දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ජිරාෆ් සත්වයා වසර 30ක ආයු කාලයක් ගෙවා මියයයි: නව ජිරාෆ් යුගල දෙකක් වසර අවසන් වීමට පෙර මෙරටට !
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වාසය කළ එකම ජිරාෆ් සත්ත්වයා 30 වසරක් ආයු වළඳා මියගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ආර්. සී. රාජපක්ෂ ප්‍රකාශ කළේය.
LSN Sri Lanka ·

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වාසය කළ එකම ජිරාෆ් සත්ත්වයා මියගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ආර්. සී. රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ඊයේ (18) රාත්‍රියේ මියගොස් ඇති මෙම ගැහැණු ජිරාෆ් සත්ත්වයා මියයන විට අවුරුදු තිහක පමණ ආයු කාලයක් සම්පූර්ණ කර සිටියාය. මිය යාමට පෙර මෙම ජිරාෆ් සත්ත්වයා සම්බන්ධයෙන් කිසිදු විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නොතිබූ අතර, සත්ත්වයා වයස්ගතවීමත් සමඟ ඇති වූ ස්වභාවික ශාරීරික තත්ත්වයන් හේතුවෙන් මෙම මරණය සිදු ව ඇති බව නිරීක්ෂණය වී තිබේ. මෙම මරණය පිළිබඳ වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (19) දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.

මියගිය ජිරාෆ් සත්වයාගේ ඉතිහාසය

මියගිය මෙම ගැහැණු ජිරාෆ් සත්වයා 1993 වසරේදී දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිශ්‍රය තුළදීම උපත ලැබූ සත්වයෙකි. ඇගේ මව්පියන් අප්‍රිකාවෙන් මෙරටට ගෙන එන ලද ජිරාෆ් යුවලක් වූ අතර, ශ්‍රී ලංකා සත්වෝද්‍යාන ඉතිහාසයේ දෙහිවල පරිශ්‍රයේදී බිහිවූ සාර්ථක ජිරාෆ් ජනනයන් අතරින් ඇය විශේෂ තැනක් ගත්තාය. වසර ගණනාවක් පුරා දෙහිවල සත්වෝද්‍යානයට පැමිණි දෙස් විදෙස් නැරඹුම්කරුවන්ගේ මෙන්ම කුඩා දරුවන්ගේ නෙත් සිත් ඇදබැඳගත් ප්‍රධාන ආකර්ෂණයක් ලෙසද ඇය පැවැතුණාය.

සාමාන්‍යයෙන් වනගත පරිසරයක ජීවත්වන ජිරාෆ් සත්ත්වයන්ගේ ආයු කාලය වසර 20–25ක් පමණ වන අතර, සත්වෝද්‍යාන පරිසරයකදී ඊට වඩා වැඩි කාලයක් ජීවත් වීමේ හැකියාව පවතී. සත්වෝද්‍යාන පරිසරයක් තුළදී සත්ත්වයන්ට විලෝපිකයන්ගෙන් පූර්ණ ආරක්ෂාව සැලසීම, ඔවුන්ගේ කායික අවශ්‍යතාවලට අනුකූලව පෝෂ්‍යදායී හා සමබර ආහාර වේලක් ලබාදීම, පිරිසිදු හා සුදුසු වාසස්ථාන පවත්වාගෙන යාම මෙන්ම පශු වෛද්‍යවරුන්ගේ නිරන්තර අධීක්ෂණය සහ අවශ්‍ය ප්‍රතිකාර නොඅඩුව ලැබීම හේතුවෙන් මෙම සත්ත්වයාට වසර තිහකට ආසන්න දීර්ඝ ආයු කාලයක් භුක්ති විඳීමට හැකි විය.

මීට පෙර 2023 වසරේ අගභාගයේදී දෙහිවල සත්වෝද්‍යානයේ සිටි අනෙක් අප්‍රිකානු ජිරාෆ් සත්වයාද මියගිය අතර, එතැන් පටන් දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ජිරාෆ් සත්වයා ලෙස වාසය කළේ ඊයේ රාත්‍රියේ මියගිය මෙම සත්වයාය.

නව ජිරාෆ් යුගල දෙකක් මෙරටට:

කෙසේ වෙතත්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් සත්ත්ව සුබසාධනය, ජාන විවිධත්වය පවත්වා ගැනීම සහ සත්ත්ව සංරක්ෂණය උදෙසා ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර සත්ත්ව හුවමාරු වැඩසටහන් යටතේ, මෙම 2026 වසර අවසන් වීමට පෙර නව ජිරාෆ් සතුන් යුගල දෙකක් (සතුන් 04 දෙනෙකු) ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.