කන්ටේනර් 323 විවාදය: දේශපාලන චෝදනා, රේගු නිවේදනය අතර අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුවේ දී හෙළි වූ හැටි!
සියවසකට පෙර දේශපාලනය තවත් මේ සමාජයට වලංගු නැති බව අද පාර්ලිමේන්තුවේ දී පෙනුනේය. සහාසික බොරු අන්ධ විශ්වාසයෙන් අනුගමනය කරන ගොබ්බයන් තවමත් මේ සාමජය තුළ සිටියානම් සමාජ පෙරළියක් සිදුව සියයට 3ක් ජනතා කැමැත්තක් රූපණය කළ දේශපාලන පක්ෂයකට ආණ්ඩු බලය ලැබෙන්නේ නැත. අජිත් පී පෙරේරාලා තේරුම් ගත යුත්තේ ඔවුන් තවමත් කතා කරන ජනතාව මීට දශක කීපයකට පෙර වෙනස් වී ඇති බවය.
LSN Sri Lanka ·

කන්ටේනර් 323 සම්බන්ධව ගොඩනැගුන කරුණු මත පදනම්ව සම්පූර්ණ වෙනස් චිත්‍රයක් මවන්නට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා අද තර්කානුකූලව පාර්ලිමේන්තුව තුළ නිරුවත් වුනේය.

වරාය තුළ පැන නැගුන අධික තදබදය මගහැරවීම සඳහා රජය විසින් පොදුවේ ලබා දුන් නියෝගයක් කන්ටේනර් 323කට නිශ්චිත කර අජිත් පී පෙරේරා ප්රමුඛ විපක්ෂය විසින් ගොඩනැගූ මතවාදය පාර්ලිමේන්තුව තුළ යළි ඉදිරිපත් කරන්නට ගොස් අජිත් පී පෙරේරා මුලුමනින්ම අනාවරණය වූයේය.

වරායේ බහාලුම් තදබදය ඉවත් කිරීමේ ක්‍රියාවලිය අතරතුර රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කළ බව කියන සිදුවීම, පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දැඩි දේශපාලන කතිකාවක් නිර්මාණය කළ කතාවකි. 2025 ජනවාරි මාසයේ සිදු වූ මෙම ක්‍රියාවලිය අදත් අයවැය විවාදයේදී අජිත් පී පෙරේරා විසින් මතුකරගනු ලැබුවේය.

විපක්ෂයේ චෝදනාව සහ සාක්ෂි කැඳවීමේ ඉල්ලීම

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ, අවදානම් කාණ්ඩවලට වර්ග කර තිබූ බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව මුදාහැර ඇති බවත්, ඒ සඳහා ජනාධිපතිවරයා සහ වරාය විෂය භාර අමාත්‍යවරුන්ගේ උපදෙස් බලපා ඇති බවත්ය.

මෙම චෝදනාව තහවුරු කිරීම සඳහා ඔහු පදනම් කර ගත්තේ 2025 ජනවාරි 29 දින රේගු අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි. පරීක්ෂණවලදී 'X' ලෙස ලකුණු කර ඇති එම නිවේදනය මගින්, රේගු අධ්යක්ෂ ජනරාල්වරයා දේශපාලන බලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියා කළ බව ප්‍රකාශ කර ඇතැයි අජිත් පී. පෙරේරා කීවේය. එබැවින් මුදල් අමාත්‍යවරයා, වරාය අමාත්‍යවරයා, වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැඳවිය යුතු බවට තමන් නිර්දේශ කළ බව මන්ත්‍රීවරයා පැවසුවේය.

ඉන් අනතුරුව මන්ත්‍රීවරයා ඉදිරිපත් කළේ තවත් භයානක චෝදනාවකි. ඔහු කීවේ 2026 අප්‍රේල් 22 දින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තමන් ඉදිරිපත් කළ සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවය. ජූලි 22 දිනෙන් පසු කාරක සභාව රැස් නොවී වාර්තාව ප්‍රමාද වීම සම්බන්ධයෙන්ද ඔහු විවේචන එල්ල කළේය.

ආණ්ඩු පක්ෂයේ ස්ථාවරය සහ අභියෝගය

කමිටුවේ සභාපති අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මේ අවස්ථාවේ දී නැගී සිටියේය. ඔහු කීවේ අජිත් පී පෙරේරා කමිටුව තුළ කරන්නට ගිය ප්‍රාථමික දේශපාලනය කමිටුව විසින් ප්‍රතික්ෂේප කළ බවය. මේ වනවිට සියලුම සාක්ෂි ලබාගෙන නිම කිරීමෙන් පසු අවසන් කෙටුම්පත යතුරුලියනය කරමින් පවතින බවත් එය නොමාතිව යළිත් කමිටුව රැස් වී ප්‍රයෝජනයක් නැති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය. දෙසැම්බර් 22 දිනට පෙර කාරක සභා වාර්තාව ඉදිරිපත් කරන බව ඔහු කීවේය.

මේ අතර විපක්ෂයේ මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් වරාය අමාත්‍ය බිමල් රත්නායක සංවාදය නිශ්චිත කරුණක් වෙත යොමු කළේය. වරායේ බහාලුම් තදබදය ඉවත් කිරීම සඳහා පොදු උපදෙස් දීම විෂය භාර අමාත්‍යවරයෙකුගේ වගකීමක් බවත්, තමන් එවැනි උපදෙස් දුන් බව ප්‍රතික්ෂේප නොකරන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, විවාදයට ලක්ව ඇති නිශ්චිත බහාලුම් 323 නිදහස් කරන්නැයි ජනාධිපතිවරයා, තමන් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා රේගුවට නියෝග කළ බව දැක්වෙන ලේඛනයක් ඇත්නම් එය සභාවට ඉදිරිපත් කරන ලෙස බිමල් රත්නායක අභියෝග කළේය. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිද ඉල්ලා සිටියේ, අදාළ මාධ්‍ය නිවේදනය පිළිබඳ අර්ථකථන ඉදිරිපත් කිරීම වෙනුවට එම නිවේදනය සභාවට කියවන ලෙසය.

සභාවට කියවූ නිවේදනයේ අන්තර්ගතය හෙළි කළ කරුණු

ආණ්ඩු පක්ෂයේ අභියෝගය මත අජිත් පී. පෙරේරාට 2025 ජනවාරි 29 රේගු නිවේදනය සභාවට කියවන්නට සිදුවන්නේ ඉන් පසුවය. ඒ සමඟ විවාදයේ ස්වභාවය තීරණාත්මක අදියරකට පැමිණියේය. එම නිවේදනයේ සඳහන් වූ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය:

• ක්‍රමවේදයේ ආරම්භය: වරාය තදබදය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා කර්මාන්ත අමුද්‍රව්‍ය නිෂ්කාශනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා, අවදානම දරාගත හැකි බහාලුම් තෝරා නිදහස් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කර ඇත්තේ 2024 ජූලි 18 දින සිටය. ඒ රේගු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ අනුමැතිය සහ අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්වරයෙකුගේ අධීක්ෂණය යටතේය.

• තෝරාගැනීමේ නිර්ණායක: භාණ්ඩ හඳුනාගැනීමට සම්පූර්ණ විස්තර ඉදිරිපත් කර තිබීම සහ ආනයනකරුවන් කිහිපදෙනෙකුගේ භාණ්ඩ එකම බහාලුමක අඩංගු නොවීම වැනි නිර්ණායක මත පදනම්ව පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඒකකයක් මගින් මෙම බහාලුම් තෝරාගෙන ඇත.

• දේශපාලන බලධාරීන්ගේ මැදිහත්වීම: 2025 ජනවාරි 12 දින ජනාධිපතිවරයා සහ කමිටු සභාපති බිමල් රත්නායක උපදෙස් දී ඇත්තේ බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසය. ඉන් අනතුරුව ජනවාරි 18 දින රැස් වූ කමිටුව විසින් "අදාළ නිර්ණායකයන්ට අනුව අදාළ බහාලුම් සංඛ්‍යාව නිදහස් කර" තිබේ.

විවාදයේ සමස්ත චිත්‍රය

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දුන් පරිදි, 2024 වසරේ පැවති රජය සමයේ ආරම්භ වූ රේගු ක්‍රමවේදයට අනුව නිෂ්කාශනය කඩිනම් කිරීමට වත්මන් පාලනය උපදෙස් දී ඇති බව එම නිවේදනයෙන් පැහැදිලි වේ.

අජිත් පී. පෙරේරා එම උපදෙස් රේගු කාර්ය පටිපාටියට පටහැනි බවට සිය ස්ථාවරය තවදුරටත් පවත්වාගෙන ගියද, ඔහු විසින්ම සභාවට කියවූ නිල ලේඛනය තුළ මතභේදයට තුඩු දුන් බහාලුම් 323 නිශ්චිතවම පරීක්ෂාවකින් තොරව මුදාහරින ලෙස ජනාධිපතිවරයා හෝ අමාත්‍යවරුන් දුන් වෙනම නියෝගයක් පිළිබඳ සඳහනක් නැත.

ඒ අනුව, පරිපාලන ක්‍රියාවලියක් කඩිනම් කිරීමට දුන් පොදු උපදෙස් සහ නිශ්චිත බහාලුම් තොගයක් නිදහස් කිරීමට දුන් නියෝගයක් යන කරුණු දෙක අතර පවතින පරතරය මෙම පාර්ලිමේන්තු සංවාදයේදී අනාවරණය වූයේය.

තමන් ගොඩනැගූ බොරුව තුළ අජිත් පී පෙරේරා කරවටක් ගිලී ගියේය. දේශපාලනයේ ස්වරූපය මේ තරම් අශිෂ්ඨය. අජිත් පී පෙරේරා ගොබ්බයෙක් නොවේ. ඔහු මේ සියල්ලේ යථාව මනාකොට දන්නේය. ඒ යථාවදැනගෙන සාහසික බොරුවක් සමාජගත කර විකෘති මතයක් සමාජය තුළ අත හරින්නේය.

සියවසකට පෙර දේශපාලනය තවත් මේ සමාජයට වලංගු නැති බව අද පාර්ලිමේන්තුවේ දී පෙනුනේය. සහාසික බොරු අන්ධ විශ්වාසයෙන් අනුගමනය කරන ගොබ්බයන් තවමත් මේ සාමජය තුළ සිටියානම් සමාජ පෙරළියක් සිදුව සියයට 3ක් ජනතා කැමැත්තක් රූපණය කළ දේශපාලන පක්ෂයකට ආණ්ඩු බලය ලැබෙන්නේ නැත. අජිත් පී පෙරේරාලා තේරුම් ගත යුත්තේ ඔවුන් තවමත් කතා කරන ජනතාව මීට දශක කීපයකට පෙර වෙනස් වී ඇති බවය.

දැන් අජිත් පී පෙරේරා ඇතුළු කණ්ඩායම කළ යුත්තේ ඒ ජනතාවට අනුරූපීව ස්වකීය දේශපාලනය වෙනස් කරගැනීමය.