LSN News › Sri Lanka

කොටුව අධිකරණයේ ඇප නියෝගය කල් දමයි - නාමල් සැප්තැම්බර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්...

අද අධිකරණයේදී ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. එහෙත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇප ඉල්ලීමට අදාළ කරුණු කිහිපයක් පැහැදිලි කරන ලෙස උපදෙස් දී, එම තොරතුරු සැප්තැම්බර් 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය. එදින ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවද අධිකරණය පැවසීය.

LSN Sri Lanka · 23 September 2026

කොටුව අධිකරණයේ ඇප නියෝගය කල් දමයි -  නාමල්  සැප්තැම්බර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට සම්බන්ධ මුදල් විශෝධන චෝදනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කරන විමර්ශනයට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැප්තැම්බර් 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

අද අධිකරණයේදී ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. එහෙත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇප ඉල්ලීමට අදාළ කරුණු කිහිපයක් පැහැදිලි කරන ලෙස උපදෙස් දී, එම තොරතුරු සැප්තැම්බර් 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය. එදින ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවද අධිකරණය පැවසීය.

මන්ත්‍රීවරයා සැප්තැම්බර් 4 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

එක ගනුදෙනුවක්, නඩු දෙකක්

මෙම කටයුත්ත 2013දී ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් එයාර්බස් විශාල බඳ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව වටා ඇති චෝදනා දෙකකින් එකකි.

CIABOC අල්ලස් නඩුව — අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රුපියල් කෝටියක (එවකට ඩොලර් 800,000ක් පමණ) අල්ලසක් ලබාගත් බවට චෝදනා කරමින් සැප්තැම්බර් 4දා අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම වෙත ඉදිරිපත් කෙරිණි. එම නඩුවේ රිමාන්ඩ් කාලය සැප්තැම්බර් 29 දක්වා දී ඇති අතර ඇප නියෝගයද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

CID මුදල් විශෝධන නඩුව — නීතිපති උපදෙස් මත සැකකරුවෙකු ලෙස නම් කර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. චෝදනාව වන්නේ ගනුදෙනුවට සම්බන්ධ ඩොලර් මිලියන 2ක් පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමය. සැප්තැම්බර් 16දා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සැප්තැම්බර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇප නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව නියම කළේය. අද එම නියෝගය කල් දැමීමත් සමඟ රිමාන්ඩ් කාලය සැප්තැම්බර් 30 දක්වා දිගු විය. නඩු දෙකම එකම ගුවන් යානා ගනුදෙනුවට සම්බන්ධ වුවද, වෙන වෙනම අධිකරණ ක්‍රියාමාර්ග යටතේ පවතී.

චෝදනාවේ සාරාංශය

එයාර්බස් සමාගම විසින් යුරෝ 1,454,651.24ක් (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 2ක්) සිංගප්පූරුවේ Standard Chartered බැංකුවේ BIZ Solutions Inc. ගිණුමට බැර කළ බවත්, එයින් ඩොලර් 800,000ක් Sabre Vision Holdings Ltd. හරහා යොමු කර පසුව රුපියල් මිලියන 100ක මුදලක් ලෙස නාමල් රාජපක්ෂ වෙත මුදල් ලෙස ලබාදුන් බවත් චෝදනා කෙරේ.

මෙම මුදල් මාර්ගය ව්‍යාපාරික නිමල් පෙරේරා සහ හිටපු ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධ ගිණුම් හරහා ගිය බව විමර්ශකයෝ පවසති.

නඩුකරුවන් තවදුරටත් පැවසුවේ එයාර්බස් නිලධාරීන් සමඟ ඊමේල් සන්නිවේදන සොයාගත් බවත්, 2013 මාර්තු 23 දිනැති ඊමේල් එකක “ජනාධිපතිගේ පුත්‍රයා” කැබිනට්ටුවට ගනුදෙනුව ඉදිරිපත් කිරීමට පොරොන්දු වූ බවත්ය.

නාමල් රාජපක්ෂගේ පාර්ශ්වය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු නීතිඥයන් කියා සිටියේ නාමල් රාජපක්ෂගේ නම සෘජුව සඳහන් ඊමේල් නොමැති බවත්, චෝදනාව ප්‍රධාන වශයෙන් නිමල් පෙරේරාගේ ප්‍රකාශය මත පදනම් වී ඇති බවත්ය.

ඊළඟ පියවර

සැප්තැම්බර් 29: කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අල්ලස් හෝ දූෂණ විමරශන කොමිෂන් සභාවේ නඩුවේ ඇප නියෝගය.

සැප්තැම්බර් 30: කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ CID නඩුවේ CID පැහැදිලි කිරීම් සහ ඇප නියෝගය.

නාමල් රාජපක්ෂ චෝදනා ප්‍රතික්ෂේපකර ඇත. ඔහු දැනට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටී.