතර, මහනුවර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්රික්කයන්හි විශේෂ හමුදා භට කණ්ඩායම් යොදවා ඇත.
</p>
<p>
ඒ අනුව, රත්නපුර දිස්ත්රික්කයේ සහන මෙහෙයුම් සඳහා මෝටර් බෝට්ටු සහිතව නාවික හමුදා කණ්ඩායම් 3ක්, යුද හමුදා කණ්ඩායම් 3ක් සහ පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබේ. ඊට අමතරව මහනුවර දිස්ත්රික්කයේ නාවික හමුදා භට කණ්ඩායම් 2ක් ද, කොළඹ දිස්ත්රික්කයේ නාවික හමුදා භට කණ්ඩායමක් ද, කෑගල්ල දිස්ත්රික්කයේ නාවික හමුදා භට කණ්ඩායම් 2ක් ද සහන මෙහෙයුම් සඳහා සූදානමින් යොදවා ඇති බව ඇමති නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පැවසීය.