LSN News › Sri Lanka

Business · Sri Lanka Bureau

ඩොලර් මිලියන 330ක අටවැනි වාරිකය සම්බන්ධව කෙරෙන 07වන සමාලෝචනය සඳහා IMF නියෝජිතයෝ සැප්තැම්බර් මැදදී ශ්‍රී ලංකාවට!

විස්තීරණ ණය පහසුකම (Extended Fund Facility – EFF) යටතේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනේ මීළඟ සමාලෝචනය සඳහා IMF නියෝජිතයින් ලබන මස මැද (සැප්තැම්බර් මැද) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

LSN Sri Lanka · 27 August 2026

ඩොලර් මිලියන 330ක අටවැනි වාරිකය සම්බන්ධව කෙරෙන 07වන සමාලෝචනය සඳහා  IMF නියෝජිතයෝ සැප්තැම්බර් මැදදී ශ්‍රී ලංකාවට!

විස්තීරණ ණය පහසුකම (Extended Fund Facility – EFF) යටතේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනේ මීළඟ සමාලෝචනය සඳහා IMF නියෝජිතයින් ලබන මස මැද (සැප්තැම්බර් මැද) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සහ අදාළ නිල මූලාශ්‍ර මගින් තහවුරු වී තිබේ.

මෙම සංචාරයේදී ඔවුන් හත්වන සමාලෝචනය සිදු කරන අතර, අටවැනි ණය වාරිකය මුදාහැරීම පිළිබඳව සලකා බැලීමට නියමිතය. සමාලෝචනය සාර්ථකව අවසන් වුවහොත් ඇමරිකානු ඩොලර් මිලියන 330ක පමණ වාරිකයක් නිකුත් වනු ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය වාරික සහ වැඩසටහනේ වත්මන් තත්ත්වය

2023 මාර්තු 20 වැනිදා IMF විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලද මාස 48ක EFF වැඩසටහනේ මුළු වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3කි (SDR බිලියන 2.286).

පසුගිය මැයි 27-28 දිනවල IMF විධායක මණ්ඩලය විසින් පස්වන සහ හයවන සමාලෝචන එකට අවසන් කරන ලදී. එහිදී SDR මිලියන 508ක් (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 695ක්) මුදාහැරිණි. මෙය හයවන සහ හත්වන වාරික ලෙස සැලකේ. එම මුදල් ජූනි මස මුලදී භාණ්ඩාගාරයට බැර විය. ඒ සමගින් වැඩසටහන යටතේ මෙතෙක් මුදාහැර ඇති මුළු මුදල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.4කට ළඟා වී තිබේ.

මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේ මෙම වාරික ලැබීම විදේශ සංචිත ශක්තිමත් කිරීමටත්, රුපියලේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් උපකාරී වන බවයි.

හත්වන සමාලෝචනයේ වැදගත්කම

2026 ජූනි 24 සිට 30 දක්වා කොළඹට පැමිණි IMF කාර්ය මණ්ඩල මෙහෙයුම් ප්‍රධානී එවන් පැපගියෝර්ගියු (Evan Papageorgiou) ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම පැවසුවේ වැඩසටහනේ ප්‍රගතිය නිල වශයෙන් තක්සේරු කිරීම හත්වන සමාලෝචනයේදී සිදුවන බවත්, එම මෙහෙයුම “සරත් කාලයේදී” (fall) පැවැත්වෙන බවත්ය. දේශීය වාර්තා සහ මුදල් අමාත්‍යාංශයේ තොරතුරු අනුව එය සැප්තැම්බර් මාසයේදී සිදුවීමට නියමිතය.

හත්වන සමාලෝචනයෙන් පසු අටවැනි වාරිකය (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 330) මුදාහැරීම සලකා බලනු ඇත. වැඩසටහනේ අටවැනි සමාලෝචනය 2027 මාර්තු පමණ වන විට බලාපොරොත්තු වන අතර, සමස්ත වැඩසටහන 2027 දෙවන භාගයේදී අවසන් වීමට නියමිතය.

ආර්ථික පසුබිම සහ ඉදිරි අභියෝග

IMF විසින් මැයි මාසයේදී ප්‍රකාශයට පත් කළ වාර්තාවට අනුව, මැදපෙරදිග ගැටුම සහ මීට පෙර සිදුවූ ඩිට්වා සුළි කුණාටුවේ බලපෑම නිසා 2026 වසරේ වර්ධනය සියයට 3ක් පමණ දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්ධන මිල ඉහළ යාමත් සමග මැයි මාසයේදී උද්ධමනය සියයට 5.5 දක්වා ඉහළ ගියේය.

රජය විසින් තාවකාලික සහන පැකේජයක් (ඉන්ධන, විදුලිය, පොහොර සහ අස්වැසුම සහන) රුපියල් බිලියන 100ක සීමාවකට යටත්ව ක්‍රියාත්මක කර ඇති අතර, එය 2026 සැප්තැම්බර් අවසානය වන විට හෝ සීමාවට ළඟා වූ විට අවසන් විය යුතුය. 2027 වසරේදී ප්‍රාථමික අයවැය අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 2.3ක් දක්වා නැවත ගෙන ඒමට රජය කැපවී සිටී.

IMF කාර්ය මණ්ඩලය අවධාරණය කරන්නේ බදු පද්ධතියේ කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය වැඩිදියුණු කිරීම, වෙළෙඳ ලිබරල්කරණය, ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ සහ ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැගීම වැනි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය බවයි.

හත්වන සමාලෝචනය මගින් මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය, ණය තිරසාරත්වය පිළිබඳ ඉලක්ක සහ මූල්‍ය විනය පිළිබඳව තක්සේරුවක් සිදුවනු ඇත. එහි ප්‍රතිඵලය අනුව ඉදිරි වාරිකය මුදාහැරීම තීරණය වේ.

මෙම වැඩසටහන යටතේ මෙතෙක් ලැබුණු අරමුදල් විදේශ සංචිත ගොඩනැගීමට සහ බාහිර කම්පනවලට මුහුණ දීමට උපකාරී වී ඇති නමුත්, වැඩසටහන අවසන් වීමෙන් පසුවත් ණය තිරසාරත්වය සහ වර්ධනය පවත්වා ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව IMF වාර්තා පෙන්වා දෙයි.