ශිරාන් බාසික්ගේ බොරලැස්ගමුව තෙමහල් නිවස තහනම් කරයි – රු. කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුතු දේපළට CID නියෝගය!
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් නීතිවිරෝධී මුදල් යොදවා ශිරාන් බාසික් විසින් මෙම නිවස මිලදී ගෙන ඇති බවය. මුලින් එය ඔහුගේ පියාගේ නමට මිලදී ගෙන තිබුණ ද, පසුව තෑගි ඔප්පුවක් මගින් ඔහුගේ පළමු බිරිඳගේ දියණිය වෙත පවරා දී ඇති බව හෙළිව තිබේ. ඒ අනුව ඊයේ (13) සිට බලපැවැත්වෙන පරිදි දින 14ක කාලයක් සඳහා අදාළ නිවස සහ ඉඩම විකිණීම හෝ වෙනත් පාර්ශ්වයකට පැවරීම වළක්වමින් තහනම් නියෝගයක් ද නිකුත් කර ඇත.
LSN Sri Lanka ·

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CID) රැඳවුම් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික්ට අයත් බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි නවීන තෙමහල් නිවසක පරිහරණය ක්‍රියාවිරහිත කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම නිවසේ වටිනාකම රුපියල් කෝටි තුනකට ආසන්න වන අතර, එහි හිමිකරුවන්ට හෝ වෙනත් කිසිවකුටත් නිවසට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
</p>
<p>
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් නීතිවිරෝධී මුදල් යොදවා ශිරාන් බාසික් විසින් මෙම නිවස මිලදී ගෙන ඇති බවය. මුලින් එය ඔහුගේ පියාගේ නමට මිලදී ගෙන තිබුණ ද, පසුව තෑගි ඔප්පුවක් මගින් ඔහුගේ පළමු බිරිඳගේ දියණිය වෙත පවරා දී ඇති බව හෙළිව තිබේ. ඒ අනුව ඊයේ (13) සිට බලපැවැත්වෙන පරිදි දින 14ක කාලයක් සඳහා අදාළ නිවස සහ ඉඩම විකිණීම හෝ වෙනත් පාර්ශ්වයකට පැවරීම වළක්වමින් තහනම් නියෝගයක් ද නිකුත් කර ඇත.
</p>
<p>
48 හැවිරිදි ශිරාන් බාසික් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියදී පසුගිය අගෝස්තු 14 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ අතර, එතැන් සිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රැඳවුම් භාරයේ තබා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරනු ලැබේ. මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් අතර සිටින ප්‍රමුඛයෙකු ලෙස ඔහුව හඳුනාගෙන ඇත. කොකේන් ග්‍රෑම් 1,200කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඔහු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව එළඹෙන ජනවාරි 25 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
</p>
<p>
මීට පෙර ද ශිරාන් බාසික්ට අයත් දේපළ කිහිපයක්ම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තහනම් කිරීමට පියවර ගෙන තිබුණි. බොරලැස්ගමුවේ පිහිටි කාය වර්ධන මධ්‍යස්ථානයක්, දඹුල්ල ප්‍රදේශයේ ඉඩම් සහ නිවාස, යක්කල ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් මෙන්ම කොළඹ මුහුදු මාවතේ හෝටල් කිහිපයක් ද ඒ අතර වේ. මීට අමතරව ඔහුගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් ද ගම්පහ ප්‍රදේශයේ රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් නිවසක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
</p>
<p>
2018 වසරේදී ඩුබායි බලා පිටත්ව ගොස් එහි සැඟවී සිටි ශිරාන් බාසික්, ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුවක් යටතේ එරටදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගේ දේශීය හා විදේශීය වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පුළුල් විමර්ශන සිදුකරමින් පවතී.