Sport · Sri Lanka Bureau
ලකුණු 325ක් ලබා ගැනීමෙන් පසු....
LSN Sri Lanka ·

ලාහෝර් ගඩාෆි ක්රීඩාංගනයේ ලකුණු 325ක් තරගයක් ආවරණය කරගැනීමට හැකි ඉලක්කයක් බව සැබෑය. අප ලකුණු 325ක් ලබාගෙනය. එහෙත් කණ්ඩායම ලකුණු 325කට සීමා වන්නේ ලකුණු 360ට ආසන්න ඉලක්කයක් දකිමින් තිබියදීය. .

අප කඩුළු 02කට ලකුණු 255ක් ලබා සිටියේය. වැයවි තිබුණේ ඕවර 41.1ක් පමණි. අනතුරුව කඩුළු 06ක් බිඳවැටෙන්නේ ලකුණු 52ක් තුළ දීය. දසුන් ශානක, පවන් රත්නායක ඉවසා සිටිය යුතු මොහොතේ නොඉවසිලිමත් පහර එල්ල කර දැවි ගියහ. දුනිත් වෙල්ලාගේමෙන්ම සහන් ආරච්චිගේත් දැවී යන්නේ ළාමක පහරවල්වල අතරමං වෙමිනි.

කෙසේ වෙතත් ලකුණු 325ක් ලබාගෙන ලකුණු 326ක ජයග්රාහී ඉලක්කයක් පකිස්ථාන කණ්ඩායමට ශ්රි ලංකා ක්රීඩකයෝ ලබා දුන්හ.

ශ්රී ලංකා කණ්ඩායමේ මුල් කඩුල්ල බිඳී යන්නේ ලකුණු 87 දී ය. අවිශ්ක ප්රනාන්දු 18 වැනි ඕවරයේ 02නි පන්දුවේ දී සලමන් අගාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරිමේ වරදට හසුව දැවී යන්නේය.

අනතුරුව පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් දැවී යන්නේ ලකුණු 08කට ය. ඔහු සල්මන් ආගාගේ පන්දුවකට ඔහුටම උඩපන්දුවක් දී දැවී යන්නේය. දෙවැනි කඩුල්ල බිඳී යනවිට මුලු ලකුණු සංඛ්යාව ලකුණු 109කි.

එතැන් සිට තුන්වැනි කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ පවන් රත්නායක ගොඩනගන්නේ අති විශිෂ්ට සබඳතාවයකි. තරගයේ පාලනය මුලුමනින්ම මේ පිතිකරුවන් දෙදෙනා විසින් තමන් වෙත ලබා ගෙන තිබිණි.

22 වැනි ඕවරයේ 3 වැනි පන්දුවේ සිට පන්දු ඕවර 20කට ආසන්න ප්රමණයක් ක්රීඩා කරමින් කමිඳු සහ පවන් දෙදෙනා ලකුණු 146ක සබඳතාවයක් ගොඩනැගූහ.

42 වැනි ඕවරයේ 3වැනි පන්දුවේ දී කමිඳු දැවී යනවිට මුළු ලකුණු සංඛ්යාව ලකුණු 255කි. කමිඳු මේ ඉනිම වර්ණවත් කළ ක්රීඩකයා ය. ඔහු පන්දු 128ක් තුළ ලකුණු 131ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 12ක් සහ හයේ පහර 02ක් සමගිනි.

ඔහුට විශිෂ්ට සහායක් ලබා දුන් පවන් රත්නායක පන්දු 65ක දි ලකුණු 77ක් රැස් කළේය. ඒ හතරේ පහර 12ක් සමගිනි. එහෙත් කමිඳු දැවී ගිය පසු ඉනිම ඇදගෙන යෑමේ වගකීම පවන් අතහැරියේය. ජනිත් ලියනගේත් ඉන් පසු එම වගකීම ගත්තේ නැත. ලකුණු 52ක් තුළ කඩුළු 06ක් බිඳී යන්නේ ඒ අත්හැරීම් නිසාය. ශ්රී ලංකා කණ්ඩායම මොනතරම් ඉහළ ප්රභාවක් පෑවත් අහඹු අපගමනයක් නොවුවහොත් කණ්ඩායමේ අප දකින සාමාන්ය ස්වරූපය මෙයය.

කෙසේ වෙතත් අවසන් කඩුල්ල වෙනුවෙන් අසිත ප්රනාන්දු සහ මහීෂ් තීක්ෂන ලකුණු 18ක නොදැවුන සබඳතාවයක් ගොඩනැගූහ.

පන්දු යැවීමේ දී ශහීන් ෂා ඇෆ්රිඩි ලකුණු 50කට කඩුළු 02ක්, නසීම් ෂා ලකුණු 80කට කඩුළු 02ක්, සල්මන් ආගා ලකුණු 44ට කඩුළු 02ක් සහ හැරිස් රවුෆ් ලකුණු 60කට කඩුළු දෙකක් ලැබූහ.

දැන් පකිස්ථානයට ලකුණු 326ක ජයග්රාහී ඉලක්කයක් තිබේ. පකිස්ථාන පිතිකරණ බලඇණියට එය ලබා ගත හැකි අභියෝගයක් ලෙස පවතී.

එහෙත් පසුගිය තරගයේ දී ශ්රි ලංකා ක්රීඩකයින්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ පකිස්ථානය සුන් වී ගිය අයුරු දුටුවෙමු. එමෙන්ම ලාහොර්හි ගඩාෆි ක්රීඩාංගනය පකිස්ථානයට වඩා ශ්රී ලංකාවට වාසනාව ගෙනා ක්රීඩාංගනයකි.

ඉදිරි පැය කීපය තුන තුළ තරගයේ තීන්දුව ලැබෙන්නට පෙර තබන සටහනක් ලෙස අප ගොනු කරන්නේ අපේ බලාපොරොත්තුවය. මේ පරාජයන්ගේ කෙළවරක් සහිත වර්ණවත් අවසානයක් අපට ජාතියක් ලෙස අවශ්යය ය. ජයග්රහණයේ රිද්මය යාවත්කාලීන කරගැනීමේ අවස්ථාව මෙපමණ කදිම ලෙස ශ්රී ලංකා කණ්ඩායමට පසුගිය කාලය පුරාම ලැබුණේ නැත. අප අපේක්ෂා සහිතවය.